අගමැති ගිලානිට එරෙහිව උසාවි නියෝගයක්
පකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණය එරට අගමැති යූසුෆ් රාසා ගිලානිට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ අගමැතිවරයා අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමිනි.පකිස්තාන ජනාධිපතිවරයාට සහ එරට තවත් ඉහළ පෙළේ දේශපාලනඥයන්ට එරෙහිව ඇති දූෂණ චෝදනා නඩු නැවත විභාගයට ගැනීම පකිස්තානු රජය ප‍්‍රතික්ෂේප කිරීම පිළිබදව කුමක් කළ යුතුද යන්න ගැන එරට අධිකරණය සලකාබලමින් සිටියි.
තමාගේ ආරක්ෂාව පතා අගහරුවාදා දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින බව අගමැති ගිලානි සදහන් කර තිබූ අතර, ඔහුගේ මෙම ප‍්‍රකාශය රජය අභියෝග රැුසකට ඇද දමනු ඇති බව සඳහන්ය. කෙසේ වුවද තමාගේ තීරණය අධිකරණයට තමන් ගරුකරන බවට ඉගියක් වනබව අගමැති ගිලානි සඳහන් කරයි. හෙතෙම මේ බව සඳහන් කළේ පකිස්තානු පාර්ලිමේන්තුව තුලදී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ ව්‍යවස්ථාවට සහාය දැක්වීමේ යෝජනාව මන්ත‍්‍රීන් විසින් අනුමත කිරීමෙන් අනතුරුවය.
බී.බී.සී.












0 comments for "අගමැති ගිලානිට එරෙහිව උසාවි නියෝගයක්"