RAM ශ්‍රේණිගත කිරීමේදී ජනශක්ති මූල්‍ය සවියට ඉහළ ඇගයීමක්

ප්‍රමුඛ රක්ෂණ සමාගමක් වන ජනශක්ති ඉන්ෂුවරන්ස් සමාගමේ අඛණ්ඩ වර්ධනය, රෑම් රේටින් ලංකා සමාගම (RAM Ratings Lanka) විසින් ස්ථාවර වර්ධනයක් ඇති සමාගමක් ලෙසශ්‍රේණිගත කර ඇත. ඒ අනුව ජනශක්ති දීර්ඝ සහ කෙටි කාලීන  වන්දි ගෙවීමේ හැකියාව පිළිවෙළින්  A - සහ P2 ලෙස ඉහළ  මට්ටමකින් ශ්‍රේණිගත කර ඇත. වේගයෙන් වර්ධනය වන දේශීය  සමාගමක් වන ජනශක්ති රක්ෂණ සමාගම   දැඩි තරගකාරී ව්‍යාපාර පසුබිමක් තුළ ලාභ උපයමින් වර්ධනයක්ද අත්කර ගැනීමට සමත්ව සිටීම මෙම ශ්‍රේණිගත කිරීමට ප්‍රධාන හේතුව වේ.
“අපේ තේමාව  වන ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය ගොඩනැගීමේ අරමුණු කොට සමාගම නිරන්තරයෙන් නැවුම් රක්ෂණ ‍පොරොන්දු ලබාදීම සිදු කරනවා’යැයි  ජනශක්ති රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ ප්‍රකාශ් ෂාෆ්ටර් මහතා විසින් සඳහන් කෙරුණු අතර,

“අපගේ  කැපවීම තුළින් අත්කරගත්   සාර්ථක වර්ධනය, ක්‍රියාකාරීත්වය සහ අද වන විට සමාගම පසුවන  ස්ථාවර තත්ත්වය රෑම් ශ්‍රේණිගත කිරීම මගින් තහවුරු වෙනවා. එමෙන්ම මෑතකදී ක්‍ෂේත්‍රයට අවතීර්ණ  වූ නව සමාගම්  හා රක්ෂණ ක්‍ෂේත්‍රයේ දැඩි තරගකාරීත්වය හමුවේ මෙලෙස වර්ධනය වීම සතුටට කරුණක් වනවා.” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනශක්ති රක්ෂණ සමාගමේ විශේෂත්වය වනුයේ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික/සාමාජීකාවන් සියලු දෙනා ව්‍යාපාර ක්‍ෂේත්‍රයේ පිළිගත් වෘත්තිකයන් වීමය. ඒ අනුව සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඩබ්ලිව්. ටී. එල්ලාවල (සභාපති), චන්ද්‍ර ෂාෆ්ටර් (උප සභාපති), ප්‍රකාශ් ෂාෆ්ටර්, එල්. සී. ආර්. ද සී. විජේතුංග, දේශමාන්‍ය ආචාර්ය නිහාල් ජිනසේන, එර්ඩ්ලි පෙරේරා, අනුෂා කුමාරස්වාමී, රමේෂ් ෂාෆ්ටර් සහ මංජුලා මැතිව්ස් යන මහත්ම මහත්මීහු අයත් වෙති. ජනශක්ති කොටස් හිමියන්ගේ අරමුදලින් රක්ෂණ අරමුදල සහ කොටස් හිමියන්ගේ අරමුදලින් සමස්ත වත්කම් අනුපාතිකය පිළිවෙළිින් 36.96 සහ 22.77  ලෙස වර්ධනය වී ඇත.

ජනශක්ති තරගකාරී  ස්ථානය, ප්‍රාග්ධන මට්ටම සහ ජීවිත රක්ෂණ අංශයේ ක්‍රියාකාරීත්වය යන අංශ  සැලකිල්ලට ගෙන රෑම්  වර්ගීකරණය අනුව අගය ලබාදී ඇත. දිවයිනේ තෙවැනි විශාලතම රක්ෂණ සමාගම වන ජනශක්ති  ඉන්ෂුවරන්ස් සමාගම, සමස්ත තරගකාරී ස්ථානය වර්ධනය කර ගෙන ඇත්තේ වෙළෙඳපළේ වැඩි වශයෙන් සමාගමේ ක්‍රියාකාරකම් පෙන්නුම් කිරීමෙන් සහ සිය ශාඛා  කාර්යාල ජාලය වර්ධනය කිරීමෙන්ය.

ලෝක ප්‍රකට රෑම් සමූහයට සම්බන්ධ රෑම් රේටින් ලංකා සමාගම මහජන සහ නියාමකයින්ගේ විශ්වාසය දිනාගත් ණය ශ්‍රේණිගත  කරන  ආයතනයකි. එය ආසියාවේ ණය ශ්‍රේණිගත කරන ආයතන සංවිධානයේද සාමාජිකත්වය දරයි.

Posted by Ravaya on 6:05 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "RAM ශ්‍රේණිගත කිරීමේදී ජනශක්ති මූල්‍ය සවියට ඉහළ ඇගයීමක්"

Leave a reply