ශ‍‍්‍රී ලංකා කි‍්‍රකට් බෝඩ් ලෑල්ල මාරු කරයි

ඉදිරි වසර සඳහා ශ‍‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනයේ නව සභාපති ලෙස උපාලි ධර්මදාස මහතා නිතරගයෙන් තේරිපත් ව ඇතැයි වාර්තා වේ.
සභාපති ධූරයට තරග කළ සුමිත් පෙරේරා මහතා අවසන් මොහොතේ නිලවරණයට සහභාගිවි නැතැයි ද පැවසේ.
නිශාන්ත රණතුංග මහතා ද ශ‍‍්‍රී ලංකා ක්‍‍්‍රිකට්හි ලේකම් ධුරයට මීට ස්වල්ප මොහොතකට පෙර නිතරගයෙන් තේරී පත්ව තිබේ.
කි‍්‍රකට් නිලවරණයේ සෙසු තනතුරු සඳහා වන ඡන්ද විමසීම මේ වන විට ක්‍‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනි ජයකොඩි මහත්මියගේ අධීක්‍ෂණය යටතේ කී‍‍්‍රඩා අමාත්‍යාංශ ශ‍‍්‍රවණාගාරයේ පැවැත් වේ.
මෙම නිලවරණය අද (03) පෙරවරු 10.00 ට ආරම්භ විය.
මේ අතර, ශ‍‍්‍රී ලංකා කි‍‍්‍රකට් නිලවරණයට ඉදිරිපත්ව සිටි තිලංග සුමතිපාලගේ පාර්ශවයට බලපෑම් එල්ල වී ඇතැයි එහි උප සභාපති තනතුරට තරඟ වදුන මොහාන් ද සිල්වා මහතා ඊයේ (01ෆ පැවසීය.
එම පාර්ශවය විසින් සිය නාමයෝජනා අවසන් මොහොතේ ඉවත්කර ගැනීම හේතුවෙන් ජයන්ත පාර්ශවයට මෙය නිතරගයෙන් ජය ගැනීමට හැකිවූ බව කී‍‍්‍රඩා විචාරක මතය වී තිබේ.
වසර 7කට පසුව කි‍‍්‍රකට් නිලවරණය පැවැත්වුවද එය ද තවත් අතුරු කමිටුවක් පත්කර ගැනීමේ කුමන්ත‍‍්‍රණකාරී ව්‍යාපාරයක් බවත් කී‍‍්‍රඩා සමාජ චෝදනා එල්ලකර තිබේ.
ශී‍‍්‍ර ලංකා කි‍‍්‍රකට් බංකොළොත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවූ හිටපු අතුරු කමිටු ලේකම්වරයා වූ නිශාන්ත රණතුංග නැවතත් එහි ලේකම් ධූරයට පත්වීම සම්බන්ධයෙන් නඩු දැමීමට ද කී‍‍්‍රඩා සමාජ කිහිපයක් මේවන විට සූදානමින් සිටින බවද පැවසේ.

Posted by Ravaya on 7:30 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "ශ‍‍්‍රී ලංකා කි‍්‍රකට් බෝඩ් ලෑල්ල මාරු කරයි"

Leave a reply