‘සුගතදාස ධාවන පථයෙන් ලක්‍ෂ ගණනක වංචාවක්’

සුගතදාස කී‍්‍රඩාංගනයේ ධවන පථය අලුත් වැඩියාවට කරන ලද ටෙන්ඩර් කැඳවීමෙන් රුපියල් ලක්‍ෂ ගණනක වංචාවක් සිදුකර ඇති බවට සමාජවාදී තරුණ සංගමය චෝදනා කරයි.

එම කී‍්‍රඩාංගනයේ ධාවන පථය එළීමට ‘ගහකොළ’ නම් ආයතනයකට පවරා ඇති බවත්, එම ආයතනයට මෙවැනි කටයුත්තක් කල හැකිද යන්න පිළිබඳව සැක පහලවී ඇතැයි ද පැවසේ.

කී‍්‍රඩා අමාත්‍යංශයේ සංග‍්‍රහ පති‍්‍රකාවට අනුව මීටර් 400 ධාවන පථයේ මුළු දිග සටහන්ව ඇත්තේ මීටර් 9,500ක් ලෙසය.

කෙසේවුවද එහි සැබෑ දිග මීටර් 7455ක් බව පැවසෙන අතර එසේනම් සංග‍්‍රහ පති‍්‍රකාවේ වැඩි මීටර් ප‍්‍රමාණයක් සටහන්කරනු ලැබුවේ මන්දැයි සමාජවාදී තරුණ සංගමය ප‍්‍රශ්න කරයි.

කෙසේවුවද මෙම ටෙන්ඩරය ‘ගහකොළ’ ආයතනයට ලබාදී ඇත්තේ රුපියල් මිලියන 113කටය.

සමාජවාදී තරුණ සංගමය පවසන්නේ ‘ගහකොළ’ සමාගම මෙම පථය සෑදීමට වන සූදානමද එතරම් ප‍්‍රශස්ත නොවන බවයි.

ඒ අනුව එළඹෙන ජුනි මාසයේදී සුගතදාස ගෘස්ථ කී‍්‍රඩාංගනයේ පැවැත්වීමට නියමිත කනිෂ්ඨ ආසියානු මලල කී‍්‍රඩා උළෙල සාර්ථක මට්ටමින් සිදු කළ නොහැකි වනු ඇතැයි ද ඔවුන් අනතුරු අගවා තිබේ.

කෙසේවුවද කී‍්‍රඩා අමාත්‍යංශය සඳහන් කරන්නේ සුගතදාස කී‍්‍රඩාංගනයේ පිහිනුම් තටාකය හා ධාවන පථය අලුත් වැඩියා කිරීමට කැඳවන ලද ඩෙන්ඩර් අඩුම ලන්සු සඳහා ලබාදීමෙන් කී‍්‍රඩා අමාත්‍යංශයට රුපියල් මිලියන 151 ක් ලාබ වූ බවයි.

මෙම අලුත් වැඩියාවන් සඳහා කී‍්‍රඩා අමාත්‍යංශය රුපියල් මිලියන 234ක් වෙන්කර තිබූ බවද පැවසේ.

Posted by Ravaya on 5:12 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "‘සුගතදාස ධාවන පථයෙන් ලක්‍ෂ ගණනක වංචාවක්’"

Leave a reply