ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තෙවැනි එක්දින තරගය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය අද (17දා) දකුණු අප්‍රිකාවේ බ්ලුම්ෆොන්ටයින් හිදී පැවැත්වේ.
තරගාවලිය මේ වන විට    2-0 ක් ලෙස පසුපසින් සිටින ශ්‍රී ංකාවට යළිත් තරගාවලියට අවතීර්ණ වීමට නම් අද තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුවේ.

අද තරගය පරාජය වුවහොත් තරගාවලිය පරාජයවීමට ශ්‍රී ලංකාවට සිදුවන අතර එක්දින ශ්‍රේණියෙන් තවත් පහළට වැටීමට සිදුවේ.

අද තරගයේදී දකුණු අප්‍රිකානු පි‍ලේ වෙනස්කම් කිහිපයක් සිදු කර තිබේ.

සුපිරි පිතිකරුවන් වන ජැක් කලීස් සහ හෂීම් අම්ලාට විවේකයක් ලබාදීමට දකුණු අප්‍රිකානු තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

කලීස් සහ අමිලා ප්‍රථම තරග දෙකේදීම ලකුණු අතර සිටි පිතිකරුවන් වන අතර කලීස් වෙනුවට කොලින් ඉන්ග්‍රම් ද අම්ලා වෙනුවට ඇල්වයරෝ පීටර්සන් ද කණ්ඩායමට කැඳවා තිබේ.

දකුණු අප‍්‍රිකාණු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ තරඟාවලියක් අතරතුර කී‍්‍රඩකයන් මාරුකිරීමේ ප‍්‍රතිපත්තිය හේතුවෙන් ජාක් කලීස් විවේක ගන්වා ඇත.

අම්ලා කුළුදුල් දරු ප‍්‍රසුතිය බලාපොරොත්තුවෙන් පසුවන තම බිරිඳ හා කාලය ගත කිරීමට තීරණය කර ඇති බැවින් ඉදිරි තරග තුනෙන් ඉවත් වී ඇත.

එමෙන්ම දකුණු අප‍්‍රිකාණු තේරීම් කමිටුවේ ප‍්‍රධානී ඇන්ඩෲ හඞ්සන් පවසන්නේ ඉදිරි තරගාවලි 3 පර්යේෂණ තරගාවලි ලෙස තමන් සලකන බවයි.

මේ අනුව අද පීටර්සන් ආරම්භක පිතිකරු ලෙසත් ඉන්ග්‍රම් අංක 3 පිතිකරු ලෙසත් ක්‍රීඩා කරති.

ටෙස්ට් තරගාවලියේදී විශිෂ්ට දස්කම් දැක්වූ වර්නන් පිලැන්ඩර් කණ්ඩායමට එක් කර ඇති අතර ඔහුද අද ක්‍රීඩා කිරීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේද වෙනස් කම් දෙකක් සිදු කිරීමට නියමිතව තිබූ අතර ඒ අනුව තිසර පෙරේරා හා සචිත්‍ර සේනානායක දෙදෙනා කන්ඩායමට ඇතුලත් කිරීමට නියමිතව තිබුනි එසේ වුවද සචිත්‍රට මේ වන තෙක් වීසා ප්‍රශ්නයක්මත දකුණු අප්‍රිකාවට ලඟාවී නොමැති බව දකුණු අප්‍රිකාවෙන් වාර්තා වේ.

දකුණු අප්‍රිකානු සංචිතය
ඒ.බි.ඩිවිලියර්ස් (නායක), ග්‍රැහැම් ස්මිත්, ඇල්වයරෝ පීටර්සන්, කොලින් ඉන්ග්‍රම්, ජේ.පී. ඩුමිනි, ඩු ප්ලෙසිස්, ඇල්බි මෝකල්, මොනි මෝකල්, ඩේල් ස්ටේන්, සොට්සෝබේ, රොබින් පීටර්සන්, වර්නන් පිලැන්ඩර්, ජොහාන් බෝතා, වේන් පානෙල්

ශ්‍රී ලංකා කණ්ඩායම
ටී.එම්. ඩිල්ෂාන් (නායක), උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, ලහිරු තිරිමාන්න, කෝසල කුලසේකර, රංගන හේරත්

Posted by Ravaya on 5:55 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා තෙවැනි එක්දින තරගය"

Leave a reply