චන්දිමාල්ට සුවයි : තරගය තීරණාත්මකයි

ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර අද (03) කේප් ටවුන් හි ඇරැුඹෙන තීරණාත්මක තෙවැනි හා අවසාන ටෙස්ට් ක‍්‍රිකට් තරගයට සහභාගිවීමට තරම් හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වයකින් කඩුලූ රකින ක‍්‍රීඩක හා පිතිකරු දිනේෂ් චන්දිමාල් සිටින බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පුහුණුවීම් අතරතුරදී චන්දිමාල් ගේ දකුණු වැලමිටේ පන්දුවක් වැදීම හේතුවෙන් ඔහු ‘එක්ස්-රේ’පරීක්ෂණයක් සඳහා යොමු කෙරුණි.

හම තුවාල වීමක් හැරෙන්නට බරපතල යමක් ඔහුටගේ වැලමිටට සිදුවී නොමැති බව ඉන් තහවුරු විය.

කෞශල් සිල්වා වෙනුවට කඩුලූ රකිමින් ඩර්බන් හිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ දිනේෂ් චන්දිමාල් දකුණු අප‍්‍රිකාවට එරෙහි එම තරගයේදී පළමු ඉනිමේදී ලකුණු 58 ක් රැුස් කරමින් 7 වැනි කඩුල්ල වෙනුවෙන් තිලාන් සමරවීර හා එක්ව ලකුණු 111ක් එක් කළහ.

දෙවැනි ඉනිමේදී ලකුණු 54 ක් ලබා ගනිමින් කුමාර් සංගක්කාර හා එක්ව ලකුණු 104 ක් ඉනිමට එක් කළේය.

ශ‍්‍රී ලංකාව එම තරගයේ වාර්තා කළ දකුණු අප‍්‍රිකාවේ ඔවුන්ගේ ප‍්‍රථම ටෙස්ට් ජයග‍්‍රහණයේදී චන්දිමාල් ප‍්‍රධාන සාධකයක් විය.

ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව අතර පැවැත්වෙන ත‍්‍රිත්ව ටෙස්ට් තරගමාලාවේ පළමු තරගය දින තුනකින් ජය ගැනීමට සත්කාරක දකුණු අපි‍්‍රකානුවෝ සමත් වුණද දෙවැනි තරගය දින හතරක් ඇතුළත ජය ගැනීමට සංචාරක ශ‍්‍රී ලංකා පිල සමත් විය.

මේ අනුව තරග 1 - 1 බැගින් සම තත්ත්වයේ පසුවන කණ්ඩායම් දෙක අද ඇරැුඹෙන අවසාන ටෙස්ට් ගැටුමේ ජය හිමිකර ගැනීමට ඔවුනොවුන් සතු උපරිම දක්ෂතා ප‍්‍රදර්ශනය කරනු ඇතැයි කි‍්‍රකට් විචාරකයෝ අපේක්ෂා කරති.

මේ අතර අද ඇරැුඹෙන තෙවැනි තරගය සඳහා වන දකුණු අප‍්‍රිකානු කණ්ඩායමෙන් පිතිකරු ඈෂ්වල් ප‍්‍රින්ස් ඉවත් කොට තිබේ.

ඔහු වෙනුවට ඇල්විරෝ පීටර්සන් කණ්ඩායමට කැඳවා ඇති අතර පීටර්සන් දකුණු අප‍්‍රිකානු ඉනිම ආරම්භ කරනවාද එසේත් නැත්නම් ප‍්‍රින්ස්ගේ අංක 6 ස්ථානයට අනුගත වනවාද යන්න පිළිබඳව තවමත් තීරණයක් ගෙන නැත.

ඩර්බන්හිදී පාදයේ ආබාධයකට ලක්වූ වර්නන් ෆිලැන්ඩර් ද තෙවැනි ටෙස්ට් තරගය හොඳ ශරීර සෞඛ්‍යයෙන් සිටින බව පැවසේ.

Posted by Ravaya on 7:22 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "චන්දිමාල්ට සුවයි : තරගය තීරණාත්මකයි"

Leave a reply