විභාග ප්‍රතිඵල අවුලට ජනාධිපතිත් වගකිව යුතුයි - අධ්‍යාපන ඇමති

උසස් පෙළ ප්‍රතිඵල අවුලට ජනධිපති උපදේශක සුනිමල් ප්‍රනාන්දු මහතා මුළුමනින්ම වගකිවයුතු බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටී. එහෙත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කළහොත් ඛෙල්ල කැපී යන හෙයින් සියලූදෙනාගේ බැනුම් අසමින් නිහඩව සිටීමට තමාට සිදු වී ඇතැයි ද ඔහු සඳහන් කර තිබේ.
පසුගිය දා පැවති උත්සවයකදී උසස් පෙළ ප්‍රතිඵල අවුල පිළිබඳව ඇමතිවරුන් කිපදෙනෙකු කළ විමසීමේදී ඇමතිවරයා ඒ බව සඳහන් කර තිබේ.

තමාට මේවනවිට අධ්‍යාපන ඇමතිකම එපා වී ඇතැයි සඳහන්කර ඇති ගුණවර්ධන මහතා, ජනාධිපති කාර්යාලයේ සිටින පියන්ලගෙන් පවා තමාට බලපෑම් එල්ල වී ඇති බව පවසා ඇත.

උසස් පෙළ විභාගයේ Z අගය නිර්නයකරනු ලැබුවේ සුනිමල් ප්‍රනාන්දු මහතා විසින් ගෙන ආ ඉන්දීය විශේෂඥයන් පිරිසක් බව හෙළිදරව් කර ඇති ඇමතිවරයා, ඔවුන්ට එම කොන්ත්‍රාත්තුව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා බලපෑම් කළ බවද සඳහන් කර තිබේ.

උසස් පෙළ විභාග ප්‍රතිඵල අවුල ඇති කළේ එසේ පැමිණි ඉන්දියානු ජාතික විශේෂඥ පිරිස බව හෙතෙම අවධාරණය කර තිබේ.

Posted by Ravaya on 11:18 AM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "විභාග ප්‍රතිඵල අවුලට ජනාධිපතිත් වගකිව යුතුයි - අධ්‍යාපන ඇමති"

Leave a reply