ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට එරෙහිව ජනතාව වීදි බසිති

ආර්ථික අර්බුද විසදා ගැනීම සඳහා ඉදිරිපත් කර ඇති ප‍්‍රතිසංස්කරණ චෝදනාවලට එරෙහි උද්ඝෝෂණ ඉහළ යාමත් සමග රුමේනියානු රජය හදිසි රැස්වීමක් කැඳවා තිබේ.

රජය මෙවැනි තීරණයකට පැමිණියේ එරට අගනුවර වූ බුචාරෙස්ට් හිදී උද්ඝෝෂණයන් සහ කැරලි මර්දන පොලීසිය අතර දෙවැනි දිනයටත් හටගත් ගැටුම්වලින් විශාල පිරිසක් තුවාල ලැබීමත් සමගය.

රුමේනියාවේ උද්ඝෝෂණ ආරම්භ වූයේ එරට සෞඛ්‍ය ආරක්ෂක ප‍්‍රතිසංස්කරණවලට එරෙහිව තනතුරෙන් ඉවත් වූ නිලධාරියෙකුට සහාය දක්වීම පිණිසය. එහෙත් උද්ඝෝෂණ පැති යද්දී එය රජයේ ප‍්‍රතිපත්තිවලට එරෙහි පොදු උද්ඝෝෂණයක් බවට පරිවර්තනය වී තිබිණි.

උද්ඝෝෂණ අතරතුරදී ඉරිදා දිනයේ ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් 13 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව සඳහන්වේ. කැරලි මර්දන පොලීසිය උද්ඝෝෂකයන් වෙත කදුලූ ගෑස් ප‍්‍රහාර එල්ල කළ අතර උද්ඝෝෂකයන් පොලිසිය වෙත ගල්මුල් ප‍්‍රහාර එල්ල කරනු ලැබිණි. උද්ඝෝෂකයන් පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

Posted by Ravaya on 5:39 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ආර්ථික ප‍්‍රතිසංස්කරනවලට එරෙහිව ජනතාව වීදි බසිති"

Leave a reply