අගමැති ගිලානි අධිකරණය හමුවට
ජනාධිපතිවරයාට විරුද්ධව ඇති දූෂණ චෝදනා යළි විභාගයට ගැනීම ප‍්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පකිස්තාන අගමැති යූසුෆ් රාසා ගිලානි එරට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට නියමිතය.
ජනාධිපති අසිෆ් අල් සර්දාරිට එරෙහිව ඇති නඩු විභාග යළි ආරම්භ කරන ලෙස ස්විට්සර්ලන්ත බලධාරීන්ට දැනුම් නොදීම සම්බන්ධයෙන් අගමැති ගිලානිට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය නඩු පවරා තිබේ. අගමැති ගිලානිගේ නීතිඥයන් සඳහන් කළේ ජනාධිපතිවරයාට එරෙහිව නඩු විභාග ආරම්භ කරන ලෙස ලිඛිතව ඉල්ලා සිටීමේ සූදානමක් පවතින බවය.
2007 වසරේ දී ස්විට්සර්ලන්ත රජය විසින් අල් සර්දාරි සහ ඔහුගේ බිරිය ඝාතනයට ලක් වූ බෙනාසිර් භූතෝට විරුද්ධව පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කර තිබුණි. භූතෝට සහ සර්දාරිට එල්ල වූ චෝදනාව වූයේ පකිස්තානය සමග සබඳකම් පැවැත්වූ එක්තරා සමාගම් කීපයකින් ලබාගත් ඩොලර් මිලියන 12ක අල්ලස් මුදල් තම වත්කම්වලින් සැගවීම සඳහා ස්විස් බැංකු ගිණුමක් පාවිච්චි කළේය යන්නය.
ස්විට්සර්ලන්ත බලධාරීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් කිරීම අගමැති ගිලානි දීර්ඝ කාලයක සිට ප‍්‍රතික්ෂේප කර ඇති අතර ධූරයේ සිටිනතාක් කල් ජනාධිපතිවරයාට නඩු පැවරිය නොහැකි බවට හෙතෙම තර්ක කරයි.

0 comments for "අගමැති ගිලානි අධිකරණය හමුවට"