ඉන්දියාවේ දැඩි සීතලෙන් 15ක් මියයයි

දකුණු ඉන්දියාවට මේ දිනවල බලපා ඇති දැඩි සීතල හේතුවෙන් පුද්ගලයන් පහළොස් දෙනෙකුවත් මියයන්නට ඇති බව වාර්තා වේ.

මෙම සියලූ මරණ අන්ද්‍රා ප‍්‍රදේශ් ප‍්‍රාන්තයෙන් වාර්තා වී තිබෙන අතර එම ප‍්‍රාන්තයේ මුහුදුබඩ දිස්ත‍්‍රික්කවල සහ තෙලෙන්ගානා ප‍්‍රදේශයේ ඇතැම් තැන්වල උෂ්ණත්වය සෙල්සියස් අංශක එක දක්වා අඩු වී ඇති බව එරට කාලගුණ විද්‍යා නිලධාරිහු සඳහන් කරයි.

අසල්වැසි කර්නාටක ප‍්‍රාන්තයේ ද උෂ්ණත්වය ඉතා පහළ අගයක්ගෙන ඇති අතර එය වසර සියයක කාලයක් තුළ වාර්තා වූ අඩුම උෂ්ණත්වය බව සඳහන්ය. උතුරු ඉන්දියාව ද දැඩි සීතල කාලගුණික තත්ත්වයයෙන් පීඩා විදින බව සඳහන්ය.

Posted by Ravaya on 5:09 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ඉන්දියාවේ දැඩි සීතලෙන් 15ක් මියයයි"

Leave a reply