දළදා මාලිගාවේ රුව සහිත ටී ෂර්ට් විකුණුවාට මිලියනය බැගින් ඇප



පසුගියදා ආන්දෝලනයකට තුඩු දුන් දළදා මාලිගාවේ රුපය සහිත කාන්තා ටී ෂර්ට් විකිණීමේ වරදෙහි සැකකරුවන් වූ මිලින්ද බංඩාර සහ තුවාන් නලීම් යන දෙදෙනා එක් අයෙකුට රුපියල් මිලියනය බැගින් වූ ඇප මත නිදහස් කර තිබෙනවා.

එම ටී ෂර්ට් අළෙවි කර තිබුනේ ක්වීන්ස් වෙළඳ සංකීර්ණයේ ආරම්භ වූ "ඔඩෙල්" වෙලඳසැලෙහිය. එක් ටී ෂර්ටයක් අලෙවි කර ඇත්තේ රු.850ක මිලකටයි.

ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසා ඇත්තේ මෙම ඇඳුම් අලෙවි කල වෙළඳසල් කළමනාකාරිත්වය විසින් අස්ගිරි මහානායක ස්වාමින්වහන්සේ සහ දියවඩන නිලමේ හමු වී මේ පිළිබඳ ව සමාව ගත් බවත්, අදාළ ටී ෂර්ටය තම වෙළඳසල් වලින් ඉවත් කරන බවට පොරොන්දු වූ බවත් ය.

 ඔවුන්ගේ කනගාටුව ප්‍රකාශ කිරීම සඳහා මල්වතු මහානායක හමුවීමට ගිය ද උන්වහන්සේ ඒ අවස්ථාවේදී නොසිටි බවත් පවසා තිබෙනවා.

Posted by Ravaya on 9:44 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "දළදා මාලිගාවේ රුව සහිත ටී ෂර්ට් විකුණුවාට මිලියනය බැගින් ඇප"

Leave a reply