අප‍්‍රිකාවේ දුර්භික්ෂයෙන් මිය ගිය අයගේ වගකීම ලෝක ප‍්‍රජාව බාරගත යුතුයි
පූර්ව අනතුරු ඇගවීම පිළිබදව අන්තර්ජිතක ප‍්‍රජාව අවදානය යොමු නොකිරීම හේතුවෙන් ගෙවී ගිය වසර තුළ නැගෙනහිර අප‍්‍රිකාවේ දහස් ගණනක් දුර්භික්ෂවලින් මිය ගිය බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන පෙලේ ආධාර සපයන සංවිධාන දෙකක් සඳහන් කරයි.නැගෙනහිර අප‍්‍රිකාවේ දුර්භික්ෂ පිළිබද වූ අනතුරු ඇගවීම පිළිබදව යම් ක‍්‍රියමාර්ගයක් ගන්නා ලෙස අධාර සපයන නියෝජිතායතන දැනුවත් කිරීමට තම සංවිධාන මාස හයකට වඩා කාලයක් ගත් බව ‘ඔක්ස්ෆර්ම්’ සහ ‘සේව් ද චිල්ඞ්රන්’ ආයතනය සඳහන් කරයි.
දුර්භික්ෂ හේතුවෙන් කෙන්යාව, ඉතියෝපියාව සහ සෝමාලියාව යන රටවල පුද්ගලයන් 50,000 ත් 100,000 ත් අතර ප‍්‍රමාණයක් මිය ගොස් තිබේ. සිදුවී ඇති මෙම අතපසුවීම් පිලිබදව අධ්‍යයනය කරන ලෙස ‘ඔක්ස්ෆර්ම්’ සහ ‘සේව් ද චිල්ඞ්රන්’ සංවිධාන රජයෙන්, පරිත්‍යාගශීලීන්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ රාජ්‍ය නොවන සංවිධානවිල්න ඉල්ලා සිටියි. ‘භයානක අතපසුවීම්’ (A Dangerous Delay) නමින් වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සංවිධාන මේ බව සඳහන් කර තිබේ.
0 comments for "අප‍්‍රිකාවේ දුර්භික්ෂයෙන් මිය ගිය අයගේ වගකීම ලෝක ප‍්‍රජාව බාරගත යුතුයි"