නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු තුනම කාන්තාවන්ට

අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කමලිනීද සිල්වා මහත්මිය පත්වීමත් සමග නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු ත්‍රිත්වයම කාන්තාවන්ගෙන් නියෝජනය වෙයි.
අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ කමලිනීද සිල්වා මහත්මිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍යංශ ලේකම් ධූරයට මේ මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.


1977 වසරේ නීතිඥවරියක ලෙස පත්ව ඇති කමලිනීද සිල්වා 1984 වසරේදී අධිකරණ අමාත්‍යංශයේ සහකාර ලේකම්වරියක ලෙස සේවයට එක්ව ඇති ඇය කොළඹ විශාඛා විද්‍යාලයේ ආදි සිසුවියකි.
නව ලේකම්වරිය,ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය සැකසීම,ක්‍රියාත්මක කිරීම,ළමා හා කාන්තා අයිතිවාසිකම්,සමථකරණය,නීති ආධාර සේවා ලබාදීම පිළිබඳව කටයුතු කර ඇති බව සඳහන් වේ.
එසේම ඇය හිටපු නීතිපතිවරයකු මෙන්ම උගත් පාඩම් හා ප්‍රතිසන්ධානය සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී.ආර්ද සිල්වා මහතාගේ බිරිඳයි.

Posted by Ravaya on 5:01 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "නීති ක්ෂේත්‍රයේ ප්‍රධාන තනතුරු තුනම කාන්තාවන්ට"

Leave a reply