අතුරුදහන් වූවන්ගේ ගණන ඉහළ යන ලකුණු
අනතුරට පත් කොස්ටා කොන්කෝඩියා නෞකාවේ අතුරුදන් වූ පිරිස ඉහළ අගයක් ගනු ඇති බවට සහන සේවකයෝ අනුමාන කරති. මේ වනවිට අතුරුදන්ව ඇති පිරිස 29 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයින් හයදෙනෙකු මරණයට පත්ව ඇති බව තහවුරු කරගෙන තිබේ.නෞකාව භාර සමාගම අනතුර සම්බන්ධයෙන් නැවේ කපිතාන්වරයාට චෝදනා නගා ඇති අතර හෙතෙම එම චෝදනා ප‍්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ඉතාලි රජය හදිසි තත්ත්වයක් ප‍්‍රකාශයට පත්කර තිබේ. එසේම ස්වභාවික ආපදා වළක්වා ගැනීම සඳහා ආධාර සැපයීමටද ඉතාලි රජය සූදානමින් සිටිති. ඉතාලි පරිසර අමාත්‍යවරයා සඳහන් කළේ අනතුරට පත් නෞකාවෙන් යම් ද්‍රව්‍යයක් කාන්දු වන බවය. එහෙත් ඒ ඉන්ධන ද යන්න තවම තහවුරු කරගෙන නැත.
බී.බී.සී













0 comments for "අතුරුදහන් වූවන්ගේ ගණන ඉහළ යන ලකුණු"