තෙල් ගෙන්නන කොන්ත්‍රාත්තුව සජින් වාස්ට

ඇමරිකාව විසින් ඉරානයට පනවා ඇති සම්බාධක හේතුවෙන් ශ්‍රී ලංකාවට ඛනිජතෙල් ආනයනයේදී ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලූ මගහරවාගැනීමට විකල්ප වැඩසටහනක් සොයා බැලීමේ කටයුතු  සජින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයාට වෙත පවරන්නැයි ජනාධිපතිවරයා ඛනිජතෙල් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට දැනුම්දී තිබේ.

ඒ අනුව, කෙසේ හෝ ඛනිජතෙල් මිලදීගැනීම සඳහා විකල්ප රටක් සොයාදෙන ලෙස ප්‍රේමජයන්ත අමාත්‍යවරයා,  සජින් වාස් මන්ත්‍රීවරයාට  පාර්ලිමේන්තුවේදී පවසා ඇත.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදීත් ආණ්ඩුව විසින් අයථා අන්දමින් ගණුදෙනු කිරීමට ඇති ඉඩකඩ වලක්වා නොගන්නේ නම් ඉදිරියේදී තව තවත් ගැටලූ මතුවිය හැකි බව ආණ්ඩුවේම මැති ඇමතිවරු කියා සිටියි.

Posted by Ravaya on 1:29 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තෙල් ගෙන්නන කොන්ත්‍රාත්තුව සජින් වාස්ට"

Leave a reply