‘ස්ටාර් ටෙ‍්‍රක්’ චිත‍්‍රපටය හැබෑවක් බවට පත් කළොත් ඩොලර් මිලියන 10ක් තෑගි

දශක ගණනාවක් පේ‍්‍රක්ෂකයන්ගේ සිත් අමන්දානන්දයට පත් කළ ඇමරිකානු විද්‍යා ප‍්‍රබන්ධ රූපවාහිනී චිත‍්‍රපට මාලාවක් වූ ස්ටාර් ටෙ‍්‍රක් චිත‍්‍රපයේ එන දියණු තාක්ෂණික මෙවලමක් සැබෑවටම නිපදවූ කෙනෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක ත්‍යාගයක් පිරිනැමීමට ඇමෙරිකානු ආයතනයක් සැරසෙයි.

‘ස්ටාර් ටෙ‍්‍රක්’ චිත‍්‍රපට මාලාව පදනම් වූයේ 23 වැනි ශතවර්ෂයේ සිදුවන සිදුවීම් මාලාවක් වටාය. එහිදී අභ්‍යවකාශයේ රහස් සොයා යන පර්යේෂණ කණ්ඩායමක වෛiවරයා අත තිබෙන ‘ට‍්‍රයිකෝඩර්’ නමැති මනකල්පිත තාක්ෂණික මෙවලම මෙම ත්‍යාගයට පදනම වී තිබේ.

ට‍්‍රයිකෝඩරය මිනිස් සිරුරට අල්ලා ‘ස්කෑන්’ කිරීමෙන් පමණක් යමෙකුගේ ශරීරය තුළ ඇති රෝග රැසක් හදුනා ගන්නට සමත් වන හැටි එම චිත‍්‍රපට මාලාවේදී නිරූපනය විය. 1966 වසරේදී විකාශය වීම ඇරඹුණු මෙම කතා පුවත සහිත ‘ස්ටාර් ටෙ‍්‍රක්’ ලොව පුරා මිලියන ගණනක් පේ‍්‍රක්ෂකයන් අතර ජනප‍්‍රිය විය.

පසුගියදා ඇමෙරිකා එක්සත් ජනපදයේ ලාස් වේගාස් නගරයේ පැවැත්වුණු ඉලෙක්ට්‍රොනික වෙළද ප‍්‍රදර්ශනයකදී ඇමෙරිකානු ‘X Prise’ පදනම මගින් ස්ටාර් ටෙ‍්‍රක් චිත‍්‍රපටයේ එන තාක්ෂණික මෙවලම සැබෑවටම නිපදවන පර්යේෂකයෙකුට මේ ත්‍යාග මුදල් පිරිනමන බව කියා සිටියේය.

මේ ත්‍යාග මුදල නිවේදනය කිරීමෙන් වර්තමානයේ පර්යේෂකයන් දිරි ගැන්වීමටත් 23වැනි ශතවර්ෂයේ විiා ප‍්‍රබන්ධ චිත‍්‍රපටය 21 වැනි ශතවර්ෂයේ වෛද්‍ය විද්‍යාවේ යථාර්ථයක් බවට පත් කරන්නටත් තමන් බලාපොරොත්තු වන බව සංවිධාකයෝ පවසති.

Posted by Ravaya on 4:32 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘ස්ටාර් ටෙ‍්‍රක්’ චිත‍්‍රපටය හැබෑවක් බවට පත් කළොත් ඩොලර් මිලියන 10ක් තෑගි"

Leave a reply