දේශපාලන හයිකාරකම සහ ඉවසා වදාරා සිටීම

ලාංකේය සිනමාවට වසර 65ක් සම්පූර්ණ වූයේ පසුගිය 26වනදාය. මේ උත්සාහය 65වසරක සිනමා ඉතිහාසය පිළිබද විවරණයක හෝ විචාරයක යෙදීමට නොව 65වසරක සිනමාවේ පෙර නොවූ විරූ දේ ආශ්චර්යයන් සිදුවන බලරග පිළිබද සටහනක් තැබීමටය.

සිංහල සිනමාවට වසර 65 පිරීම නිමිතිකොට ගෙන මහාචාර්ය සුනිල් ආරියරත්න ගේ  කුස - පබා  මෙම මස 26වන දා සිට මෙරට සිනමා ශාලා 50ක ප‍්‍රදර්ශණය කිරීම ඇරඹුණි. කුස - පබා මාධ්‍ය දැක්මේදී ආචාර්ය සෝමරත්න දිසානායක විසින් මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියේ සුනිල් ආරියරත්නගේ කුස - පබා සිහිනයත් තිබුනත් එය සැබෑවූයේ සියලූම නිර්මාණකරුවන්ගේ මැදිහත්වීමෙන් බවයි. මේ නිසාමද ඇතැම් මාධ්‍ය තුළ කුස පබාගේ පියා කව්දැයි පවා අසා තිබිණ. කෙසේවුවද තවද ආචාර්ය සෝමරත්න දිසානායක ට අනුව මෙය ලෝක වාර්ථාවක් සහිත සිනමා නිර්මාණයකි. මන්ද යත් මෙය මෙරට වෙසෙන බහුතරයක් ප‍්‍රවීණ සිනමා ශිල්පීන්ගෙන් සැදුම් ලත් සිනමා කරුවන්ගේ සංසදයක සාමුහික ව්‍යායාමයක් වන බැවිනි. මෙම සිනමා සංසදයේ සභාපති ආචාර්ය සෝමරත්න දිසානායකය. ලේකම් රේණුකා බාලසූරියයි. සම ලේකම් ප‍්‍රසන්න විතානගේයි. එමෙන්ම මෙම සිනමා නිර්මාණයේ  නිෂ්පාදන කළමණාකාරිණිය මෙන්ම සම නිෂ්පාදක යන ප‍්‍රධාන භූමිකාවන් දෙකම දරන්නේ රේණුකා බාලසූරිය යි. සිනමා සංසදයේ සෙසු සාමාජිකයන් අතර උදයකාන්ත වර්ණසූරිය, සුනිල්. ටී. ප‍්‍රනාන්දු, එච්.ඞී පේමසිරි, මහචාර්ය සුනිල් ආරියරත්න, ප‍්‍රසන්න විතානගේ ඇතුථ සිනමාවට සම්බන්ධ බොහෝ පිරිසක් වෙති. කුස පබා  සදහා මේ සියථම සාමාජික සාමාජිකාවක් මුදල් යොදවා තිබීම විශේෂත්වයකි.

සුනිල් ටී ප‍්‍රනාන්දුගේ යෝජනාවක් අනුව මෙලෙස සාමුහික සිනමා නිර්මාණයක කටයුතු ආරම්භ වූ අතර මෙම සංසදය ආරම්භයේදී ඇතැම් පිරිසකට එකල ජාතික චිත‍්‍රපට සංස්ථා සභාපතිව සිටි ජයන්ත ධර්මදාස මහතා එළවා ගැනීමේ උවමනාව ඇතිව තිබුණද කිහිප දෙනෙකුගේ බලවත් විරෝධය හමුවේ එම අදහස පසෙකට විසිවී මෙම සාමුහික නිෂ්පාදනය පිළිබද අදහසට පැමිණ තිබිණ. ඒ අනුව මුල් වටයේ අධ්‍යක්‍ෂණය සදහා උයදකාන්ත සහ සෝමරත්න දිසානායක යෝජනා වුවත් සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය විසින් මහාචාර්ය සුනිල් ආරියරත්න ට එම අවස්තාව ලබා දී තිබේ. මේ අනුව ලක්‍ෂ 850 ට ආසන්න මුදලක් වැයකොට නිෂ්පාදනය කළ කුස පබා මේ වනවිට සිනමා ශාලා 50ක ප‍්‍රදර්ශණය වෙමින් පවතී.
මෙලෙස සිනමා නිර්මාණයක් නිෂ්පාදනය කළ විගස පැයක්. දිනක් හෝ ප‍්‍රමාද වීමකින් තොරව සිනමා වේ 65 වසරක සිනමාව සැමරීම වශයෙන් යැයි පවසා සිනමා නිර්මාණයක් ප‍්‍රදර්ශණය කළ හැකිද? එසේනම් මේ වනවිට නිෂ්පාදනය කොට වැඩ හමාර කර රැගුම්පාලක මන්ඩලයේද අනුමැතිය ලද සිනමා නිර්මාණවලට එලෙස සිනමාව සමරන්නට නොහැකි වන්නේ මන්ද?

සුනිල් ටී ප‍්‍රනාන්දු විසින් නිර්මාණය කරණ ලද සිනමා නිර්මාණයක් සහ උදයකාන්තගේ සිනමා නිර්මාණයක් පෝළිමේ තිබියදී රේණුකා බාලසූරියගේ සම නිෂ්පාදනයෙන් යුත් මහාචාර්ය සුනිල් ආරියරත්නගේ සිනමා නිර්මාණය පෝළිමෙන් පනින්නේ කෙසේද? කුස පබා හි මුදල් යොදවා ඇති උදයකාන්ත සහ සුනිල් ටී තමාට වූ අසාධාරණයට කට පූට්ටුකරගෙන සිටින්නේ ඔවුන් මෙම සිනමා නිර්මාණයේ කොටස්කරුවන් නිසා විය හැකිය. ඔවුන්ට ද මෙම මොහොතේ තමාගේ නිර්මාණය පසෙකට විසිකොට හෝ සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් මේ මස 26 වන දිනට කුස  පබා පෙන්වා ගන්න ලැබීම ඔවුන් විසින් සිනමාව වෙනුවෙන් කරණ ලද මහා කැපකිරීමකි. පරිත්‍යාගයකි. ඔවුන් එය එසේ සිතනවා වන්නට ඇත.

එමෙන්ම  ආචාර්ය සෝමරත්න දිසානායක සහ රේනුකා බාලසූරිය සිංහල සිනමාවේ 65වසරක් සමරන්නට පෝළිමෙන් පිට පණින විට බූඞී කීර්තිසේන රණවිරුවන් වෙනුවෙන් මාතා සමග පෝළිමෙන් පිට පැණ ඇත. ඔහුද මාතා පෝළිමේ නොසිට ආරක්‍ෂක අමාත්‍යවරයගේ මැදිහත් කමෙන් සිනමා ශාලා 30 ඔහුගේ මාතා ප‍්‍රදර්ශණය ආරම් කොට ඇත. 2012 සිනමාවේ වසන්ත කාලයයි. ඒ විවධ හේතු මත පෝළිමෙන් පිට පැණ අනෙක් නිෂ්පාදකවරුන්ගේ බඩට ගැසීමේ පශ්වනක් ප‍්‍රිතියයි.

වසර 65ක සිනමා ඉතිහාසයේ මුලින්ම පෝළිමෙන් පිට පණින්නට උත්සාහ කරණු ලැබූයේ ටිරෝන් මයිකල් ප‍්‍රනාන්දු අමාත්‍යවරයාගේ වීරපුරන් අප්පු පෙන්වා ගන්නට යාමෙනි. එදා එලෙස දේශපාලන බලය බාවිතා කොට පෝලිමෙන් පණින විට මෙරට සිනමාවේ උන්නතිය වෙනුවෙන්  ඊට විරුද්ධව යසපාලිත ,පතී වසන්ත ඔබේසේකර , සහ තවත් අය හඩ නැගූහ. අද එලෙස හඩ නගන්නට මෙරට සිනමා වේ නිර්මාණකරුවන් නැතුවා සේය. ඔවුන් තැන් තැන්වල ඔහේ පාවී පාවී සිටින අතර තවත් අය ප‍්‍රසිද්දියේ මීට විරුද්ධවන්නට නොහැකිව කරබා සිටිති. ජාතික චිත‍්‍රපට සංස්ථාව මේ අසාධාරණය වෙනුවෙන් කිසිදු ක‍්‍රියා මාර්ගයක් ගෙන නැත. සංස්ථාවට නෛතික බලයක් නැතිවන්නට පුථවන.එදා පෝළිමෙන් පනින්ට ගොස් 5වන ප‍්‍රදර්ශණ මන්ඩලය ආර්ම්භවූයේ එම අවස්තාවේ සමස්ථ බලතල ජාතික චිත‍්‍රපට සංස්ථාවට තිබූ බැවිණි. මෙම රජය පත් වී වසර 08 කි. ජනාධිපතිවරයාට චිත‍්‍රපට සම්බන්ධව උපදෙස් දෙන්නට උපදේශක වරයෙක් ද සිටිති. එමෙන්ම සිනමාවේ උන්නතිය වෙනුවෙන් සංගම් පවා හැදූ සිනමාවේ නිළි රැජින මෙන්ම ගීතා කුමාරසිංහ වැනි අසාධාරණයට කෑ ගසන සිනමාවේදිනියෝද මේ රජයේ ප‍්‍රභල ක‍්‍රියාකාරිණියන්ය. එහෙත් ඔවුන් මේ සිනමාවේ සිදුවන කිසිදු අසාධාරණයන් වෙනුවෙන් කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙනඑන්නට ක‍්‍රියාකර නැතුවාක් මෙන්ම වර්තමානයේ සිනමාවේ උන්නතිය වෙනුවෙන්ද අනාගතය වෙනුවෙන්ද කිසි`දු දැක්මක් සහිතව ක‍්‍රියාකර නැති බව නොරහසකි.තම තමන්ගේ ගොඩවල් ලොකු කරගනිමින් තම පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් කි‍්‍රයා කරනවා හැරෙන්නට ඔවුන් සිනමාවේ අනාගතය වෙනුවෙන් කර ඇත්තේ මොනවාදැයි සොයාබැලිය යුතුය ඇත.

ජතික චිත‍්‍රපට සංස්ථාව විසින් බෙදාහැරීමේ කටයුතු පෞද්ගලික අංශයට පැවරීමෙන් පසු සංස්ථාවේ නීති පෞද්ගලික සිනමා කර්මාන්ත කරුවන්ට අදාලනොවනවා විය හැකිය. එහෙත් පෞද්ගලික අංශයේ මේ අත්තනෝමතික ක‍්‍රියාව හේතුවෙන්  සිනමා නිෂ්පාදනයට ප‍්‍රවිශ්ටවන සහ ප‍්‍රවිශ්ට වන්නට සිටින මෙන්ම මේ මොහොතේ නිෂ්පාදනය කොට පෝළිමෙන් ක‍්‍රම ක‍්‍රමයෙන් පහළට වැටෙන න්‍යාය නිසා මේ කර්මාන්තයට මුදල් ආයෝජනය කිරීමේදී නිෂ්පාදකවරුන්ට නැවත නැවතත් සිතන්නට සිදුවන තත්ත්වයක් මේ වනවිට උදාවී තිබේ.



ජතික චිත‍්‍රපට සංස්ථාවේ පැවති නීතිය අනුව සිනමා නිර්මාණයක් රැගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය ලද අනුමැති දිනය අනුව ප‍්‍රදර්ශණය සදහා එම සිනමා නිර්මාණ පෙළගැස්වෙයි. මෙය පෞද්ගලික අංශට පැවරීමෙන් පසු මෙලෙස සංස්ථාව විසින් කි‍්‍රයාත්මක කරණු ලැබූ එම නීතිය සහ ක‍්‍රම වේදය පසෙකට දමා මුදල් සොයාගත හැකි යැයි අනුමාණ කරණ සිනමා නිර්මාණ සදහා  ප‍්‍රමුකත්වය දීමට පෞද්ගලික අංශ පෙළඹී සිටිති. ඔවුන්ට අවශ්‍ය මුදල් ඉපැයීමම මිසක් පැමිණි පිළිවෙළට සිනමා නිර්මාණය ප‍්‍රදර්ශණය කිරීමේ ක‍්‍රමවේදයන් හෝ සාධාරණය නොවේ. නොවේ. ඒ නිසාම සුනිල් ටී ගේ සහ උදයකාන්තගේ සිනමා නිර්මාණ පසෙකට විසිවන්නේ කුස පබා සල්ලි හොයාගත  හැකි සිනමා නිර්මාණයක් බවට නිෂ්පාදක වරුන් විසින් එම ආයතනවලට ඒත්තු ගන්වා ඇති බැවිණි. එමෙන්ම සිනමා නිර්මාණයක් සිනමාවේ උන්නතිය සදහා යැයි පවසා  මෙලෙස පෝළිමෙන් පැණ එනවාට අමතරව සිනමා ශාලා 50ක ප‍්‍රදර්ශණය ආරම්භවීම තුළද මේ වනවිට ප‍්‍රදර්ශණය වෙමින් ඇති සිනමා නිර්මාණ වළට අසාධාරණයක් සිදුවෙමින් තිබේ.මාතා සිනමා ශාලා 30 ප‍්‍රදර්ශණය කොරෙන අතර කුස   පබා සිනමා ශාලා 50ක ප‍්‍රදර්ශණය වනවිට මෙරට ප‍්‍රදර්ශණය වෙමින් පැවති සිනමා නිර්මාණ ප‍්‍රථම ප‍්‍රදර්ශණයෙන් පසු දෙවන ප‍්‍රදර්ශණය සදහා සිනමා ශාලාවල් නැතිවීමේ අභියෝගයට මුහුණ පා සිටී. මෙරට ඇති සිනමා ශාලා සියල්ල ගේම පාහේ සිනමාවේ 65වසරක් සමරණ කස පබා සහ රණවිරුවන්ගේ  නාමයෙන් ප‍්‍රදර්ශණයට එක්වූ මාතා ද ප‍්‍රදර්ශණය වන සංජය ලීලාරත්නගේ සෙල්වම්  තැන්ක්යූ බර්ටි වැනි  චිත‍්‍රපට වළට අද දෙවන වාරයේ ප‍්‍රදර්ශණය සදහා පෙනවා ගන්නට ශාලා නැත. මෙය එක්තරා ආකාරයක ඛේදවාචකයකි. සංජය ලීලාරත්නලා. ආචාර්ය සෝමරත්න දිසානායක ඇතුථ බහුතරයක් කලා කරුවෝ මෙම ආණ්ඩුව නැවත පිහිටු වීමට එකම දේශපාලන වේදිකාවක එකට  කඬේ ගිය අයය. සංජය ලීලාරත්නගේ සෙල්වම් දෙල්වන්නේ සෝමරත්නගේ දේශපාලන බලය සංජයගේ දේශපාලන බලයට වඩා හයිය බැවින් සහ වැඩි බැවිණි. එයට රේණුකාගේ බලය පාවිච්චි කිරීමේ හැකියාවද එකතු ව තිබේ.මේ නිසාම සංජය ට සහ ඇනෙකුත් නිෂ්පාදක වරුන්ට සිදුව ඇත්තේ එළිපිට නොව තැන තැන රේණුකාට සහ  ආචාර්ය සෝමරත්න දිසානායකට අම්මා මතක් කර බැන බැන යාමටය. ඔවුන්ට එළිපිට ඇත්ත ප‍්‍රකාශකිරීම තම සිනමා අනාගතය වනසා ගැනීමක් බදුවිය හැකියැයි ඔවුන් සිතනවා නොඅණු මානය. දේශපාලන හයිකාරකම භාවිතා කිරීමේ පළපුරුද්ද මේ සියලූ දෙනාටම වඩා මේ අයට පැහැදිළිවම තිබේ. අනෙක් අතට සිනමා උපදේශකවරු මාලිනී ෆොන්සේකලා ගීතා කුමාරසිංහලා මේවාට නිහඩව සිටින්නේ ද මේ පුථවන්කාරකම  ඔවුන්ට ඇති බව හොදින්ම හදුනණ නිසාම විය හැකිය. අශෝක සේරසිංහ රැගුම් පාලක මණ්ඩයේ සිට සංස්ථා සභාපති වන්නේත් මේ දේශපාලන හයිකාරකම් නිසාම බව නොරහසකි. ජනාධිපතිවරයාට නයාට අදුකොළ සේ ව සිටි අශෝක සේරසිංහ එතැනට පත්වන්නේ රේණුකාගේ සහ ආචාර්ය සෝමරත්න දිසානායකගේ පූර්ණ මැදිහත්වීමෙන් බව මාලිනී ෆොන්සේකලාත් රවීන්ද්‍ර රන්දෙණිය ඇතුථ සියල්ලෝම පැහැදිළිවම දණිති. මේ නිසාම මේ මොහොතේ සිනමාව තුළ නිෂ්පාදකවරුන්ගේ සංසදයේ සභාපතිවරයගෙන් සහ ලේකම් වරියගෙන් සිදුවන අසාධාරණයන් ඉවසා වදාරා ගැනීමට එම සංසදයේම සාමාජිකයන්ට සිදුවන අතර ඉන් බාහිර නිෂ්පාදකවරුන්ට ද සිදුව තිබේ.

මෙම සිදුව ඇති අසාධාරණය පිළිබදව මෙම සංසදයේ සම ලේකම් ධුරය දරණ ප‍්‍රසන්න විතානගේ  ගෙන් අප අදහස් විමැසුවෙමු.

ප‍්‍රසන්න විතානගේ.

ප‍්‍රථමයෙන්ම මම කියන්න  ඕනෙ මම ඔය කියන සිනමා නිෂ්පාදකවරුවරුන්ගේ සංසදයේ  සම ලේකම් ධූරයෙන්  සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වයි සිටින්නේ . මා ඒ ඉල්ලා අස්වීම ලිඛිතව ලියා පදිංචි තැපෑලෙන් සභාපතිවරයාට දන්වා යවා තිබෙනවා. ඒ නිසා මම ඒ සංසදයේ කිසිවකු නොවේ.නමුත් මට ඔබ විසින් අසනු ලබන ප‍්‍රහ්ණ වළට පිළිතුරු දිය හැකියි.

ඔබ ඇයි එම සංසදයෙන් ඉල්ලා අස්වන්නේ?
අප සංසදයක් ලෙස ඒකරාශී වූ අරමුණු ඉෂ්ඨ නොවන බවට තහවුරු වූ නිසා. මේ වනවිට මා එම තනතුරුවළින් සහ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී බොහෝකල්. නමුත් ඔවුන් තව දුරටත් මගේ නම සහිත ලිපි ශීර්ෂ යොදා ගනිමින් ලිපි ලේඛණ වගකිව යුතු අය සමග ගනුදෙනු කරනවා. මම පැහැදිලිව ප‍්‍රකාශකරණවා මමත් තවත් බොහෝ සාමාජිකයනුත් දැන් එහි ලැති බව. මාගේ නම තව දුරටත් ඔවුන් එලෙස පාවිච්චි කිරීම වරුරැද්දක්. ඔවුන් හුවා දක්වන්න හදන්නෙ ඔවුන් කරණ අකටයුතු කම් තුළ මා ද ඇතුථව එම සංසදය අතහැර ගිය අය  දායකත්වය දරණ බවයි. මේ තුළින් ඔවුන් උත්සාහ කරන්නේ ඔවුන්ගේ ගොඩ වැඩි කරගැනීමයි.මේ අය කරණ වැඩ වලදි මගේ නම පාවිච්චි කිරීම පිළිබදව මා කළකිරී සිටින්නේ . ප‍්‍රසන්නත් ඉන්නවා කියා ඔවුන් හගවන්නට උත්සාහ කරණවා. ඒක වැරැද්දක් වගේම ඒක බොරුවක්.

මේ පෝළිමෙන් පිට පැනීමේ  කාරණය ගැන ඔබේ අදහස කුමක්ද?
රැගුම් පාලක මණ්ඩලයෙන් නිකුත් කරණ  සහතිකයේ සෙන්සර් ඬේට් එකට තමා ප‍්‍රදර්ශණ වාරය නිෂ්පාදකවරයාට ලැබෙන්නෙ. පෞද්ගලික අංශයට මෙම බෙදාහැරීම ක‍්‍රමය යොමුවීමත් එක්කම සංස්ථාව යටතේදී සිදුවූවාක් මෙන්ම එම දිනය ට අනුගතව ප‍්‍රදර්ශණ පෝළිම කෙරීගෙන ගියා. පෞද්ගලික අංශයට ප‍්‍රතිපත්ති සකස් කිරීමේ බලතල තිබුණෙ නැහැ. පෞද්ගලික අංශය මෙහිදී සෙන්සර් දිනය බලනවා වගේම ඔවුන් වෙතට ප‍්‍රථමයෙන් ආ නිෂ්පාදක වරයා කව්ද යන්නත් විමසිළිමත් වනවා.ඒ  අණුව පෝළිම සැකසෙන ක‍්‍රම වේදයකුයි සාමාන්‍යයෙන් තියෙන්නෙ. නමුත් මේ වනවිට මේ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා.

මේ පවතින නීති කි‍්‍රයාත්මක නොකිරීම හෝ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් සිනමා කරුවන් කුමන ක‍්‍රියාමාර්ගයක් ද ගෙන තිබෙන්නෙ?
සුනිල් ටී මේ ගැන වගකියවුත්තන්ට ලිපි මගින් දන්වා ඇති බව දැනගන්නට ලැබුණා. රැුගුම් පාලක මණ්ඩලයේ සහතිකයක් ලැබෙන්නට පෙර කුමන ආකාරයෙන් ද ප‍්‍රදර්ශණය සදහා ප‍්‍රථමයෙන් දිනයක් වෙන්කරගන්නෙ අනිත් අය පෝළිමේ ඉන්නද්දි. අපි ප‍්‍රථමයෙන් කතා කරලා එකග තාවයකට ආවා කියලා කියනන් බැහැ. එලෙස සිනමා නිර්මාණයක් කරන්නට පෙර මතු සිනමා ප‍්‍රදර්ශණ වාරයක් මේ වන තුරු කිසිවකු ඉල්ලා  ඇතැයි මා සිතන්නෙ නැහැ. මේක තවත් නිෂ්පාදකවරයෙකුගෙ බඩට ගහනවා වගේ වැඩක්. 1999 චන්ද්‍රිකා රජය තිබූ කාලයේ ජාත්‍යන්තර ජයග‍්‍රහණයක් ලද චිත‍්‍රපට පෝළිමේ නොසිට ප‍්‍රදර්ශණය කරන්නට අවසරයක් ලබා දුන්නා . ඒත් ඒ මොහොතේ  පෝළිමේ ප‍්‍රමුඛව  සිටින  නිෂ්පාදකවරයාගේ අනුමැතිය ඇතිව.

මෙලෙස පෝළිමෙන් පැණීමෙන් නිෂ්පාදක වරයාට ලැබෙන වාසිය කුමන්ද?
ඒක ඉතාම පැහැදිළියි.  ඒ මුදල්. ලංකාවේ 2001 දි සිනමා පේ‍්‍රක්‍ෂක සංඛ්‍යාව මිලියන 13.5යි. 2010 දි මිලියන 7.7 කට අඩුවෙලා තියෙනවා. ඒ නිසා නිෂ්පාදකවරු තමන්ගෙ නිර්මාණ නැරඹීමේ පේ‍්‍රක්‍ෂක දායකත්වය වර්ධනය කරගැනීමේ අරමුණ පෙර දැරිව  මිලියන 04ක් වූ පාසල් ශිෂය ශිෂයාවන් තම නිර්මාණය නැරඹීමට ගෙන්වා ගැනීමට උත්සාහ කරණවා. මේ අනුව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිර්දේශය සිනමා පටය පාසල් ලමුන්ට නැරඹීමට යෝග්‍යයි කියල  ලබාගන්නවා. අධ්‍යාපන දෙපාර්තුමේන්තු රෙගුලාසි අනුව පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බාහිර නටයුතු සදහා වෙන් කර ඇති ප‍්‍රථම කාලයේ (ජනවාරි මාර්තු) මෙම දරුවන්ට පාසලෙන් සිනමා ශාලාවට ගොස් චිත‍්‍රපටයක් බැලීමේ අවසරය ලැබෙනවා. ඒ නිසා සිනමාවට වසර 65 පිරීම නිමිත්තෙන් කියා හෝ මේ ජනවාරි මාසයේ තම නිර්මාණය ප‍්‍රදර්ශණය කරගැනීමට මෙලෙස බලය යොදාගෙන පාසල් ළමුන්ගෙන් කුට්ටිය කඩා ගන්නවා. මේ වසරෙ ජනවාරි මාසය සදහා චිත‍්‍රපට දෙකක් අතර තරගයක් තිබුණා. ඒ කුස පබා සහ සුපර් 6 අතර. උදාරගෙ සුපර් 6 හි ගීත රූ ගත කරල සෙන්සර් කරගෙන තිබුනෙත් නැහැ. මේක බලය පිළිබද ගැටථවක්. මේක දේශපාලකයන්ගෙ හයියෙන් මේ අය විසින් ඇති කරණ තත්ත්වයක්.හරියට දුමින් ද භාරත සටන වගේ.බලය උරගා බලනවා. එම සටනින් කුස පබා ඉදිරියට ආවා. පෝළිමේ සිටි අනෙක් නිෂ්පාදක වරුන්ගෙ නිිර්මාණ තවත් පස්සට යයි.

මේ තත්වය තුළ නීතිය පිළිබද ගැටථවක් මතුවෙනවා නේද?
මාතා පෝළිමේ හිටිටය නැහැ. කුස පබා පෝළිමේ හිටිටය නැහැ. උදාරත් එහෙම කරයි. මේ විදිහට බලය පෙන්වීම ට ගියහම රටේ නීතිය කැලෑ නීතිය බවට පත් වීමකුයි සිද්ධ වෙන්නෙ.

කව්ද මේවට වග කියන්නෙ?
චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිනරයා හිටපු රැගුම් පාලක මණ්ඩල සභාපති වරයායි. ඔහු නීතිඥවරයෙක්. ඔහු එතනට පත්වන්නෙ යම් යම්  අයගෙ අවශ්‍යතාවන් අණුවයි. වීරපුරන් අප්පු පෝලිමෙන් පණින වෙලාවේ කතාකරන්න විරුද්ධවන්න නිර්මාණකරුවෙ හිටියා. අද කව්ද ඉන්නෙ? ඒ අය උකටලී වෙලා. මේ මොහොතෙ මේ අසාධාරණය, අවනීතිය ගැන කතාකරන්න කවුරුත් නැහැ. සිනමාවේ උන්නතිය වෙනුවෙන් යැයි පවසමින් මොවුන් කරන්නෙ වැරැද්දක් අසාධාරණයක්. පෝළිමෙන් පණින අතරම සිනමා ශාලා  විශාල ප‍්‍රමාණයක සිනමා නිර්මාණ ප‍්‍රදර්ශණයට එක් කිරීමෙන්ද නිෂ්පාදක වරුන්ට සිදුවන්නෙ අසාධාරණයක් .

මේ ප‍්‍රශ්නය සම්බන්ධයෙන් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ වගකීම මොකක්ද?
සභාපති පත්කරගත්තෙ ඒ වරප‍්‍රසාද ලබාගන්න. ඉතින් එහෙම වුනහම වගකීම බාරගන්නෙ කව්ද? මේක දේශපාලන හයිකාරකම් පෙන්වීමක්. මේ අයගෙ දේශපාලන බලය නැතිවූ විට මොනච වෙන්නෙ?කලාකාරයො මැතිවරණ ව්‍යාපාරවලට දායකවෙලා දේශපාලන බලය යොදාගනිමින් මේ කරණ ක‍්‍රියාවළින් පාඩු විදින්නෙ පීඩා විදින්නෙ අනෙක් නිෂ්පාදකවරු.චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශණය කරගන්න දේශපාලකයන්ව අල්ල ගන්න වෙන එහෙමත් නැත්තම් ඒ බලය යොදවගෙන වැඩ කරගන්න වෙන තත්ත්වයකුයි දේශිය සිනමා කර්මාන්තය තුළ ඇතිවෙමින් තියෙන්නෙ.

උදයකාන්ත වර්ණසූරිය

මේ විදිහට පෝළිමෙන් පැණිම හොද දෙයක් නෙමේ. සිනමාවට වසර 65ක් පිරීම නිමිත්තෙන් කුස පබා ප‍්‍රදර්ශණය කිරීමේ එකගතාව අප සංසදයේ සියලූම දෙනා අතර තිබුණා. ඒ අනුව තමා මෙය සිද්ධවුණේ. කුස පබා දැවැන්ත නිර්මාණයක් . එහි සියලූ ගුණාංග සහ චිත‍්‍රපට කර්මාන්තය ගැන හිතලයි මේ සදහා කැමති වුණේ.

මෙය මෙහි සිටින නිෂ්පාදකනරුන්ගේ මඩි තරකර ගැනීමක් විණා සිනමා කර්මාන්තය වෙනුවෙන් ඇතිවන යහපත මොකක්ද?
බෙදාහැරීමේ ප‍්‍රශ්නයක් තියෙනවා. මේකට රජයේ චිත‍්‍රපට සංස්ථාව මැදිහත් වනවානම් හොදයි. සෙන්සර් ඬේට් එක පෞද්ගලික අංශවට අදාල නැහැ. මේක ඇත්තටම ගැටථවක්. ඒ අයට  ඕනෙ ඒවා ඒ අය දා ගන්නවා. රජය මැදිහත්විය යුතුයැයි මා හිතනවා.

එකවර සිනමා ශාලා 50ක කුස පබාත් ,මාතාත් පෙන්වීම තුළ ඇතිවන අසාධාරණය ගැන ඔබ ට අදහසක් තියෙනවද?
ඇත්තටම අසාධාරණයක් වෙනවා.  කුස පබා එක වර බෙදා හැරීමෙන් නිෂ්පාදකවරු බලාපොරොත්තු වන්නෙ  ප‍්‍රචාරක වාසිය ලබාගැනීමයි. මම පෞද්ගලිතවම ඊට කැමති නැහැ. සිනමා ශාලා 35 - 40 ක වගේනම් කමක් නැහැ. මේ ක‍්‍රමය තුළ අනිත් අයට පැහැදිළිවම අසාධාරණයක් සිද්ධ වෙනවා.

ඔබ මේ සංසදයේ ක‍්‍රියාශීලී සාමාජිකයෙක්. මෙම සංසදයේ මෙවැනි දේ පිළිබදව ව්‍යවස්ථාවේ හෝ අරමුණු අතර නැද්ද?
ව්‍යවස්ථාවක් තියෙනවා. මේ සංසදය ආරම්භ කරල වැඩි කාලයක් නැහැ. මෙහි නියමාකාරයෙන් සිනමා ක්‍ෂෙත‍්‍රයේ ඉදිරිය සහ වැඩ පිළිවෙල වෙනුවෙන්  ප‍්‍රතිපත්ති සකස්කරලා නැහැ. මේ ඇතිවන ගැටථ සමග ප‍්‍රතිපත්ති සකස් කිරීමට බලාපොරොත්තු වෙනවා. සිනමාවේ තියෙන ගැටථ එක්ක කුස පබා වගේ නිර්මාණයන් කිරීම වැදගත් සේ සළකායි මට පෝළිමන් පිටුපසට යෑමේ පාඩුව මා දරාගත්තෙ. මා එහි කොටස් කරුවෙකු නොවුනානම් සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඉවසා සිටීවි. කොහොමවුනත්  ඉදිරියෙදි කිසිවෙකුට මෙවැනි අසාධාරණයක් ඇති නොවන්නට ගැටථ විසදන්න සංසදය සමග සාකච්ජා කරලා ප‍්‍රතිපත්ති සකස්කරගන්න  ඕනෙ. එහෙම නොවුනොත් මම සංසදයෙන් අයින් වෙනවා.

ප‍්‍රසන්න මේ සංසදයේ සාමාජිකත්වයෙන් අයින් වෙලාද?
මම ඒ ගැන දන්නෙ නැහැ.

සුනිල් ටී ප‍්‍රනාන්දු

මේක ව්‍යාපාරයක්.අනිත් ව්‍යපාර වගේම. හැම කෙනාම උත්සාහ කරන්නෙ සල්ලි හම්බ කරන්න. කුස පබා සදහා සෑම සාමාජිකයෙක්ම ලක්‍ෂ 20මුදලක් මේ සදහා දැම්මා. ලක්‍ෂ 850 ක් වියදම් වෙලා තියෙනවා නිෂ්පාදන කටයුතු සදහා. මම තමා මෙය මුලින්ම යෝජනා කරණු ලැබුවෙත්. මේ පෝළිමෙන් පිට පැණිම කියන කාරණයේදී මගේ චිත‍්‍රපටය පිටුපසට යෑම සම්බන්ධව මට ගැටථවක් නැහැ. මට අවුලක් නැහැ. ඒ මම සිනමා කර්මාන්තයේ පමණක් ව්‍යාපාරවල නොයෙදෙන  නිසා. මට වෙනත් ව්‍යාපාර තිබෙනවා. නමුත් මේක අසාධාරණයි. මට මෙවැණි අසාධාරණයන් අනන්ත අප‍්‍රමාණව සිදුවෙළා තියෙනවා මගේ 21 වසරක සිනමා ජීවිතයේදී. සමස්ථයන් විදිහට ගත්තහම මේ ක‍්‍රමය ඉතාම වැරදියි. විවෘත ආර්ථිකයත් එක්ක වෙළදපොළේ හොද භාණ්ඩ වලට ඇති ඉල්ලූම වැඩිවෙනවා. මේකත් ඒ වගේ තමා. සිනමා ප‍්‍රදර්ශකයො මුදල් හම්බ කරන්න පුථවන් නිර්මාණවලට ප‍්‍රමුඛතාව දෙනවා. EAP එකත් ඒ නිසා මේ විදිහට කරල තියෙනවා. ඒ අයගෙ පරමාර්ථය මුදල්.

එය අසාධාරණයක් නොවේද?
මේක එහෙම රටක්. සරත් ෆොන්සේකා හිරේ යන්න  ඕනෙ කෙනෙක්ද? එහෙම කෙනෙක් නෙමේ. ඔහු මේ රටේ යුද්ධය ජයග‍්‍රහණය කරන්න ප‍්‍රධාන මෙහෙයක් කළ පුද්ගලයා. ඒත් අද එයා හිරේ. ඒ අනුව ගත්තහම මේවා මොනවද?

ඒක එහෙම වුණා කියල මේ ප‍්‍රශ්නය මේ ආකාරයෙන් මග ඇරිය හැකිද?
මේ රටේ නීතියක් නැහැ. මම කාර් එකේ බීලා යනකොට පොලීසියෙන් ඇල්ලූවොත් මගේ නම පාවිච්චි කරල යන්න පුථවන්. එහෙම නැත්තම් සල්ලි දීලා යන්න පුථවන. රට යන විදිහට තමා අපිටත් යන්න වෙන්නෙ. පාලකයෝ . ප‍්‍රමුඛයො මොනවද කරන්නෙ?සුදු වෑන් වළින් ගෙනිහින් වළලත් දානවා. රටේ නීතිය පිළීබද ගැටථ තියෙනවා. අද දේශපාලනය කරන්නෙ මැරයො. මහත්වරු දේශපාලනයෙ නැහැ. රේනුකාලා ආණ්ඩුව සමග close. එයාලා අද ඒ බලය පාවිච්චි කරනවා. වෙනත් ආණ්ඩුවක් ආවහම මොකද වෙන්නෙ?මම දේශපාලනයට මැදිහත්වන්නෙ නැහැ. රේණුකාලා මේ ගැන හිතන්න  ඕනෙ.

සංසදය තුළ ප‍්‍රතිපත්තියක් නැද්ද තම සාමාජිකයන් මෙවැනි අසාධාරණයක් නොවන ආකාරයේ?
එලෙස ප‍්‍රතිපත්තිමය තීරණ ගෙන නැහැ. මේකයි  තමන්ගෙ වාසිය ගැන විතරයි හිතන්නෙ. අනුන්ට ඇගිලි දික්කරාම තමන්ට ඇගිලි තුනක් දිගු වෙනවානේ. වැල යන පැත්තට මැස්ස ගහන ක‍්‍රමවේදව තමා කරන්න වෙන්නෙ. මම රේණුකාගෙ නම සල්ලි වලට ඉල්ලූවා.

තම සංසදයේ අනෙක් න‍්‍රියාකාරීන්ගේ ක‍්‍රියාකාරකම් හේතුවෙන් සුනිල් ටී .උදයකාන්ත වැනි නිෂ්පාදකවරු  සිනමාවේ උන්නතිව වෙනුවෙන් වැල යන අතට මැස්ස ගැසීමේ ක‍්‍රමයට අනුගත වී හෝ තම තමන්ගේ කොටස්වල අයිතිය වෙනුවෙන් සහ ඉන් උපයා ගත හැකි ලාභය වෙනුවෙන් මේ මොහොතේ සිදුවෙමින් පවතින අසාධාරණයන් අයුක්ති සහගත කාරණා සියල්ල අනුමත කිරීමේ ක‍්‍රියාවක නිරතව සිටිති. එමෙන්ම මෙය සිනමා කර්මාන්තයේ උන්නතිය සදහා යැයි කියමින් කරණු ලබන අතිවිශාල ප්‍රෝඩාවකි. මෙරට ටෙලි නාට්‍ය ක්‍ෂෙත‍්‍රයේද රාජ්‍ය ටෙලිවිෂන් නාලිකාවක තම ටෙලි නාට්‍යක් විකාශය කරගැනීමට එක්තරා ඇමතිවරයෙකුගේ සහෝදරයෙකුට හෝ වෙනත් දේශපාලන බලවතෙකුගේ සහාය ලබා ගැනීමට නිෂ්පාදකවරුන්ට සිදුවන බව ප‍්‍රසිද්ධ රහසකි. නමුත් මේ මොහොතේත් එය එසේම සිදුවෙමින් පවතී. එලෙස අල්ලස් බදු දීමනා දී ගන්නට නොහැකි හෝ අකමැති නිර්මාණ කරුවන් පොළී ගෙවමින් ගුවන් කාලයක් ලැබෙන තුරු බලා සිටිති. තවත් අය මුදල් ගෙවා ප‍්‍රදර්ශණය සදහා වේලාවක් ලබාගනිති. තවත් සමහරු දේශපාලන බලය ඇත්තවුන් පසුපස ගොස් තමා අහවලාගේ අයෙක් යැයි පවසා නිර්මාණයට වේලාවක් ඉල්ලා සිටිති. දේශපාලන හයිකාරකම් ඇත්නම්  ඕනෑම විටෙක  ඕනෑම පෝළිමකින් පැන තමනගේ කටයුත්ත කරගැනීමට හැකිය. මේ කිසිකෙනෙකුට අදාල නොවන කිසිම නිර්මාණකරුවෙකුට මෙරට සිනමාවේ හෝ ටෙලි නාට්‍ය කලාවේ නිර්මාණයක් ප‍්‍රදර්ශණය කරගැනීමට නොහැකි වණු ඇත. කෙටි සිනමා කරුවන් බිහිකරන්නට සහයෝගය, අත හිත දෙනවා යැයි පවසන මෙරට සිනමාවේ වසන්තය උදාකරණවායැයි පවසන සියල්ල පිටුපස දේශපාලන හස්තයන් ක‍්‍රයාත්මක වනවානම් ස්වාධීනව සිනමා කලාවට ආදරය කරණ නිර්මාණ කරුවන්ට මෙරට සිනමා  කලාවට අවතීර්ණය නිර්මාණ කිරීමට නොහැකිවණු ඇත. මේවාට වග කියන්නට සිටින්නේ කවුද?

- මනෝහාරි හේවාවසම්
(උපුටගැනීම ශ‍්‍රී ලංකා මීරර්)

Posted by Ravaya on 12:43 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දේශපාලන හයිකාරකම සහ ඉවසා වදාරා සිටීම"

Leave a reply