‘කි‍්‍රකට් තේරීම් කමිටුව අස්කළ යුතුයි’
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තේරීම් කමිටුව විසුරුවා හැරිය යුතු බව හිටපු ක‍්‍රිකට් නායක, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අර්ජුන රණතුංග මහතා කියයි.රණතුංග මහතා මේ බව පවසා ඇත්තේ, චීනයේ ශින්හුවා පුවත් සේවය සඳහාය.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ හා දකුණු අප‍්‍රිකානු සංචාරයේදී දක්ෂතා නොදැක්වීම සම්බන්ධයෙන් තේරීම් කමිටුව වගකිවයුතු බවද ඔහු පෙන්වාදි තිබේ.
ආණ්ඩුව ක‍්‍රිකට් ක‍්‍රීඩාවට නොමනා ලෙස ඇඟිලිගැසීම් සිදුකරනු ලබන බවත්, ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයින් ක‍්‍රීඩාවට අවධානය යොමුකිරීම වෙනුවට දේශපාලනික අවශ්‍යතාවන් වෙනුවෙන් පෙනී සිටින තත්ත්වට පත්කර ඇතැයි ද රණතුංග මහතා එහිදී චෝදනා කර ඇත.
මෙවර ජාතික කණ්ඩායම තෝරාපත් කිරිමේදී ක‍්‍රීඩකයින්ගේ දක්ෂතාවයන් නොව දේශපාලනය මූලිකත්වය ගෙන ඇති බවට තමන් සැකකරන බවද ඔහු සඳහන්කර තිබේ.
දකුණු අප‍්‍රිකානු ටෙස්ට් තරගාවලියට නම් කරනු ලැබූ කණ්ඩායමට තිලාන් සමරවීර ඇතුළත් නොකිරීම ක‍්‍රිකට් තේරීම් කමිටුව ගනු ලැබූ වැරදි තීන්දුවක් බවද ඔහු පෙන්වාදී තිබේ.
ඔහු එම තරගාවලියේ දී ශතක දෙකක් වාර්තා කළ බවත් රණතුංග මහතා මෙහිදී සිහිපත් කර ඇත.
තමාගේ නායකත්වයෙන් 1996 දී ලෝක කුසලානය ශ‍්‍රී ලංකාවට රැුගෙන ආ බවත්, එකල ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට දේශපාලන හෝ වෙනයම් බලපෑම්වලට මුහුණදීමට සිදුනොවුණු බව හෙතෙම අවධාරණය කර තිබේ.
හිටපු ක‍්‍රීඩා අමාත්‍යවරයකු වූ ගාමිණී ලොකුගේ මහතා කි‍්‍රකට් කී‍්‍රඩාව දේශපාලනීකරණයවීමට වග කිවයුතු බව ඔහු පවසා තිබේ.
පසුව ක‍්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වූ සී.බී රත්නායක මහතා මෙම තත්වය වෙනස් කිරීමට උත්සාහ කළ බැවින් ඔහුට එම ධූරය අහිමිවූ බවද හෙතෙම පෙන්වාදී ඇත.
0 comments for "‘කි‍්‍රකට් තේරීම් කමිටුව අස්කළ යුතුයි’"