පිට පිටම පස්වන දිනයටත් කොටස් පොළ වැටෙයි
පිට පිටම පස්වන දිනයටත් අද කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු පහළ ගිය අතර දිනයේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.
සමස්ත මිල දර්ශකය සියයට 0.97 කින් පහළ ගොස් ඒකක 5,872.94 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 1.23 කින් පහළ ගොස් ඒකක 5,020.43 ක් විය. දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 435 කි.
Environmental Resources Investments කොටසක් රුපියල් 2.10 කින් පහළ ගොස් රුපියල් 29.90 ක්වූ අතර කොටස් 712,700 ක් ගනුදෙනු විය.
කොමර්ෂල් බැංකු කොටසක් ශත දහයකින් පහළ ගොස් රුපියල් 99.90 ක් වෙද්දී කොටස් මිලියන 1.4 ක් ගනුදෙනු වූ අතර ජෝන් කීල්ස් කොටසක් ශත 80 කින් පහළ ගොස් රුපියල් 167 ක් වෙද්දී කොටස් 568,000 ක් ගනුදෙනු වී තිබේ.
0 comments for "පිට පිටම පස්වන දිනයටත් කොටස් පොළ වැටෙයි"