මධ්‍යම ආසියානු කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට ඇරඹේ
ලබන සෙනසුරාදා (21) මිගමුව වෙරළ උද්‍යානයේ ඇරඹෙන මධ්‍යම ආසියානු කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා සත්කාරක ශ‍්‍රි ලංකාව වෙනුවෙන් තරගවැදීමට පසුගිය වසරේ පැවැති දකුණු ආසියාතික වෙරළ ක‍්‍රීඩා උළෙලේ රන් හා රිදී පදක්කම්ලාභී වෙරළ වොලිබෝල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තෝරාගෙන තිබේ.
මේ වසර අග භාගයේ ලන්ඩන් නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල වෙනුවෙන් ආසායානු කලාපයේ සුදුස්සන් තෝරාගැනීම සඳහා පවත්වන මධ්‍යම ආසියානු කලාපීය කුසලතා තරගාවලිය ලබන සෙනසුරාදා සහ ඉරිදා (21,22) මීගමුව වෙරළ උද්‍යානයේ පැවැත්වීමට නියමි අතර මධ්‍යම ආසියානු කලාපයට අයත් ඉන්දියාව, මාලදිවයින, කසකස්ථානය, ඉරානය හා ශ‍්‍රී ලංකාව මෙම තරගාවලියට තරගවැදීමට නියමිතය.
පිරිමි හා කාන්තා දෙඅංශයෙන්ම ක‍්‍රියාත්මක වන මෙම තරගාවලියට මහේෂ් පෙරේරා, වසන්ත රත්නපාල, පුබුදු ඒකනායක, සම්පත් පිරීස් යන ක‍්‍රීඩකයින්ද, ගීතිකා ලලනි ගුණවර්ධන, තක්‍ෂිලා ගුණසිංහ, සාගරිකා ගුණසිංහ, ඩබ්.ඩබ්. සුජීවා යන ක‍්‍රීඩිකාවන්ද සත්කාරක ශ‍්‍රී ලංකාවෙන් තරග කිරීමට තොරාගෙන තිබේ.
තරගාපලියේ සමාරම්භක උත්සවය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ ප‍්‍රධානත්වයෙන් සිකුරාදා (20) පස්වරු 5 ට මීගමු වෙරළ උද්‍යානයේදී පැවැත්වෙන අතර තරගාවලියේ සමාප්ති උත්සවය ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරේ.

0 comments for "මධ්‍යම ආසියානු කලාපීය වෙරළ වොලිබෝල් තරගාවලිය හෙට ඇරඹේ"