ලබ්බට තිබු අත පුහුලට ද තබමින්, මහින්ද රාවය නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් කරයි! (Thankyou මහින්ද)

රාවය නිවුස් වෙබ් අඩවිය යනු, සත්‍ය ඇති සැටියෙන්, නොබියව ඉදිරිපත් කරන වෙබ් අඩවියකි, කොන්ඳ පන නැති, අරක්කු බෝතලයට, රුපියල් සතවලට, රට සවාරි යන්න, තොරතුරු වසන් කරන ලංකාවේ මාද්‍ය කලාව තුල, රාවය නිවුස් වෙබ් අඩවිය සත්‍ය වෙනුවෙන් නොබියව පෙනීසිටි අතර, එය ඉදිරියටද දිවිහිමියෙන් අප රට වෙනුවෙන්, මතු පරම්පරාව වෙනුවෙන් කටයුතු කීරීමට රාවය නිවුස් වෙබ් අඩවිය බලාපොර්තුවේ.

අපව නැවතිය නොහැක මන්දයත්, එක පුද්ගලයෙක් නවත්වනවිටදී, තව දසදෙනක් එම හිඩැස පිරවීමට අප පුහුණුකර ඇත. අප රට වෙනුවන්  දිවි පරදුවට තබා ඇති කණ්ඩායමකි. අප මහින්දට වත් ඔහුගේ පවුලේ අයටවත් බය නැත. මන්දයත් මහින්දට ත් අවසානේ ඉතිරි වන්නේ මහින්ද පමණක් බැවිනි, නමුත් අපට එසේ නැත. රට වෙනුවන් පෙනීසිටින, සත්‍යය කතා කරන, අසාධාරණයට එරහිව නැගීසිටින, ප්‍රජාතන්ත්‍රවාදය අගයන සබැ ශ්‍රී ලාංකිකයන්  සෑම තප්පරයකදීම අප හා එක්වන බැවිනි. අපට අවශ්‍යය දේ මහින්ද කරල හමාරය, ඒ රාවය නිවුස් වෙබ් අඩවිය තහනම් කිරීමයි. තහනම තුලින් මහින්ද යලිත් වරක් ශ්‍රී ලංකාව තුල සත්‍ය මාධ්‍ය වාර්තා කරණයට ඉඩ ලංකාව තුල නැති බව සනාථ කර ඇත, මහින්ද, ජනතාවට සත්‍යය දැනගැනීමේ අයිතිය, තම අසීමිත බලතල යොදාගනිමින් සත්‍යය යට පත් කර ඇත. මහින්ද නොදන්නා දේ නම් බැලුම වතුරේ යට සගවාගෙන සිටියට කොයි මොහොතේ හෝ බැලුම වතුරෙන් උඩට එනු ඇත.

ප්‍රජාතන්ත්‍රවාදය අගයන ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් බිහිකීරිම අපගේ වගකීමයි. මක්නිසාද යත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වු තැන. ඒකාධිපතිවාදය බිහිවන විට සියලුම අයිතිවාසිකමි, මානවහිමිකමි පස්ස දොරෙන් පිටව යන නිසාවෙනි. ලෝකයේ ඇති දුෂිතම රටවලවල් වලින් ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රමුක ස්ථානයකය, ලෝකයේ මානවහිමිකම් නැති රටවල්වලින්ද  ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රමුක ස්ථානයකය, ලෝකයේ ඒකාධිපති වාදය දක්වා ගමන්කරන රටවලවල් ද  වලින් ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රමුක ස්ථානයකය, ලෝකයේ එකම පවුලක් (443) එකට එක වී හොරකම් කරන රටවලවල් වලින් ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රමුක ස්ථානයකය, ලෝකයේ වැඩිම ඇමතිකම් දරන රාජ්‍ය නායකයා ලෙස ශ්‍රී ලංකාව සිටින්නේ ප්‍රමුක ස්ථානයකය, ලෝකයේ මාද්‍ය නිදහස නැති රට වලින් අප සිටින්නේ අංක 1 ටය.

මහින්ද ඇතුළු පවුල සහ ඔහුගේ චක් ගෝලයින් මෙතෙක් කල් කලේ මාද්‍යය කරුවන් මුදලට ගෙන, සත්‍යය තොරතුරු වසන් කීරීමයි. නැතිනම් මරාදැමීමයි, නැතිනම් මාද්‍යය ආයතන වසා දැමීමයි. එයට එරහි ව නැගීසිටීමට කාලය එලබ ඇත. නැතිනම් අද  මාද්‍යට තියන ඇත, හෙට ඔබගේ  වියාපාරයට, ගේ දොර ඉඩකඩම් වලට තියනු අත. ලොව බොහෝ රටවල් ඒකාධිපතිවාදය දක්කවා ගමන් කරේ එම රටවල ජනතාවගේ දුර්වල කම නිසාය. නැතිනම් ජනතවගේ නිවටකම නිසය. තීරණය ඔබේ අතේ, ඔබේ දරුවා, බිරිද, අම්මා, තාත්තා, සහෝදර / සහෝදරියන් සහ හෙට මෙලොව දකින පරපුරවනුවෙන් තමන්ගේ රට වනුවෙන් ඉටුකළයුතු යුතුකම් කොටස ඉටුකන්න. තමන් ඉපදුන රටට, මේ මහා පොලවට බරක් නොවන්න.

Posted by Ravaya on 3:40 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

2 comments for "ලබ්බට තිබු අත පුහුලට ද තබමින්, මහින්ද රාවය නිවුස් වෙබ් අඩවිය ශ්‍රී ලංකාව තුල තහනම් කරයි! (Thankyou මහින්ද)"

  1. Ravaya !!!you are asking the general public to do their duty. What is supposed to be the duty of general public? You need to clarify this.It is hard to believe in a "front" or any other "organization" that would not be over taken by the regime when it becomes a serious challenge and a threat to the regime. I am sure, as history has proven, the media could lead it in an invisible way by exposing and educating the general public but at the same time what is important is the right guidance to the general public how to resist regime's strategies and over turn the regime through democratic means using democratic tools. If any media could come up with such a system, I am very positive the general public will use such a system to do the needful to liberalize the country from a handful of lunatics in power. let us read your strategies for the general public please.

  2. Lankave Api Opera Walin Rawaya News Balamu.

Leave a reply