ඉතාලි නෞකා අනතුර කපිතාන් නිවාස අඩස්සියට
පසුගිය සිකුරාදා ගල්පරයක හැපී අනතුරට ලක්වූ කොස්ටා කොන්කෝඩියා නෞකාවේ කපිතාන්වරයා නිවාස අඩස්සියට පත්කරන ලෙස ඉතාලි විනිසුරුවන් නියෝක කර තිබේ.
මෙම නඩුව මෙහෙයවූ නීතීඥයන් සඳහන් කළේ නැව් අනතුරට ෆ‍්‍රැන්සිස්කෝ වෙට්ටිනෝ වගකිව යුතු බවත් නැව අනතුරට පත්වූ පසු මගීන් එලෙසම සිටියදී ඔහු නැවෙන් පැන ගොස් ඇති බවත්ය.
නැව අනතුරට ලක්වීමෙන් පසු අධාර අවශ්‍යදැයි විමසා කැප්ටන් චෙට්ටිනෝ සහ වරාය නිලධාරීන් අතර සංවාදයක් ඇති වී තිබෙන අතර කැප්ටන් චෙට්ටිනෝ උදව් ප‍්‍රතික්ෂේප කර තිබේ. මෙම නැව් අනතුරින් පුද්ගලයන් එකලොස් දෙනෙකු මිය ගොස් ඇති අතර 24 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ. මෙම අතුරුදහන්වූවන් අතර ජර්මන්, ඉතාලි, ප‍්‍රංශ සහ ඇමෙරිකානු ජාතිකයින්ද සිටිති.
බී.බී.සී
0 comments for "ඉතාලි නෞකා අනතුර කපිතාන් නිවාස අඩස්සියට"