කඳුළු අතරත් සතුට ඇති බව ඩිල්ෂාන් කියයි

දකුණු අපි‍්‍රකානු තරගාවලියත් තෙවැනි තරගයත් පරාජයට පත්වූවද, නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ මුවේ රැඳී තිබුනේ මදහසකි.

ඒ, එක් අයුරකින් පරාජය වුවද, තවත් අයුරකින් ජයගැනීමට ශ‍්‍රී ලංකා පිල සමත්වූ බැවිනි.

ඩිල්ෂාන් කේප් ටවුන් හිදී අදහස් දැක්වූයේ මෙසේය.

ශ‍්‍රී ලංකාවෙන් පිටතදී ටෙස්ට් තරගයක් ජයගැනීමට සිය පිලට නොහැකි බව දකුණු අපි‍්‍රකාවට පැමිණීමට පෙර බොහෝ අය පවසා සිටි බවත්, මුරලිදරන් නොමැතිව කඩුළු 20ක් බිඳහෙළීමට නොහැකි බවත් බහුතර මතය වී තිබුණු බවත් ඩිල්ෂාන් පවසා තිබුණි.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පිල මෙම අභියෝග දෙකම ජයගැනීමට සමත්වී ඇතිබව ඩිල්ෂාන් වැඩිදුරටත් පවසා තිබුණි.

Posted by Ravaya on 5:10 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "කඳුළු අතරත් සතුට ඇති බව ඩිල්ෂාන් කියයි"

Leave a reply