ටාටාගේ නැනේගැන ටටිගෙන් හෙළිදරව්වක්

ටාටා නැනෝ එළි දැක්වීමේදී සිය සමාගම අතින් සිදුවූ අතපසුවීම් කිහිපයක් ඉන්දියානු ටාටා සමාගම් සමූහයේ ප‍්‍රධානියා වන රතන් ටාටා ප‍්‍රසිද්ධියේ පිළිගෙන තිබෙන බව බී.බී.සී. ලෝක සේවය වාර්තා කරයි.
ඔහු මේ බව පවසා ඇත්තේ නවදිල්ලියේ පැවති ඔටෝ එක්ස් පෝ ෂෝ මෝටර් රථ ප‍්‍රදර්ශනයේදීය.

ලෝකයේ ලාභදායීම මෝටර් රථය ලෙස සැලකෙන ටාටා නැනෝ වෙළෙඳ පොළ කඩා වැටීමට එය හේතු නොවන බවද ඔහු දක්වා තිබේ.

මෙම මෝටර් රථය පිළිබඳව ප‍්‍රමාණවත් ප‍්‍රචාරණයක් ලබා නොදීම තුළින් සිය සමාගම මුල් කාලයේ පැවති අවස්ථාව අපතේ හැරියේයැයි තමන් විශ්වාස කරන බව මෙහිදී හෙතෙම පවසා තිබේ.

මෙම මෝටර් රථය 2009 වසරේදී එළි දැක්වුවත් නිෂ්පාදනය, අලෙවිකරණය හා තාක්ෂණික ප‍්‍රශ්න රැසක වෙලී සිටීම නිසි ප‍්‍රචාරණයක් නොමැති වීමට හේතුවී ඇති බවද ටාටා මහතා පෙන්වා දෙයි.
මේ අතර කාලයේදී මෝටර් රථයේ මිල ඩොලර් 2650 ක් දක්වා ඉහළ ගිය බවද එය අවාසියක් බවද ඔහු සඳහන් කර තිබේ.

ඒ මහතා වැඩිදුරටත් මේ සේද පවසා ඇත.

''මම හිතන්නෙ අපි නිසි ප‍්‍රචාරණයකට හා නියෝජිත ජාලයක් ඇතිකර ගැනීමට ප‍්‍රමාණවත් තරම් කටයුතු කළේ නෑ කියලයි. මෙයින් මම අදහස් කරන්නෙ අපිට මුලින් තිබූ අවස්ථාව අපතේ යැව්වා කියන එකයි. රුපියල් ලක්‍ෂයක් පමණක් වූ මුල්ම නැනෝ මෝටර් රථ තොගයට සැපයුමට වඩා ඉල්ලූමක් ඇතිවූණා''
ලබන දෙසැම්බර් මාසයේදී රතන් ටාටා මහතා ටාටා සමාගම් සමූහයේ මුල් පුටුවෙන් විශ‍්‍රාම යාමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

මේ වනවිට, බජාජ් සමාගම විසින් නැනෝ මෝටර් රථයටත් වඩා අඩුමිල මෝටර් රථයක් RE60 නමින් නිපදවා තිබීම නිසා එයින් නැනෝ මෝටර් රථයට දැඩි තරගයක් ඇතිවනු ඇතැයි විශ්වාස කෙරේ.

Posted by Ravaya on 12:03 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ටාටාගේ නැනේගැන ටටිගෙන් හෙළිදරව්වක්"

Leave a reply