සජිත් රු.1000 ක කේක් ගෙඩියක් දී ප්‍රචාරය කරයි

එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ගේ කාමරය වෙත ඊයේ (19) දින රුපියල් 1000/= ක කේක් ගෙඩියක් ඒවා,   සුපුරුදු පරිදි පුළුල් ප්‍රචාරක වාසියක් අත්කර ගෙන තිබේ.

ප්‍රේමදාස මන්ත්‍රීවරයාගේ 45 වන උපන්දිනය පසුගියදා යෙදී තිබූ අතර ඒ වෙනුවෙන් ඔහු  කාර්යාල කාර්ය සහායකයෙකු අත එම කේක් ගෙඩිය එවා ඇත.

කෙසේ වෙතත්, එම අයිසින් කේක් ගෙඩියට වඩා ප්‍රනීත ආහාර පාන පාර්ලිමේන්තුවෙන් ලැබෙන බැවින්  බොහෝ මාධ්‍යවේදීන් සජිත්ගේ කේක් ගෙඩියේ රස පවා භුක්තිවිඳ නොතිබිණ.

නමුත්,  සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් බ්ලොග් අඩවියක් මගින් ඒ මහතාගේ කේක් සංග්‍රහය ගැන වාරථ කර  තිබූ අතර එහි දක්වා තිබුණේ තමන්ගේ උපන්දිනය යෙදී තිබූ අවස්ථාවේදීත් ප්‍රේමදාස මහතා මාධ්‍යවේදීන් අමතක නොකොට සිය සතුට ඛෙදාගත් බවයි.

මෙම කේක් සංග්‍රහය පිළිබද අතිශෝක්තියෙන් ලියවුන වාර්ථා මෙම සති අන්තයේ දේශපාලන තීරුවල පවා පළකර වීමට ප්‍රේමදාස මහතා කටයුතු යොදා තිබේ.

මේ පිලිබදව  මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු අපවෙත පැවසුයේ,  කිසියම් සංග්‍රහයක් ලබාදී පටු අරමුණු වෙනුවෙන් ඒවා හුවා දක්වමින් ප්‍රචාරය කිරීම ඉතා නීච ක්‍රියාවක් බවයි.

Posted by Ravaya on 1:15 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සජිත් රු.1000 ක කේක් ගෙඩියක් දී ප්‍රචාරය කරයි"

Leave a reply