බාල පියයුරු බද්ධයන් නිපද වූ ආයතන හිමිකරුට නඩු

පසුගිය කාලයේ ආන්දෝලනයට තුඩුදුන් ප‍්‍රංශයේ පියයුරු විශාල කිරීමේ සැත්කම් සඳහා සිලිකොන් ජේල් බද්ධය නිපද වූ හිමිකරුවකුට එරෙහිව නඩු පවරා තිබේ. සිතාමතා නොකළ අනතුරු චෝදනා යටතේ මොහුට නඩු පවරා ඇති බව ඔහුගේ නීතිඥයා සඳහන් කරයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පොලි ඉම්ප්ලාන්ට් ප්‍රොතෙස් නම් ආයතනයේ හිමිකරු 72 හැවිරිදි ජීන් ක්ලෝඞ් නැමැත්තෙකි. මිනීමැරුම් සිදු කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති ක්ලෝඞ් යූරෝ 100,000 කට යටත්ව අත්අඩංගුවෙන් නිදහස් කර ඇත.

2010 වසරේ දී පොලී ඉම්ප්ලාන්ට් ප්‍රොතෙස් ආයතනයේ නිෂ්පාදනය ප‍්‍රංශ රජය මගින් තහනමට ලක්කරනු ලැබුවේ අඩු ප‍්‍රමිති සිලිකොන් භාවිතය නිසා පියයුරු බද්ධය හානියට ලක්වීමේ අවදානමක් පැවති නිසාය. රටවල් හැටපහක ලක්ෂ හතරකට අධික කාන්තාවන් පිරිසක් පියයුරු බද්ධ කරගෙන ඇති බවට විශ්වාස කෙරේ. ප‍්‍රංශ නීතියට අනුව ක්ලෝඞ්ගේ නිවසේ දී ඔහුගෙන් ප‍්‍රශ්න කර ඇති අතර පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

බී.බී.සී

Posted by Ravaya on 4:13 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "බාල පියයුරු බද්ධයන් නිපද වූ ආයතන හිමිකරුට නඩු"

Leave a reply