ඉන්ධන සහනාධාරය යළි ලබාදීමට ජනපතිගෙන් අනුමැතිය
පෙට‍්‍රල් මිල අඩුකිරීමට ජනාධිපතිවරයා එකගවීමත් සමග උද්ඝෝෂණ අත්හිටුවීමට නයිජීරියානු වෘත්තිය සංගම් තීරණය කර තිබේ. ජනවාරි පළමුවැනිදා සිට ඉන්ධන සහනාධාරය ඉවත් කිරීමට එරට ජනාධිපති ගුඞ්ලක් ජොනතන් තීරණය කිරීමත් සමග උද්ඝෝෂණ ආරම්භ විය. උද්ඝෝෂකයන් සඳහන් කළේ සහනාධාරය කපා හැරීමෙන් ඉන්ධන මිල දෙගුණ වන බවය.සතියක් පුරා පැවැති උද්ඝෝෂවලින් අනතුරුව නැවත ඉන්ධන සහනාධාරයෙන් අඩක් ලබාදීමට සදුදා උදැසන ජනාධිපතිවරයා එකග වී තිබේ. අප‍්‍රිකාවේ විශාලම තෙල් නිෂ්පාදකයා නයිජීරියාවයි. එහෙත් ඔවුන්ගේ තෙල් අපනයනවලින් වැඩි ප‍්‍රමාණය පිරිපහදු කරන ලද තෙල්ය. බොහෝ අප‍්‍රිකානුවන් ඉතා අඩු මිලට ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන්නේ රටේ ඉන්ධන වත්කමින් ඔවුන්ට හිමි එකම වාසිය එය වන බැවිනි.
උද්ඝෝෂකයන් පළවා හැරීමට නයිජීරියාවේ වෙළෙද අගනුවර වන ලාගෝස් හිදී පොලීසිය අහසට වෙඩි තැබූ බවද කදුලූ ගෑස් එල්ල කළ බවද සඳහන්ය.













0 comments for "ඉන්ධන සහනාධාරය යළි ලබාදීමට ජනපතිගෙන් අනුමැතිය"