yahoo ලොක්කා මාරු

ලොව ප්‍රමුඛ අන්තර්ජාල සෙවුම් වැඩසටහනක් වන yahoo හි සම නිර්මාතෘ ජෙරි යැන්ග් එහි අධ්ය්ක්ෂක මන්ඩලයෙන් ඉල්ලා අස්වී ඇත. වර්ෂ 1995 දී  ඩේවිඩ් ෆිලෝ සමග yahoo අන්තර්ජාල සෙවුම් සමාගම ආරම්භ කල ජෙරි යැන්ග් වර්ෂ 2007 සිට 2009 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරියා ලෙසද කටයුතු කලේය.

තවත් ප්‍රකට අන්තර්ජාල සමාගමක් වන  Paypal හි හිටපු ප්‍රධානියා yahoo සමාගමේ මුල් පුටුවට පත්වීමෙන් සති දෙකකට පසු ජෙරි යැන්ග් yahoo සමාගමේ නිළතල වලින් සමුගැනීමට තීරණය කිරීම විශේෂත්වයකි.

yahoo සමාගමෙන් එපිට ලොවට සිත යොමු කිරීමට කාලය පැමිණ ඇතැයි yahoo හි සම නිර්මාතෘ ජෙරි යැන්ග් පවසයි.

Posted by Ravaya on 4:42 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "yahoo ලොක්කා මාරු"

Leave a reply