බකිංහැම් මාලිගය


එංගලන්තයේ බකිංහැම් මාලිගය 1837 සිට බි‍්‍රතාන්‍ය රජපවුලේ නිල නිවස විය. රාජකීයයන්ගේ පරිපාලන මූලස්ථානයද එම මන්දිරයයි. මහජනයාටද රජගෙදර විවෘතය. එහි කාමර 775 කි. රාජකීය හා ආගන්තුකයනටද එහි නිදන කාමර 52 කි. කාර්ය මණ්ඩල නිදන කාමර 188 කි. කාර්යාල 92 කි. නාන කාමර 78 කි. මාලිගය මීටර් 108 ක් දිගය. මීටර් 120 ක් පළලය. මීටර් 24 ක් උසය. දෙවැනි එළිසබෙත් රැජිනගේ හා එඩින්බරෝ ආදිපාදවරයාගේ කාර්ය  මණ්ඩලය එහි ක‍්‍රියාත්මක වෙයි. රාජකීය උත්සව, විදේශ රාජ්‍ය නායකයන් පිළිගැනීම්, තානාපති අත්තපත‍්‍ර බාරදීම ආදිය මෙන්ම රාජකීය උත්සව භෝජන සංග‍්‍රහ ආදිය එහි පැවැත්වේ.
එහි ලී බඩු ඇතුළු භාණ්ඩ මිල කළ නොහැකි නිර්මාණයෝය. කලාභවනක් හෝ කටුගෙයක් මෙන් එහි භාණ්ඩ ඇත. වසරකට පනස් දහසක් පමණ බකිංහැම් මාලිගයට එති.

Posted by Ravaya on 12:36 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බකිංහැම් මාලිගය"

Leave a reply