සජිත් කණ්ඩායම ‘සුදුකොඩිය’ ඔසවයි
එක්සත් ජාතික පක්‍ෂයේ අභ්‍යන්තර ගැටුම සමතයකට පත්කරගනිමින්, රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ සමගිව පක්ෂයේ ඉදිරි කටයුතු සිදුකරගෙන යෑමට සජිත් කණ්ඩායම අතරමැදියන් හරහා එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත පනිවිඩ එවා තිබේ.එවැනි සාමකාමී එකඟත්වයකින් තොරව තවදුරටත් කිසිවෙකුට හෝ ඉදිරියට යාමට නොහැකි බවත්, ආණ්ඩු බලය අත්පත් කරගැනීම සිහිනයක්ම පමණක් වනුඇති බවත් සජිත් කණ්ඩායමේ නියෝජිතයින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එවැනි තීරණයක් ගෙන තිබේ.
ඒ අනුව රනිල් හා සජිත් අතර පොදු සම්මුතියක් ඇතිකරගැනීමේ අතරමැදියන් ලෙස ජෝෂප් මයිකල් පෙරේරා, ගාමිණී ජයවික‍්‍රම පෙරේරා සහ මලිත් සමරවික‍්‍රම යන මහත්වරුන් කටයුතු කරයි. පසුගිය දා පැවති එම පක්‍ෂයේ නිලවරණයේදීද සජිත් පේ‍්‍රමදාස මහතා නියෝජ්‍ය නායකයා ලෙස පත්කරගැනීමට ඔවුන් තිදෙනා රහස් මෙහෙයුමක් ක‍්‍රියාත්මක කළේය.
ජ්‍යෙෂ්ඨයින්ගේ එකී සාම මෙහෙයුමට සමගාමීව රනිල් වික‍්‍රමසිංහ මහතාට හිතවත් තරුණයින් කිහිප දෙනෙකු සහ සජිත් කණ්ඩායමේ තරුණ ක‍්‍රියාකාරිකයෙකු පසුගියදා කොළඹ බ්ලූම්ෆීල්ඞ් සමාජ ශාලාවේ දීර්ඝ සංවාදයක් පවත්වා තිබේ. සජිත් පේ‍්‍රමදාස මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා අතර සුහද හමුවක් සංවිධානය කරන ලෙස සජිත් කණ්ඩායමේ නියෝජිතයා එහිදි ඉල්ලීමක් කර තිබේ.
මෙවැනි සුහද ක‍්‍රියාමාර්ගයකට කරූ ජයසූරිය මහතාද එකඟත්වය පළකර ඇතැයි ඔහු, රනිල් වික‍්‍රමසිංහගේ අනුගාමිකයින් කිහිපදෙනාට අවධාරනය කර ඇත.
කෙසේ වුවද කිසියම් නිශ්චිත තීන්දුවක් ගන්නා තෙක් මේ සම්බන්ධයෙන් කිසිවෙකුට හෝ දැනගැනීමට ඉඩ නොතබන ලෙස ඉල්ලා ඇති සජිත් කන්ඩායමේ නියෝජිතයා මෙවැනි සුහදතාවයක් ඇතිවීම වැලැක්වීමට කිලී මහරාජා සහ ටිරාන් අලස් මෙන්ම රවී කරුණානායක ද අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇති බව එම සාකච්ඡාවට සහභාගී වූ සියලූදෙනාගේම අදහස වී තිබේ.
පසුගියදා සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පුත්තලමේ පැවති රැස්වීමට තම නායකයා එකගත්වය පළකර තිබියදී පවා ‘මව්බිම’ පුවත්පත එය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පරාජයක් ලෙසට වූ වාර්තාවක් පළකිරීම පිළිබදවද මෙහිදී සාකච්ඡා වී ඇති අතර එවැනි තත්ත්වයක් යළි ඇති නොවන ලෙස කටයුතු කිරීමේ වැදගත්කමද අවධාරනය වී තිබේ. ‘මව්බිමේ’ පළවූ එම වාර්තාව වහාම නිවැරදි කරන ලෙස පුත්තලම් දිස්ත‍්‍රික් මන්ත‍්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා එම පුවත්පතේ හිමිකාර ටිරාන් අලස්ට බැනවැදීම සාධාරන බව සජිත්ගේ නියෝජිතයා මෙහිදී පවසා තිබේ.
රනිල් හා සජිත් අතර කිසියම් හෝ සම්මුතියක් ඇතිවීම වැලැක්වීමට ‘සිරස’ නාලිකාව සහ ‘මව්බිම’ පුවත්පත අනිවාර්යෙන්ම කටයුතු කරනු ඇතැයි ද ඒ ගැන දෙපාර්ශවය අවබෝධයෙන් සිටීම වැදගත් බවද එහිදී සාකච්ඡුාවට බදුන්වී තිබේ.
පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු හරහා සජිත් පේ‍්‍රමදාස මහතා, රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත යෝජනාවක් එවා ඇති බව අප කළ විමසීමකදී තහවුරු කළ රවී කරුණානායක මහතා, එහෙත් සජිත් පේ‍්‍රමදාස මහතා පක්ෂයේ විනය දිගින් දිගටම කඩකරද්දී සාමයක් ගැන කතාකිරිම විහිලූවක් බවද සඳහන් කළේය.
0 comments for "සජිත් කණ්ඩායම ‘සුදුකොඩිය’ ඔසවයි"