ආණ්ඩුව ලංකාව චීනයට විකුණමින් සිටිනවා - ආචාර්ය හර්ෂ ද සිල්වා
විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් රචිත බටහිර බලය හා ශ්‍රී ලංකාවේ ඉරණම නම් කෘතිය චීන බලය හා ශ්‍රී ලංකාවේ ඉරණම යනුවෙන් වෙනස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂ පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.අද (27) කොළඹදී පැවති මාධ්‍යය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා පැවසූයේ ආණ්ඩුව මේ වන විට පැහැදිලිවම ශ්‍රී ලංකාව චීනයට විකුණමින් සිටින බවයි. එමෙන්ම දේශීය ව්‍යාපාර ගොඩනගා දේශීය ආර්ථිකය ශක්තිමත් කලයුතු යැයි පුරසාරම් දොඩන ආණ්ඩුව මේ වන රටේ දියත් කෙරෙන විවිධ ව්‍යාපෘතින් වලදී දේශීය ව්‍යාපාරික ආයතන එලවාදමා චීනයට එම ව්‍යාපෘති බාරදීමට කටයුතු කරමින් සිටින බවද ඔහු පැවසීය.
ෂැංග්‍රීලා හෝටල් සමාගමට කොළඹ ඉඩම් විකිණීම කොළඹ දකුණු වරායේ නව පර්යන්තයේ අයිතිය සියයට 85 ක් චයිනා මර්චන්ට් හෝල්ඩින්ග්ස් ආයතනයට 35 අවුරුද්දකට බදුදීම වැනි ව්‍යාපෘතීන් ඊට උදාහරණ වශයෙන් දැක්විය හැකි බවද ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.
ඔහු තවදුරටත් පවසා සිටියේ එපමණක්ද නොව ආණ්ඩුව හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ වැඩද කිසිඳු ටෙන්ඩර් පටිපාටියකින් තොරව චයිනා හාබර් ඉංජිනියරින් සමාගටම පැවරූ බවයි. එමෙන්ම හම්බන්තොට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඉදිකිරීම්වලත් චයිනා හාබර් සමාගම නිරතව සිටින බවත් මෙම සංවර්ඡන ව්‍යාපෘතීන් සඳහා රජය ණය ගනු ලබන්නේ අධික වාණිජ ණය අනුපාතයකට බවත් ඒ සඳහාද කිසිඳු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය නොකරන බවත් පැවසූ ඒ මහතා සඳහන් කලේ මෙය ආනාගයේදී විශාල වශයෙන් පරටට දැනෙන ප්‍රශ්නයක් වනු ඇති බවයි.
0 comments for "ආණ්ඩුව ලංකාව චීනයට විකුණමින් සිටිනවා - ආචාර්ය හර්ෂ ද සිල්වා"