හංසි එනකං - විමලනාත් වීරරත්න


හංසි නූල් බෝලයක් ගේන්න කඬේට ගිය වේලේ ජනාධිපතිතුමා පම්ප් එකක් දාන්න එළියට බැස්සේය. ඊළඟ මොහොතේ පිළිකන්නේ පේර ගස යට එතුමා සිංදුවක් කියමින් සිටි අතරේ කවුරුදෝ කෙනෙක් බර කටහඬකින් කතා කර ඇසුවේ මොකද අද එළියේ කියාය. ප‍්‍රසිඩන්ට් සිකියුරිටි එකේ ලොක්කා කොහේ හරි මුල්ලක ඉඳන් කතා කරනවා ඇතැයි සිතූ ජනාධිපතිතුමා කීවේ ඇඞ් යන්න ගත්තාමත් බඩවැල වගේ ඕයි කියාය. ඒ කිව්වේ කියා යළි බර කට හඬකින් ඇසූ මෑන්ට ජනාධිපතිතුමා කීවේ වන්දනා බල බලා හිටියේ කියාය. සේරම මෙගා ටික ?ට ?ට බලනවද කියා ටිකක් අමුතු විධියට ඊළඟට ඇසුණු ප‍්‍රශ්නයට ජනාධිපතිතුමා කීවේ ?ට විතරක් නෙමෙයි දවල්ටත් නිකං ඉන්න ගමන් රිපීට් යන ඒවා බලනවා කියාය. ඔය කෙහෙම්මල් බල බල ඉන්නෙ වෙන වැඩ නැද්ද කියා ටිකක් අවඥාසහගතව වගේ ඇසූ අර හාදයාගෙන් ජනාධිපතිතුමා ටික්ක තද වී ඇහුවේ තමුසේ කවුද මගේ වැඩ ගැන ක්වෙස්චන් කරන්න කියාය. මඳ නිහැ`ඩියාවක් සමඟ සීතල සුළඟක් හමා ගෙන ගියේය. අනතුරුව පේර ගහේ කරුව උඩින් කටහඬක් ආවේ මම ප‍්‍රභාකරන් කියාය. ජනාධිපතිතුමා ඒ වෙනකොටත් අල්ලං හිටි දේවල් හීතල වී ගල්ටික් වෙන්න ගිය අතර එතුමා ධෛර්යය උපදවාගෙන ඇසුවේ තමුං මෙතන අහවල් දෙයක්ද කරන්නේ කියාය. තර්ටීන් ප්ලස් හරි මොකක් හරි දෙනකං චුත වෙන්න විධියක් නැතුව ඩෙඞ්බොඩි එකෙන් ඇස්ට‍්‍රල් බොඩි එකට මාරු වූ බව කී ප‍්‍රභාකරන් දෙදාස්නමේ මැයි දහ අට ඉඳන් මාර කට්ටක් කන්නේ කියා කීවේය. තමන් මෙච්චර ටාගට් වෙලත් මේ යකා අනං මනං ටික ගලෝ නොගත්තා ඇති කියා සැනසුම් සුසුමක් හෙලූ ජනාධිපතිතුමා ප‍්‍රභාකරන්්ගේ මනෝකාය පේර ගහ උඩ ඉන්න බව වටහා ගත්තේය. ?ට මොනවද කෑවේ පේරද කියා අනතුරුව ප‍්‍රභාකරන්ගෙන් ඇසූ ජනාධිපතිතුමා ප‍්‍රභාගේ මනෝකායේත් බුරිය සෙව්වේ අනික් එවුංට කරනවා වගේ ඇඟිල්ලෙන් එකක් අනින්නටය. බුරිය තියා මෙලෝදානයක් ඇට කලූවෙරේ ජනාධිපතිතුමා නොදුටු අතර ප‍්‍රභාකරන් ඇසුවේ ක‍්‍රිෂ්ණා කියපු තර්ටීන් ප්ලස් කතාව ඇත්තක්ද කියාය. ඒ යකාට පයිත්තියං නෙ තම්බී කී ජනාධිපතිතුමා මං එහෙම දෙයක් දන්නෙත් නැහැ කිව්වෙත් නැහැ කියා අත පිහදාගන්න බැලූවේය. ප‍්‍රභාකරන් ඊළඟට ඇසුවේ එතකොට ‘තර්ටීන් ප්ලස් වන්’ කියන්නේ මොකක්ද කියාය. මූ මේ කපේ විසඳුමක් දෙන්න බැරි ප‍්‍රශ්නයක් ඇදගෙන කාලය කන්න හදනවා කියා සිතූ ජනාධිපතිතුමා ප‍්‍රභාගෙන් ඇසුවේ හංසි කඬේ ගිහිං ආවද දන්නෑ මං යන්නද එහෙනං කියාය. ඒ පාර ප‍්‍රභාකරන් ඇසුවේ කව්ද හංසි කියන්නේ ගෙදර වැඩ කරන ළමයෙක්ද කියාය. අයියෝ තම්බි වන්දනා නාට්ටියෙ හංසි දන්නැද්ද අර සුදු කෙල්ල කී ජනාධිපතිතුමාට ප‍්‍රභාකරන් කීවේ මං මළාට පස්සේ පටන් ගත්තු මෙගා එකක්ද, මුතු කිරිල්ලියි, පබයි නං ඒ දවස්වල මාත් බැලූවා කියාය. අප්පට සිරි මුතු කිරිල්ලි ඩිවෝස් වුණා කී ජනාධිපතිතුමා පබත් පාර්ලිමේන්තු ඇවිත් ඩිවෝස් එක ගත්තා කියා කීවේය. දැන් එහෙනං දිගටම පබා බලන්න පුළුවන්නෙ කියා පේර ගහේ අත්තක ඉඳන් හැක හැක ගා කී ප‍්‍රභාට ජනාධිපතිතුමා කීවේ මොන, ඒ වැඬේට නං ඉතිං විධායක ව්‍යවස්ථාව වෙනස් කරලා පාර්ලිමේන්තුවට වග කියන අගමැතිධුරයක් ස්ථාපිත කරන්න වෙනවා කියාය. පබා වෙනුවෙන්වත් එක්සකටිව් එක වෙනස් කරන්න බලමුකො ඉතිං කියා යෝජනාවක් කළ ප‍්‍රභාකරන් හදිසියේම යමක් මතක්වී මෙන් ඇසුවේ තර්ටීන් ප්ලස් වන් කිව්වාම ඒකට පොලිස් ඇන්ඞ් ලෑන්ඞ් පවර්ස් ලැබෙන එකත් වෙලාවෙ හැටියට ලොකු හයියක් කියාය. ඕවා ගැන ඉතිං තව ඩිස්කස් කරන්න වෙනවා කී ජනාධිපතිතුමා හංසිට මගදී කරදරයක්වත් වුණාද දන්නෑ කියා වටපිට බැලූවේය. ඒවතාවේ ප‍්‍රභාකරන් ඇසුවේ ඇත්තටම මිස්ටර් ප‍්‍රසිඩන්ට් මොකක්ද ඔය හංසි කියන කෙල්ලගෙ සීන් එක කියාය. ඒ ප‍්‍රශ්නයෙන් සතුටට පත් ජනාධිපතිතුමා හංසි ඇඳුම් මහන එකයි, යුනිවර්සිටිකාරයා හංසි හංසි කිය කියා සිට වන්දනා එක්ක ඊමේල්වලින් සෙට් වූ හැටියි. කෙහෙද යන ගණන්කාරයෙක් හංසිට ප්ලග් වෙන්න හදන එකයි ගැන හෙන පැහැදිලි කිරීමක් කළේය.

ඔය කියන එවුන් ටික උතුරේ බලතල තියන පළාත් සභාවක් පිහිටුවනවාට කැමතිද අකමැතිද කියා ජනාධිපතිතුමා කියපු නාට්ටියේ චරිත හරහා යළි දහතුන ගැන සාකච්ඡුාවේ එල්ලෙන්න ට‍්‍රයි කළ ප‍්‍රභාට ජනාධිපතිතුමා කිවේ තමන් දන්න තරමින් නම් උන් ටික කවමදාවත් දහතුනක් ගැන කෙළබිඳක්වත් බිම ‘හළලා නැහැ කියාය. උන් නොකර සද්ද රඟපානවා කියන්නෙ බලය බෙදිල්ලට විරෝධය පෑම තමයි කී ප‍්‍රභාට ජනාධිපතිතුමා කීවේ ගොඩක් පෙම්වතුන් නම් ඒකීය රාජ්‍යයක ජීවත්වෙන්න කැමැති බව උන්ගෙ ලව් නැති සීන් බලනකොට පේනවා කියාය. ප‍්‍රභාකරන් කීවේ ඒ වුණාට බැඳලා ටික කාලෙකින් මොනම මිනිහෙකුවත් ඒකී රාජ්‍යයේ ඉන්නෙ නැහැ ඉන්නත් බැහැ කියාය. ජනාධිපති තුමා කීවේ යු ආ කරෙක්ට් බට් ෂටප් යුවර් මවුත් කියාය. ලංකාවේ හැම එකාම මෙගා බැලූවොත් දෙමළ ජනතාවට හුළං කියූ ප‍්‍රභාට ජනාධිපතිතුමා කීවේ අන්න තම්බීට තේරුණා පිංචකයලා, වාරවිංසලා, බොරළුගොඩ සින්නයගේ පුතාලා තර්ටීන් ප්ලස් එකට විරුද්ධ වෙන්න ඒකත් එක හේතුවක් කියා කීවේය. ඒගොල්ලොත් ඔය කියන නාට්ටි බලනවද කියා ඇසූ ප‍්‍රභාට ජනාධිපතිතුමා කීවේ නොබලා කොහොමද ඒ ගොල්ලෝ පහුවදාට ඇවිත් මාත් එක්ක ඩිස්කස් කරන්නේ කියාය.

ප‍්‍රභාකරන් චව් චව් ගා පේර ගැටයක් හපන හඬ ඇසුණේය. ‘තම්බි වුණත් නිරිපේර කකා විඳින දුක මට නොතේරෙනවා නෙමෙයි’ කියා ඉකි ගහන්න ඔන්න මෙන්න හඬකින් කී ජනාධිපතිතුමා මට ඕනෙ ඕනේ ඒවා මේ පුටුවෙ ඉඳන් කරන්න ගියොත් නලීන්ද සිල්වා මාව අස්කරනවා කියා තිබුණා තම්බි දැක්කෙ නැද්ද කියා ප‍්‍රභාගෙන් ඇසුවේය. ප‍්‍රභා බිරන්තට්ටු වී සිටින විට ජනාධිපතිතුමා යළි කීවේ ගිය ඉරිදා ඉරු රැුස ලීඞ් එක බලපං කියාය. අනතුරුව කීවේ ගුණදාස අමරසේකර මාව පරාජය කරනවා කියලත් ඒකෙම දාලා තිබුණා කියාය. අප්පට හුඩු ඒ යක්කු ඒ තරම් බලවත්තුද කියා ඇසූ ප‍්‍රභාකරන්ට ජනාධිපතිතුමා කීවේ ඇයි තමුසෙ යුද්ධ කරේ වෙන රටක ඉඳන්ද? නලීන් තමුසෙගෙ සීයලා. බාප්පලා, මහප්පලා ගැන ලිව්වා. අනික් එක්කෙනා ගමනක මුල ඉඳලා අගට ලියලා මගෙත් කඳ විතරයි තියෙන්නේ කියලා ලිව්වා කියා කීවේය. ප‍්‍රභාකරන් කීවේ තරහ නැතිව මට මසුරමක් දෙන්න බැරිද මං කිව්වයි කියලා ඔබතුමා ඒක පස්සෙ කේ.පී.ගෙන් ඉල්ල ගන්න කියාය. මේ හදිසියේ මසුරමක් මොකටද කියා ඇසූ ජනාධිපතිතුමාට ප‍්‍රභාකරන් කීවේ ගුණදාස අමරසේකරගේ කටේ දාන්න කියාය. පව් කියලා කතා කර කර ඉන්න හැදුවම මූත් මටම කෙළින්න හදනවා කියා සිතූ ජනාධිපතිතුමා මං යනවා කියා පේර ගහ දෙසවත් නොබලා දඩ බඩ ගා ගෙට පැන ගත්තේය. ඒ වනවිට අටේ ප‍්‍රවෘත්ති පටන් ගෙන තිබුණි. ප‍්‍රභාකරන්ද පේර ගහෙන් ඉවතට පාවී ගොස් ජනාධිපතිතුමාගේ ටීවී කාමරයේ ලොකු වා කවුළුවකින් ගෙට හොම්බ දැම්මේය. පළමු ප‍්‍රවෘත්තිය වූයේ මැගසින් එකේ කැරැුල්ලයි. බන්ධනාගාරයේ හාදයෝ වෙල්ලි මුල්ලි වයික්කාල් ගාණට වෙඩි තබා තිබුණෝය. ප‍්‍රභාකරන් වා කවුළුවට මනෝකායේ කට පැත්ත තබා ඇසුවේ ඔහොම යනකොට ෆොන්සේකා කාරයත් අහක යන පරිප්පුවක් කයිද දන්නෑ කියාය. ජනාධිපතිතතුමා කීවේ අනේ මන්දා ඒක තමයි මාත් මේ හෙන බයේ ඉන්නේ, මිනිහටත් තරහා කාරයෝ වැහි වැහැලා කියාය. ජනාධිපතිතුමා රිමෝට් එක අරන් නොවසිල්ලෙන් චැනල් මාරු කරන විට ප‍්‍රභාකරන් ඇසුවේ මොකද වන්දනා ඉවර වෙලාද කියාය. වන්දනාගෙ කෑල්වත් නැහැ කී ජනාධිපතිතුමා හදිසියේම දුටුවේ විද්වත් සාකච්ඡුාවක සිටි කවුරු හරි පොරක් එල්.එල්.ආර්.සී. රිපෝට් එක ගැන ආණ්ඩුවේ නියෝජිතයකුගෙන් ප‍්‍රශ්න කරන අන්දමය. ආණ්ඩුවේ නියෝජිතයා හෙන කන්පින්දමක් ගහන විට ප‍්‍රභාකරන් ජනාධිපතිතුමාගෙන් ඇසුවේ ඇත්තටම ඒ රිපෝට් එකට මොකද කරන්න හිතං ඉන්නේ කියාය. ජනාධිපතිතුමා කීවේ ඒකෙ තිබුණු වැදගත් නිර්දේශයක් වේලාසනම ක‍්‍රියාත්මක කළා කියාය. ඒ කිව්වේ කියා ඇසූ ප‍්‍රභාකරන්ට ජනාධිපතිතුමා කීවේ ලාස්ට් වෝ එකේදී ලෝ එක කඩපු පොර දැනටමත් මැගසින් කියාය. ආ ඒකද කියා ඒ කතාව වැඩිය ගණන් නොගත් ප‍්‍රභා හරි ඉතිං ටෝටලි ෆුල් රිපෝට් එක ගැන මොකද කරන්න යන්නෙ කියලයි මං අහන්නෙ කියා ජනාධිපතිතුමාගෙන් ටිකක් තදින් ඇසුවේය. එතුමා කීවේ ඒ රිපෝට් එකත් අනික් ඒවා වගේ රෝල් කරලා, රෝල් කරලා, රෝල් කරලා කක්කා පුච්චෝ ගහ ගන්නවා කියාය.

රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.

සබැදි ලිපි
- මරු ඡන්ද ප‍්‍රතිඵලේ ඕයි
- පාතාලය නැසීමේ පාතාල චින්තනය

Posted by Ravaya on 4:25 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "හංසි එනකං - විමලනාත් වීරරත්න"

Leave a reply