ක‍්‍රීඩා ඇමතිගෙ වැරදි තීරණ ක‍්‍රිකට් තවත් අගාධයට ඇද දැමීමක්
වත්මන් තේරීම් කමිටුව වෙනස් කළ යුතු බව අපි සැවොම පිලිගන්නා කරුණක් වන්නේ ඔවුන්ට ක්‍රිකට් ගොඩ ගැනීමට කිසිම සැලසුමක් නොවූ බැවිනි. පසුගිය කාලයේදී ටෙස්ට් සහ එක්දින විශේෂඥයන් ඒ ඒ සංචාර සඳහා නම් කිරීමටවත් ඔවුනට නොහැකිවිය. පසුගිය පාකිස්තානු ටෙස්ට් තරගාවලියෙන් සුපිරි ටෙස්ට් පිතිකරු තිලාන් සමරවීර ඉවත් කිරීම එහි ආසන්නතම සිදුවීම වෙයි.කෙසේ වෙතත් තේරීම් කමිටුව වෙනස් කළද මෙම සිදුවීම්වලට වගකිවයුතු හිටපු තේරිම්කමිටු සාමාජික දොන් අනුරසිරි යළිත් තේරීම් කමිටුවට නම් කිරීම ක‍්‍රීඩා අමාත්‍යවරයා විසින් සිදුකළ මෙම වසරේ හොඳම විහිළුව වෙයි.
කවුරු ක්‍රීඩා ඇමැති වුවත් අනුරසිරි තේරීම් කමිටුවේ සිටින්නේ ඔහුට ඇති කුමන බලයක් නිසාදැයි ක්‍රීඩාලෝලීහු ප්‍රශ්න කරති. ඔහු මෙම තනතුරට පත්වන්නේ ක්‍රිකට් බලධාරීන් අල්ලාගෙනද එසේත් නැත්නම් දේශපාලනඥයන් පසුපස ගොස් දැයි සැවොම ප්‍රශ්න කරති. වැරදි සහගත තේරීම්වලට මුල් වූ දොන් අනුරසිරිලාගෙන් ඉදිරියේදී සාධාරණ තේරීමක් බලාපොරොත්තු විය නොහැක.
වැරදි තේරීම් සිදුකරමින් නායකයාට හෝ පුහුණුුකරුට බැණ වැදීමෙන් පලක් නොවේ. අනුරසිරිව යළිත් තේරීම් කමිටුවට පත් කිරීම බලවත් වරදක් බව ක්‍රීඩා ඇමැතිවරයාට තේරුම් යනවිට ශ්‍රී ලංකාවට තවත් පරාජයන් රැසක් අත්වී තිබිමට පුළුවන.
එවිට ඔහු ඉවත් කිරීමෙන් පලක් නොවේ කොන්ද පණ ඇතිව වහාම දුලිප්ලා ඉවත් කළාසේ අනුරසිරිව ඉවත් කිරීමට ඇමැතිවරයාට හැකිවිය යුතුවේ. දුලිප් මෙන්ඩිස්ටත් වඩා බලයක් අනුරසිරිට තිබිය නොහැකි බව බහුතර මතයයි. එසේ නොකළහොත් අපට සිතාගැනීමට සිදුවන්නේ ක්‍රීඩා ඇමැතිටත් වඩා බලයක් අනුරසිරිට ඇති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල දිගින් දිගටම පරාජයවී ටෙස්ට් සහ එක්දින ශ්‍රේණියෙන් පහළට වැටීමත් සමගම අවසානයේදී විශාල වෙනස්කම් රැසක් සිදුකිරීමට නව ක්‍රිකට් බලධාරීන් සහ ක්‍රීඩා ඇමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා විය. වෙනස්කම් සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණක් බව සැවොම පිළිගන්නා නමුත් ඒවා නිසි අයුරින් සිදු නොවන්නේ නම් ඉන් ප්‍රයෝජනයක් නොවන බව තේරුම් ගැනීම වැදගත්වේ.
පසුගිය බ්‍රහස්පතින්දා පුවත්පත් වල මෙම වෙනස්වීම් පිළිබඳව වාර්තා පළවී තිබූ අතර සිකුරාදා පෙරවරුවේ ක්‍රීඩා අමත්‍යංශය පැවසුවේ මේ පිළිබඳ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි. එහෙත් තමන් බොරු කියනා බව ඔප්පු කරමින් එදින සවස ක්‍රීඩා ඇමතිවරයා තේරීම් කමිටුව වෙනස් කිරීමට පියවර ගත්තේය.
දැන් නව ක්‍රිකට් තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්ට බරපතළ වගකීමක් පැවරී තිබේ. බිංදුවටම වැටී ඇති ශ්‍රී ලංකා පිල යළි ගොඩ ගැනීම ඉතා අසීරු දෙයකි. එය ඉතා සීරුවෙන් කළ යුතු කටයුත්තකි.
දැන්වත් පෞද්ගලික හිතවත්කම් ක්‍රීඩා සමාජ හිතවත්කම් අමතක කොට රට පෙරට ගෙනයා හැකි කණ්ඩායමක් තේරීම යුගයේ අවශ්‍යතාවයවී තිබේ. එහෙත් අනුරසිරිලා සමග එය කිරීමට අසන්තද මෙල්ට හැකිදැයි ප්‍රශ්නයක් පැන නැගී තිබේ.
ක්‍රිකට් අර්බුදයෙන් මිදීමට බොහෝ වෙනස්කම් සිදුකළ යුතු බව සැවොම පිළිගන්නා සත්‍යයකි. එහෙත් වැරදි තීරණ ගෙන ක්‍රිකට් අර්බුදයෙන් මිදීමට නොහැකි බව ක්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රීඩා ඇමතිවරයාද අවබෝධ කර ගත යුතුවේ. මන්ද යත් සියලු වැරදි තීරණවල වගකීම ඉදිරියේදී ඔවුන්ටම භාර ගැනීමට සිදුවන බැවිනි.
0 comments for "ක‍්‍රීඩා ඇමතිගෙ වැරදි තීරණ ක‍්‍රිකට් තවත් අගාධයට ඇද දැමීමක්"