ජිනීවා මානව හිමිකම් සමුලූවට පෙර උතුරු පළාත් සභා ඡන්දය!

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාවට එරෙහිව එල්ලවිය හැකි බරපතල චෝදනාවලින් ගැලවීමේ බාපොරොත්තුවෙන් එම සමුලූවට ප‍්‍රථම උතුරු පළාත් සභා මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමට නියමිත බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග කියා සිටී.

ශ‍‍්‍රී ලංකාවේ ජාතික ගැටුලවට 13වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඔබ්බට ගිය විසඳුමක් ලබාදෙන බවට ඉන්දීය විදේශ අමාත්‍ය එස්.එම්. ක‍්‍රිෂ්ණා මහතා හමුවේ ජනාධිපතිවරයා කළ ප‍‍්‍රකාශය උපයෝගීකරගනිමින් ජාත්‍යන්තර වශයෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් යහපත් තත්ත්වයක් උදාකරගැනීමේ බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයා මෙම තීරණය ගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

රටම රැවටූ ජනාධිපතිවරයාට ඉන්දියාවත් ගොනාට අන්දවා, ජාත්‍යන්තරයත් මුලාකිරීමේ හැකියාවක් ඇති බව එම නිලධාරීන්ගේ මතයයි.

Posted by Ravaya on 4:16 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ජිනීවා මානව හිමිකම් සමුලූවට පෙර උතුරු පළාත් සභා ඡන්දය!"

Leave a reply