හෝම් ලෑන්ඞ්ස් පළමු ශාඛාව ගාල්ලට
ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී දේපළ වෙළද සමාගමක් වන හෝම්ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම හා රට පුරා කියා තම ගමන් මගේ පළමු ශාඛාව දකුණුලක ගාල්ල නගරයේදී විවෘත කරනු ඇත. මෙම ඓතිහාසික මංසලකුණ තබනු ලැබුවේ එළැඹුණු ජනවාරි මස 5 වෙනිදාය.ගාල්ල නගරයේදී විවෘත වන මෙම ශාඛාව සමාගමෙහි අදහස අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් හා සීග‍්‍ර සංවර්ධනයෙන් පිබිදෙන පළාතේ කේන්ද්‍රීය සහ ප‍්‍රමුඛතම නගරය වෙත සමිප වීමකි. වාහන නැවැත්වීමේ පුලූල් ඉඩකඩ සහ පහසුවෙන් ලගා වීමේ හැකියාව සහිත මෙම ශාඛාව සියලූ පහසුකමින්ද සමන්විත වෙයි.
දැනට පවතින සහ ඉදිරියේදී ක‍්‍රියාවට නැංවෙන විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන්ද ප‍්‍රථම ශාඛාව ලෙස ගාලූ නගරයෙහි විවෘතව මෙය වඩාත් පලදායක සහ කාලෝචිත මහගු පියවරක් වග සමාගමෙහි ප‍්‍රබල විශ්වාසයයි.
රුපියල් මිලියන 1ක් ඉක්මවන බ‍්‍රෑන්ඞ් නිව් සුසුකි (800 සීසී) මරුටි මෝටර් රථයක් දිනා ගැනීමට පාරිභෝගිකයාට වරම් ලබාදෙන ‘‘හෝම්ලෑන්ඞ්ස් සුපර් ඩ්‍රෝ’’ සමග සමාගම මේ වනවිටද ඉමහත් ආකර්ෂණයට ලක්වි හමාරය.
0 comments for "හෝම් ලෑන්ඞ්ස් පළමු ශාඛාව ගාල්ලට"