පණ අදින රග්බි සංගමයේ කාර්යාල කුලිය 150,000 යි

නගර අලංකාර සංවර්ධන කටයුතු වෙනුවෙන් ශී‍්‍ර ලංකා රග්බි සංගමයේ රීඞ් මාවතේ තිබූ කාර්යාලය ඉවත් කිරීම නිසා එම සංගමයට මාසිකව සිය කාර්යාල කටයුතු වෙනුවෙන් වෙනත් ස්ථානයක් ලබා ගැනීමට මාසිකව රුපියල් 150,000 ක මුදලක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ කාමරයක් තුළ මේවන විට රග්බි සංගමයේ කටයුතු පවත්වාගෙන යනු ලබයි.

ශී‍්‍ර ලංකා රග්බි නිවහන තනනනු ලැබුවේ 2001- 2002 වකවානුවේදී වන අතර ඒ සඳහා රුපියල් මිලියන 30 ක් වියදම් කළේය.

එවකට ශී‍්‍ර ලංකා රග්බි සංගමයේ සභාපති ධූරය දැරූ හර්ෂ මායාදුන්න හා ලේකම්වරයාව සිටි ශේන් දූල්ලෑව යන මහත්වරුන්ගේ කැපවීමෙන් මෙම රග්බි නිවහන රග්බි සංගමයට ලැබුණු බව ප‍්‍රසිද්ධ රහසක් බවද පැවසේ.

රග්බි සංගමය කාර්යාලයක් නඩත්තු කිරීමට රුපියල් 150,000 ක් වැය කරනු ලබන්නේ රග්බි සංවර්ධන ව්‍යාපෘති සම්පූර්ණයෙන් ඇණහිට තිබියදී බව පැවසේ.

කණ්ඩායම් 12 ක්ව තිබූ රග්බි කාන්තා කණ්ඩායම් ගණන මේවන විට කණ්ඩායම් දෙක දක්වා පහත වැටී තිබේ.

මේ හේතුව නිසා පසුගිය වසර පුරා කාන්තා ජාතික රග්බි පිලක් සකස් කර ගැනීමට ද නොහැකි වූ අතර එයින් ශී‍්‍ර ලංකාවට ආසියානු රග්බි තරගාවලියට සහභාගිවීමට ද නොහැකි විය.

වසර 2007 දී ආසියානු කාන්තා බඳුන ශූරතාව දිනාගත් ශී‍්‍ර ලංකාවට ඉන් වසර පහකට පසුව එම තරගාවලියට කාන්තා කණ්ඩායමක් යොමු කිරීමට නොහැකිවීම ඛේදජනක කාරණාවක් රග්බි විචාරකයෝ කියති.

ශී‍්‍ර ලංකාවේ රග්බි සංවර්ධන කටයුතු බිඳවැටීම ආරම්භ වූයේ ශී‍්‍ර ලංකා රගබි සංගමය අතුරු කමිටුවක් යටතට පත්වීමත් සමගය.

Posted by Ravaya on 5:46 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "පණ අදින රග්බි සංගමයේ කාර්යාල කුලිය 150,000 යි"

Leave a reply