සඳනිට කෝඩුකාර පෙම්වතෙක් සෙට් වෙලා

යොවුන් පරපුරේ නැගී එන නිළියක්වන සඳනි සුලක්ඛනා පසුගිය කාලයේදී මාධ්‍යට පවසා තිබුණේ තමාගේ පෙම්වතා බොරු නොකියන කෙනෙක් විය යුතු බවයි.

පෙම්වතා බොරු නොකියන්නේද යන්න පිළිබදව කිව නොහැකි වුවද සඳනි පෙම්වතෙක් සොයාගෙන ඇතැයි ‘ශී‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

සඳනිගේ හිත ගෙන ඇත්තේ තවත් නාඹර නළුවෙකි.  ඔහු සංකේත් අභිලාෂ් වික‍්‍රමගේය.

මේ හාදකමට මුලපුරා ඇත්තේ මේ දිනවල දෙරණ රූපවාහිනී නාලිකාවේ විකාශය වන ‘මලී’ ටෙලිය අතර වාරයේදී බව පැවසේ.

කෙසේවුවද මේ හාදකම මේවන විට මලී කලා ශිල්පීන්ට නම් අලුත් තොරතුරක් නොවන බවද පැවසේ.

සංකේත් මෙරට කලා ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ කලා ශිල්පී ආනන්ද වික‍්‍රමගේ සහ ප‍්‍රවීණ කලා ශිල්පිණී මානෙල් වානගුරුගේ ආදරණීය පුතණුවන්ය.

කෙසේවුවද පසුගිය කාලයේ සංකේත් මාධ්‍යට පවසා තිබුණේ තමාට ආදරය ගැන අත්දැකීම් නැති බවයි.

Posted by Ravaya on 7:48 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සඳනිට කෝඩුකාර පෙම්වතෙක් සෙට් වෙලා"

Leave a reply