ප‍්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු නොදෙන ක්ෂය රෝගී තත්ත්වයක්
ප‍්‍රතිජීවක ඖෂධයන්ට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිරෝධය දක්වන ක්ෂයරෝගී තත්ත්වයක් හෙළිදරව් කර ගැනීමට හැකි වූ බව ඉන්දියානු වෛද්‍යවරු පිරිසක් සඳහන් කරති.
ඖෂදවලට ප‍්‍රතිරෝධය දක්වන මෙම ක්ෂය රෝගී තත්ත්වය කෙමෙන් වර්ධනය වෙමින් පවතින බවත් සුව කළ නොහැකි තත්ත්වයක් පෙන්නුම් කරන එය ඉතාලියෙන් සහ ඉරානයෙන් හඳුනා ගන්නට හැකි වූ ක්ෂය රෝගයට සමාන බවත් වාර්තාවක් ඉදිරිපත් කරමින් වෛද්‍යවරු සඳහන් කරති.
මුම්බායිහි වෛද්‍යවරු සඳහන් කළේ මෙම නව ක්ෂය රෝගී තත්ත්වයට ගොදුරු වූ රෝගීන් දොලොස් දෙනෙකුගෙන් ඖෂධ ප‍්‍රතිරෝධී වීම දැකගත හැකි වූ තවත් රෝගීන් තිදෙනකු මිය ගිය බවත්ය.
ඉන්දියානු සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති අතර වෛi කණ්ඩායමක් මුම්බායි බලා පිටත් කර ඇති බව සඳහන්ය. ක්ෂය රෝගය යනු ලෝකයේ මරණ සංඛ්‍යාවෙන් වැඩි ප‍්‍රමාණයකට වගකිව යුතු එච්.අයි.වී. ඒඞ්ස් රෝගයට පමණක් දෙවැනි වන බෝ වන රෝගී තත්ත්වයකි. සාමාන්‍යයෙන් ක්ෂය රෝගය වැලදුන පුද්ගලයකුට සය මාසික ප‍්‍රතිජීවක ඖෂධ වට්ටෝරුවක් ලබාදෙනු ලබයි. එහෙත් මෙම නව ක්ෂය රෝගී තත්ත්වය ඇති කරන බැක්ටීරියා එසේ ලබාදෙනු ලබන ඖෂධ සඳහා දැඩි ප‍්‍රතිරෝධයක් දක්වන බව සඳහන්ය.
0 comments for "ප‍්‍රතිජීවක ඖෂධවලට ඔරොත්තු නොදෙන ක්ෂය රෝගී තත්ත්වයක්"