ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 5 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්තරගාවලියේ සිව්වැනි තරගය අද (20දා) දකුණු අප්‍රිකාවේ කිම්බර්ලිහිදී පැවැත්වේ.

මේ වන විටත් ශ්‍රී ලංකාව තරගාවලිය තරග 3-0 කින් පරාජයවී සිටියි.

එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ 5 වැනි ස්ථානය දක්වා පහළට වැටී සිටින ශ්‍රී ලංකාවට එම ස්ථානය රැක ගැනීමට අවසන් තරග දෙකම ජය ගැනීමේ අභියෝගය එල්ලවී තිබේ.

මෙම තරග දෙක පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට එක්දින ශ්‍රේණියේ 6 වැනි ස්ථානය දක්වා පහළට වැටීමට සිදුවන අතර එංගලන්තය 5 වැනි තැනට පත්වේ.

අද තරගයට මහේල ජයවර්ධන ක්‍රීඩා කිරීම සැක සහිත වී ඇති අතර ඔහු පිට කොන්දේ ආබාධයකට ගොදුරුවී සිටින බව වාර්තා වේ.

මහේල ක්‍රීඩා නොකළහොත් එම ස්ථානය ලහිරු තිරිමාන්නට හිමිවේ.

අද තරගයට නවක දඟ පන්දු යවන්නා වන සචිත්‍ර සේනානායක ක්‍රීඩා කරනු ඇතැයි වාර්තා වන අතර තිසර පෙරේරාටද අද අවස්ථාවක් හිමිවීමට බොහෝ දුරට ඉඩ කඩ තිබේ.

එක්දින තරගාවලිය ජය ගෙන ඇති බැවින් දකුණු අප්‍රිකාවද මුල් තරග 3 ට ක්‍රීඩා නොකළ වේග පන්දු යවන්නන් දෙදෙනා වන වේන් පානෙල් සහ වර්නන් පිලැන්ඩර්ට අවස්ථාවක් ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

මේ අතර දකුණු අප්‍රිකානු නායක ඩිවිලියර්ස් පවසා ඇත්තේ අද තරගය ජයගෙන තරගාවලිය 4-0 ක් ලෙස පෙරට පැමිණීම තම අරමුණ බවත් ඉන් පසු තරග 5-0 ජයග්‍රහණය ගැන සැලසුම් සකස් කරන බවයි. 

දකුණු අප්‍රිකානු සංචිතය
ඒ.බි.ඩිවිලියර්ස් (නායක), ග්‍රැහැම් ස්මිත්, ඇල්වයරෝ පීටර්සන්, කොලින් ඉන්ග්‍රම්, ජේ.පී. ඩුමිනි, ඩු ප්ලෙසිස්, ඇල්බි මෝකල්, මොනි මෝකල්, ඩේල් ස්ටේන්, සොට්සෝබේ, රොබින් පීටර්සන්, වර්නන් පිලැන්ඩර්, ජොහාන් බෝතා, වේන් පානෙල්

ශ්‍රී ලංකා කණ්ඩායම
ටී.එම්. ඩිල්ෂාන් (නායක) උපුල් තරංග, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, සචිත්‍ර සේනානායක, ලසිත් මාලිංග, ධම්මික ප්‍රසාද්, ලහිරු තිරිමාන්න, කෝසල කුලසේකර, රංගන හේරත්

Posted by Ravaya on 4:47 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා සිව්වැනි එක්දින තරගය අද"

Leave a reply