‘හැදුනුම්පත’ නැති නිසා චීටාගේ ගුවන් ගමන නවතී
සතුන් හදුනාගැනීම සදහා භාවිතා කරන ‘මයික්‍රො චිප’ උපාංගය නොතිබීම නිසා ලන්ඩනයේ හීත්‍රෝ ගුවන් තොටුපොලේදී චීටාවකු රදවා තබා ගැනීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.
‘අයිසැක්’ නමින් හදුන්වනු ලබන මෙම චීටා බලධාරීන් අතට පත්වන විට දකුණු අප‍්‍රිකාවේ සෆාරි උද්‍යානයක සිට රුසියාව බලා ගෙනයමින් සිට ඇත. මයික්‍රෝ චිප හදුනාගැනීමේ උපාංගය අස්ථානගත වූයේ ඇයි යන්න විසදෙන තුරු චීටා බි‍්‍රතාන්‍යයේ රදවා ගැනෙනු ඇත.
බි‍්‍රතාන්‍ය දේශසීමා ඒජන්සියේ ප‍්‍රකාශකයෙකු සඳහන් කරඇත්තේ වදවී යාමේ තර්ජනයකට ලක්ව ඇති සෑම සත්ත්වයකුම ප‍්‍රවාහනයේදී හදුනාගැනීමේ චිපයක් භාවිතා කළ යුතු බවය. මෙම හදුන්වාදීම කර ඇත්තේ නීති විරෝධී සත්ත්ව ජාවාරම නවත්වනු පිනිසය. හදුනාගැනීමේ චිපය නොමැතිව වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් ප‍්‍රවාහනය කිරීම, වද වී යාමේ තර්ජනයට ලක්ව ඇති සතුන් සම්බන්ධයෙන් වූ අන්තර්ජාතික වෙළද ගිවිසුම කඩ කිරීමකි.

0 comments for "‘හැදුනුම්පත’ නැති නිසා චීටාගේ ගුවන් ගමන නවතී"