හමුදාපති රජයට එරෙහිව නඩුමගට බසී
ඉන්දියානු හමුදා ප‍්‍රධානී ජෙනරාල් වී.කේ. සිං රට රජයට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේ. ඒ ඔහු තනතුරින් විශ‍්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලූකාරී තත්ත්වයක් හේතුවෙනි.ජෙනරාල් සිං සඳහන් කරන්නේ තමාගේ උපත් වාර්තා අනුව තමන් 1951 වසරේ ඉපදී ඇති බවත් 2013 වසරේ මැයි මාසය වන තෙක් තමන්ට ධූරයේ රැඳී සිටිය හැකි බවත්ය.
එහෙත් ඉන්දියානු ආරක්ෂක අමාත්‍යාංශයේ වාර්තා අනුව ජෙනරාල් සිංගේ උපන් වර්ෂය 1950 ලෙස දැක්වෙන අතර ඔහු මෙම වසරේදී විශ‍්‍රාම යා යුතුය.
ජෙනරාල් සිං රජයට එරෙහිව නඩු මගට බසින්නට තීරණය කළේ මේ ගැටලූව විසදාගනු පිනිසය. ඉන්දීය ඉතිහාසය තුළ සේවයේ යෙදී සිටියදීම හමුදා ප‍්‍රධානියකු රජයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනුකළ පළමු අවස්ථාව මෙයයි.
හමුදා සේවයේ ඉහළ සුදුසුකම් ලබා තිබෙන ජෙනරාල් සිං 2010 මාර්තු මාසියේදී හමුදාපති ධුරයට පත්විය. උද්ගතව ඇති තත්ත්වය තම ගෞරවයට හා අවංකත්වයට කැළලක් බව ජෙනරාල් සිංගේ අදහසයි.
ඉන්දියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජී. චිදම්බරම් සඳහන් කළේ මෙම මතභේදය මෙවැනි මගකට යොමවීම රජය අසතුටට පත් කරවන්නක් වූ බවයි.
බී.බී.සී













0 comments for "හමුදාපති රජයට එරෙහිව නඩුමගට බසී"