‘‘ලෝක බලවතුන් සමග සාකච්ඡා කරන්න අපි සූදානම්’’ - ඉරානය

ඉරානය සියයට විස්සක සපලතාවයකින් යුතු විකිරණශීලි යුරේනියම් නිෂ්පාදනය වැඩි කර ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තහවුරු කිරීමත් සමග තම න්‍යෂ්ටික වැඩසටහන පිළිබද ලෝක බලවතුන් හය දෙනෙකු සමග සාකච්චා කිරීමට ඉරානය එකග වී තිබේ.

තුර්කියේ සංචාරයක යෙදෙමින් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක අලි ලරිජානි සදහන් කළේ නැවත සාකච්ඡුා සදහා වූ තුර්කියේ ආරාධනය තමන් පිලිගන්නා බවයි. ඉස්තාන්බුල් නුවර මීට අවුරුද්දකට පෙර පැවැති සාකච්ඡා මේ වනවිට නැවතී තිබේ.

සියයට 20ක සාපලතාවයෙන් යුතු යුරේනියම් නිෂ්පාදනය ඉහළ දැමීම න්‍යෂ්ටික අවි ආයුධ නිෂ්පාදනය කිරීමේ විශාල පියවරක් බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති. එහෙත් ඉරානය සදහන් කරන්නේ න්‍යෂ්ටික වැඩපිලිවෙල සාමකාමී අරමුණක් සදහා වූවක් බවත්, ඉරානයේ තෙල් ආදායම ඉලක්ක කර ගනිමින් ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉරානයට සම්බාධක පනවනු ලැබූ බවත්ය.

Posted by Ravaya on 4:19 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘‘ලෝක බලවතුන් සමග සාකච්ඡා කරන්න අපි සූදානම්’’ - ඉරානය"

Leave a reply