ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් අපට වැදගත් වන්නේ කි්රෂ්ණන්ගේ ප්‍රකාශ නොවෙයි - ජවිපෙ
දෙමළ විද්වතුන්ගෙන් ටීඑන්ඒ එකට යෝජනා කීපයක්
පසුගිය 18 දින උදේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය පැලවත්තේදී රැස්වුණා. එදින ප්‍රධාන මාතෘකාව වුණේ ඉන්දීය විදේශ කටයුතු ඇමති කි්රෂ්ණන් මහතාගේ පැමිණීමත් ඔහු ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් මැදිහත්වන ආකාරයත් පිළිබඳවය. මේ සම්බන්ධයෙන් පළමුවෙන් අදහස් දැක්වූවේ ජවිපෙ නායක සෝමවංශ අමරසිංහ මහතාය.
‘‘13 වෙනි ව්‍යවස්ථා සංශෝධයට එහා ගිය විසදුමක් දෙනවා කියලා කියලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා එකඟ වුණ කියලා කි්රෂ්ණන් මහත්තයා කියලා තිබුණා. මොකක්ද මේ වෙලා තියෙන්නේ. ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ ඇමතිවරයා කොහොමද අපේ රටේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. ඒක කියන්නේ ඕන ලංකාවේ ආණ්ඩුව. ලංකාවේ ආණ්ඩුව නැත්නම් ජනාධිපතිවරයා තමයි ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් හෝ වෙනයම් ප්‍රශ්නයක් සම්බන්ධයෙන් රට හමුවේ උත්තර බඳන්න ඕනෑ. ආශ්චර්යයේ බලපෑම කොපමණද කියනවනම් අපේ රටේ ප්‍රශ්නවලට උත්තර ලබාදෙන්නේ ඉන්දියාව. හැම දේටම බෙරිහන් දෙන ඇමතිවරු ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් මොකද කියන්නේ. ඒ ගැන කිසි සද්දයක් නැහැ. කටේ පිට්ටුද දන්නේ නැහැ. ඉන්දීය විදේශ ඇමතිවරයා 13 සංශෝධනය ගැන කියනකොට අපේ ඇමතිවරු ඒකට එකඟවෙලා සද්දයක් නැතිව ඉන්නවා. සාකච්ඡුා පැවැත්වූවා, තේරීම් කාරක සභා දැම්මා ප්‍රශ්නේ කල්දාන එක විතරයි කරන්නේ, අවුරුදු දෙකහමාරකටත් වැඩිය ගෙවිලා ගියා. නමුත් ඒ සම්බන්ධයෙන් නිවැරදි අදහසකට එන්න ආණ්ඩුවට බැරි වුණා.’’
එම අදහසට කරුණු කීපයක් එක්කරමින් සාකච්ඡාවට සම්බන්ධ වුණේ ජවිපෙ ලේකම් ටිල්වින් සිල්වා මහතායි. ‘‘ඒ විතරක් නෙවෙයි ඉන්දීය විදේශ ඇමති කියලා තිබුණා එල්.එල්.ආර්.සී. වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කළ යුතුයි කියලා. ඉන්දියාව විතරක් නෙවෙයි කැනඩාව, බි්රතාන්ය වගේ රටවල් මගිනුත් නිවේදන නිකුත් කරමින් ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කළා එල්.එල්.ආර්.සී. නිර්දේශ කි‍්‍රයාත්මක කරන්න කියලා. මේ විදියට ආණ්ඩුවට බලපෑම් එන්නේ ඇයි? ආණ්ඩුවට උතුරු නැගෙනනහිර පලාත්වල සිවිල් පරිපාලනය ස්ථාපිත කරන්න බැරිවුණා තවමත්. අර්ධ මිලිටරි පාලනයක් තියෙන්නේ. අවතැන් ජනතාව පදිංචි කරන්න බැරිවුණා තවමත්, එයට විධිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුවෙන් යෝජනා වුණේ නැහැ. ඔවුන්ට ජීවිතවීමේ මූලික අයිතීන් ටිකවත් ලබාදෙන්න බැරි වුණා. ඒ පළාත්වල ජනතාවගේ ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන්න බැරි වුණා. තවමත් මිනිස් ඝාතන, පැහැරගැනීම් සිදුවෙනවා. අපි එදා ඉදලා ආණ්ඩුවට කිව්වා බාහිර අධිරාජ්‍යවාදීන්ට, විශේෂයෙන් ඉන්දියාවට අපේ රටේ ප්‍රශ්නවලට මැදිහත් වෙන්න ඉඩ තියන්න එපා කියලා. ඒත් ආණ්ඩුව ඔවුන්ට පාර කපනවා. එයින් සිදුවෙන්නේ නැවතත් බෙදුම්වාදී මතය පෝෂණය වෙන එකයි.’’
ඉන් අනතුරුව මෙම සාකච්ඡාවට වෙනස් විදියේ අදහසක් ඉදිරිපත් කළේ ජවිපෙ ප්රචාරක ලේකම්වරයාය. ‘‘දෙසැම්බර් මාසේ දෙමළ විද්වතුන් පිරිසක් දෙමළ ජාතික සන්ධානයට යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තිබෙනවා. එම යෝජනාවලින් දෙමළ විද්වතුන් ඉදිරිපත් කරන කරුණු කීපයක් තිබෙනවා. ස්වයං තීරණ අයිතිය තහවුරු කරගන්න ස්වයං පාලන ප්‍රදේශයක් දිනාගන්න උපරිම වශයෙන් මැදිහත් වෙන්න කියල එකයි ඔවුන්ගේ එක් යෝජනාවක් වෙන්නේ. අනෙක තමයි 2012 උතුරු පළාත් සභා මැතිවරණය ආණ්ඩුව ගෙන ආවොත් එයට දෙමළ ජාතික සන්ධානය ඉදිරිපත් නොවී ඉන්න එක. එකෙන් ඔවුන් අදහස් කරන්නේ මැතිවරණයට ඉදිරිපත් වෙලා එය ජයග්‍රහණය කළත් ස්වයං තීරණ අයිතිය පිළිබඳ සටන සීමා වන බවයි. මැතිවරණය දිනලා පළාත් සභාවේ බලය ලබාගත්තොත් ස්වයං පාලන ප්‍රදේශයක් සඳහා ගෙන යන අරගලය නවත්වන්න වෙනවා. එහෙම වුණොත් ආණ්ඩුවේ වුවමනාවට යටවෙන්න වෙනවා කියන එක. ඉතින් මෙහෙම යෝජනා එන්න බලපාන්නේ උතුරේ තිබෙන මේ බරපතළ තත්වේ. ඒක සරල නැහැ. ආණ්ඩුවට බලකරන්න ඕන ආණ්ඩුවේ විසදුම ඉදිරිපත් කරන්න කියලා. ඉන්දියාවේ විසදුම් අපට වැඩක් නැහැ.’’
මෙම සාකච්ඡාවෙන් අනතුරුව මෙම කරුණු සම්බන්ධයෙන් ඉදිරි කි‍්‍රයාමාර්ගයන් ගණනාවක්ද සාකච්ඡාවට බදුන් වුණා. රටේ ජනතාව දැනුවත් කරන්න මේ සම්බන්ධයෙන් කි‍්‍රයාමාර්ග කීපයක් යෝජනා වුනා. මේ කරුණු සම්බන්ධයෙන් කරුණු ඉදිරපත් කරමින් මාධ්‍ය වෙත ප්‍රකාශයක් යැවීම එක් යෝජනාවක් වුණා. එයින් විදේශ මැදිහත්වීම්වලට පාර කපන ආණ්ඩුවේ වැරදි පිළිවෙත සම්බන්ධයෙන් ද උතුරු නැගෙනහිර ජනතාව ඇතුළු ලාංකේය ජනතාවගේ ජාතික සමගිය ඇතිකිරීම, ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් වූ 13 වෙනි සංශෝධනයට ඉන්දීය බලපෑම වලක්වාගන්න ආණ්ඩුව ගත යුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් වූ කරුණුද ඉදිරිපත් කළ යුතු බවට යෝජනා වුණා. තවද ජවිපෙ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුනිල් හදුන්නෙත්ති මහතා සහ රාමලිංගම් චන්ද්‍රසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා නගා ඇති සහෝදරත්වයේ ජනතා පවුර සංවිධානය මගින් උතුරු නැගෙනහිර ජනතාව දැනුවත් කිරීමට පති‍්‍රකා බෙදාදීමේ කි‍්‍රයාමාර්ගයක් ගැනීමටද එහිදී එකඟතාවය පළවිය. ඒ අනුව ලබන 23 දින වව්නියාවේදීද 28 වන දින මඩකලපුව නගරයේදීද පති‍්‍රකා බෙදාහැරීමට දින නියම විය. මෙම කි‍්‍රයාමාර්ග මගින් ජනතාව මැදිහත් කරගනිමින් ආණ්ඩුවට බලපෑම් එල්ල කළ යුතු බවටත් තීරණය විය.

0 comments for "ජාතික ප්රශ්නය සම්බන්ධයෙන් අපට වැදගත් වන්නේ කි්රෂ්ණන්ගේ ප්‍රකාශ නොවෙයි - ජවිපෙ"