ස්වර්ණවාහිනියේ අලුත් නාඩගම

ස්වර්ණවාහිනියේ වැඩසටහන් නිෂ්පාදන අංශය ආරවුල් රැසකට මැදිව ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වාර්තා කරයි.

ස්වර්ණවාහිනියේ  ආයතන ප‍්‍රධානියා විසින් මෙම ආරවුල් සියල්ල ගොඩ නගමින් සිටින බවද පැවසේ.

ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහන් අධ්‍යක්ෂකවරයා වන බුද්ධික කුලසේකර එම අංශයෙන් ඉවත් කිරීමට උත්සාහ කිරීම ඒ අතරින් ප‍්‍රධාන තැනක් ගෙන අතැයි ද වාර්තා වේ.

මේ අතර, ටෙලි නාට්‍ය විකාශය කෙරෙන රාතී‍්‍ර 8.30 විකාශ කාලයද බුද්ධිකගෙන් උදුරාගෙන අතැයි ද පැවසේ.

එම විකාශ කාලය විනිල් මැනික් හිමිකරුට ලබාදිමේ සැලැසුමක්ද  ස්වර්ණවාහිනියේ ආයතන ප‍්‍රධානියා විසින් කි‍්‍රයාත්මක කර අතැයි ද එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

බුද්ධිකගේ තනතුරට ආදේශ කිරීමට සූදානම් වන්නේ තුෂාන් නැමැති අයෙකු බවද පැවසේ.

තුෂාන් වැඩසටහන් නිෂ්පාදනය සම්බන්ධයෙන් කිසිම දෙයක් නොදන්නා අයෙක් බවද පැවසෙන අතර ඔහු ඊ.ඒ.පී. සිනමාවද බංකොළොත් කිරීමට පූරෝගාමී වූ අයෙක් බව එම නාලිකාවේ සේවකයෝ පවසති.

ඔහු ඊ.ඒ.පී. සිනමාවට සම්බන්ධවීමෙන් පසුව එහි නිර්මාණය වූ කිසිදු සිනමා පටයක් මෙතෙක් සම්මානයට පාත‍්‍ර නොවූ බවද පැවසෙන අතර, ඔහු එහි මුල් පුටුවට පත්වීමත් සමග එම ආයතනයේ සේවය කළ දක්‍ෂයන් සියල්ලක්ම පාහේ ඉන් ඉවත්ව ගොස් ඇති බවද පැවසේ.

පැරණි දක්‍ෂයින් අතරින් එහි ඉතිරිවී ඇත්තේ ගලගෙදර නැමැත්තා පමණක් බවද වාර්තා වේ.

ඊ.ඒ.පී. සිනමා ශාලා පිරිහී ඇති බව පසුගිය කාලයේදී මාධ්‍ය විසින් ද වාර්තා කර තිබිණි.

කොළඹ කොල්ලුපිටියේ ලිබර්ටි සිනමා ශාලාවේ විත‍්‍රපටයක් නැරඹීමට ගිය පේ‍්‍රක්‍ෂකයෙකුගේ කකුළක් මීයෙකු විසින් සපාකෑම හේතුවෙන් අදාළ තැනැත්තා කළ පැමිණිල්ලකට අනුව  කොළඹ, ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් විසින් පරික්‍ෂා කර පේ‍්‍රක්‍ෂකයන්ගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙසද නිර්දේශ කර තිබිණි.

එසේම ලිබර්ටි සිනමා ශාලාවේ වැසිකිලි ඉතා අපිරිසදු බවත්, ඒවායෙන් දුර්ගන්ධයද පැතිරෙන බවත් එම අවස්ථාවේදී කොළඹ, ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන් විසින් නිගමනය කර තිබිණි.

මේ අතර පසුගිය කාලයේදී බුද්ධිකට එරෙහිව ස්වර්ණවාහිනිය පුරා කැළෑ පත්තර කිහිපයක් ද අලවා තිබූ බවද පැවසේ.

මෙම කැළෑ පත්තර මුද‍්‍රණයට ද තුෂාන් සම්බන්ධ වී ඇති බවටත් ඒවා බෙදා හැරීමට ආනන්ද නැමැත්තෙකු කටයුතු කර අති බවත් එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචිමාර්ග හෙලිකරයි.

පසුගිය කාලයේදි තුෂාන් හා ස්වර්ණවාහිනියේ  ආයතන ප‍්‍රධානියා විසින් වයස අවුරුදු 55 ඉක්මවූ සියලුම සේවකයන් ආයතනයෙන් ඉවත් කළ ද අවුරුදු 60කට ආසන්න මලික් නැමැත්තෙකු ඔවුන්ගේ මිම්මට හසු නොවීම සම්බන්ධයෙන්ද සේවකයෝ විමතිය පල කරති.

කෙසේවුවද පසුගිය කාලයේදී පැවැති රියැලිටි වැඩසටහන්වලට සහයදුන් අයට මෙතෙක් මුදල් ගෙවා ගැනීමට නොහැකිව එම නාලිකාව බංකොළොත් වෙමින් තිබෙන බවත් මේ අතර, වාර්තා වේ.

මෙම කාරනා සම්බන්ධයෙන් දැණුවත් කරමින් ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාරයේ සභාපතිනිය වන සෝමා එදිරිසිංහ ප‍්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමාජිකයන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ හා දිපා එදිරිසංහ යන මහත්ම මහත්මීන්ට සේවකයන් විසින් ලිපියක් යොමුකර ඇතැයි ද පැවසේ.

Posted by Ravaya on 8:04 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ස්වර්ණවාහිනියේ අලුත් නාඩගම"

Leave a reply