මත්පැන් හා බියර් පදම ඉහළට
උතුරු-නැගෙනහිර වෙළඳ පොළවල් විවෘතවීමත් නීති විරෝධී මත්පැන් අඩුවීමත් හමුවේ මත්පැන් හා බියර් අලෙවිය සියයට 7-8 අතර ප්‍රමාණයකින් වැඩිවී තිබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා කියයි.
සුරාබදු කොමසාරිස් ජනරාල් ඩී.ජී.එම්.වී. හපුආරච්චි මේ බව පැවසූ අතර 2010 වසරට සාපේක්ෂව 2011 වසර සැසඳීමේදී මෙම වැඩිවීම තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
“2011 දත්ත තවමත් අපි ප්‍රකාශයට පත් කරල නෑ. 2010 වසරට සාපේක්ෂව මත්පැන් හා බියර් අලෙවියේ සියයට 7-8 ක පමණ වර්ධනයක් 2011 තිබෙනවා. උතුරු-නැගෙනහිර වෙළඳපොළවල් විවෘත වීමත් සංචාරක කර්මාන්තය වර්ධනය වීමත් නීති විරෝධී මත්පැන් අඩුවීමත් මෙයට හේතුවී තිබෙනවා.“
යනුවෙන් අද පස්වරුවේදී කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හපුආරච්චි මහතා කීය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ දත්ත වලට අනුව 2010 වසරේදී මෙරට සැර මත්පැන් ලීටර් මිලියන 49 ක් නිපදවා තිබෙන අතර බියර් ලීටර් මිලියන 71.3 ක් නිපදවා තිබේ.
0 comments for "මත්පැන් හා බියර් පදම ඉහළට"