සිංහල සිත්තරෙකුට ජැකලින්ගෙන් පොල්ලක්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhu5VysRYwIeNQxw4dmx2l21vH05kHkNmF8hzj1UR1uiSDE0kq_jc53reqCGSkqxD4gxFBHm6W1lxWYXOKcoD-ULtwrPHLS1z3mR9dWe3JRI3uJxlDj49lWQbb0yrpkdbedr9JxNp6U_Ww/s1600/Jacqueline+Fernandez+1.jpgශී‍‍්‍ර ලංකා රූ රැජින (2006) සහ ජනපි‍‍්‍රය බොලිවුඞ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් ගේ රංගන දායකත්වයෙන් නිර්මාණය වීමට තිබූ ’සුපර් සික්ස්’ නිෂ්පාදක සදේශ් කුමාරගේ ප‍්‍රවේගය චිත‍්‍රපටිය ඇණහිට ඇතැයි ’ශ‍්‍රී ලංකා මිරර්’ වෙත වාර්තා වේ.


මෙම චිත‍්‍රපටියේ නිෂ්පාදන කටයුතු මෙලෙස ඇණහිට ඇත්තේ රූගතකිරීම්වලට කලින් නියම කරගත් දිනවලදී ජැකලින්සඳහා නොපැමිණීමයි.

මෙම චිත‍්‍රපටියේ රඟපෑමට ජැකලින් එකඟවී ඇත්තේ රුපියල් මිලියන 08 කට බව කලින් වාර්තා වුවද, සිංහල රිදීතිරයේ නොමිලයේ රඟපෑමට ජැකලීන් තීරණය කර ඇතැයි ඉන්දිය මාධ්‍ය වාර්තාවල පසුව සඳහන් විය.

ඇය උපන් බිමේ සිනමා පටයක් වෙනුවෙන් මුදල් අය කිරීමට දක්වන මැලි බව හේතුවෙන් මෙම තීරණයට පැමිණ ඇති බව වාර්තා වුවද, ජැකලින් හට බොලිවුඕ පුරයේ ලැබෙන ආදායම සැලකීමෙන් අනතුරුව ඇයට ඇමෙරිකානු ඩොලර් 10,000ක් ගෙවීමට ප‍්‍රවේගය චිත‍‍්‍රපට නිෂ්පාදකවරයා එකඟවී තිබුන බව වාර්තා විය.

ජැකලින්මෙහි රඟපෑමට ඇත්තේ එක් ජවනිකාවක් බවත්, භාතිය - සන්තුෂ් විසින් මෙම චිත‍‍්‍රපටිය සඳහා නිර්මාණය කර ඇති ගීතයක් සඳහාපෙනීසිටීමට ඇගෙන් ඉල්ලා ඇති බවත් මාධ්‍ය විසින් මීට කලින් පවසා තිබුණි.

ප‍‍්‍රවේගය ලෙස නම්කර ඇති මෙම චිත‍‍්‍රපටය ’පොල්ලධාවන්’ දෙමළ චිත‍‍‍්‍රපටයේ සිංහල පිටපතක් බව’ශී‍‍‍්‍ර ලංකා මිරර්’ වෙත වාර්තා වේ.

මෙම දෙමළ චිත‍‍්‍රපටයේ සිංහල පිටපත සකසන්නේ කිං හන්තර්, අංජලිකා වැනි සිනමාපටයන්ගේ මෙන්ම පබළු, අමා, වැනි අතිශය ජනප‍‍්‍රිය වූ ටෙලි සිත්තම් තිර රචනා කළ මහේෂ් රත්සර මද්දුමආරච්චි බවවාර්තා වේ.

කොළිවුඕ සිනමාවේ අද්විතීය රංගධරයෙකු සේ සැලකෙන රජිනි කාන්ත්ගේ බෑනා වන ධනුෂ් දෙමළ චිත‍‍‍්‍රපටයේ ප‍‍‍්‍රධාන චරිතය සඳහා පණ පොවනු ලැබීය.

එහි ප‍‍‍්‍රධාන නිළිය ලෙස රම්‍යා හෙවත් දිව්‍යා ස්පන්දනා චරිත මැවීය.

වසර 2007 දී මෙය දකුණු ඉන්දියාවේ තිරගත වූ අතර, ධනුෂ් මෙහි 'ප‍‍‍්‍රභු’ ලෙස රගපෑවේය.

මෙම චිත‍‍‍්‍රපටයේ සිංහල පිටපතේ ප‍‍‍්‍රධාන චරිතය සඳහා හේමාල් රණසිංහ තෝරාගෙන ඇතැයි වාර්තා වේ.

එහි හේමාල්ගේ අයියාගේ චරිතයට ප‍‍‍්‍රවීන නළු ජැක්සන් ඇන්තනි පණපෙවීමට නියමිතය.

උදාරි රණසිංහ නම් වූ තවත් නිළියක රිදී තිරයට පැමිණීමට නියමිත බවමේ අතර වාර්තා වේ.

ජයලත් මනෝරත්න, ජැක්සන් ඇන්තනි, මහේන්ද්‍ර පෙරේරා, සංගීතා වීරරත්න, මොරින් චාරුණී, ටිරෝන් මයිකල්, ජනිත වික්‍‍්‍රමගේ, හේමන්ත ඊරියගම, සමන් හේමරත්න, ඤූු. බී. ගංගොඩතැන්න, ෙ–. ජෙයින් ඇතුළු පිරිස සෙසු චරිතයන් රඟති.

මෙහි රූගත කිරීම් කොළඹ, ගාල්ල සහ නුවරඑළිය යන ප‍‍්‍රදේශවල සිදු කෙරේ.

පොල්ලධාවන් යන්නේ සිංහල තේරුම නරුමයා යන්නය.

චිත‍‍‍්‍රපටය සැකෙවින් මෙසේය.

ප‍‍‍්‍රභූ යනු එක්තරා මධ්‍යම පාන්තික තරුණයෙකි. ඔහු කාලය ගෙවා දමන්නේ දිනය පුරාවටම සිය මිතුරන් හා කැරම් කී‍‍්‍රඩාවේ යෙදෙමිනි. එක් දිනයකදී ඔහු සිය පියා සමග බහින්බස්වීමක් ඇති කරගන්නා අතර, තමා විසින් ඉතිරි කරගත් මුදලක් සිය පුතු අතට දෙන පියා, ජීවිතයේ යමක් කරන මෙන් ඉල්ලා සිටියි.

මෙම මුදලින් යතුරුපැදියක් මිලදී ගන්නා ප‍‍‍්‍රභූ, රැකියාවක්සොයාගනියි. එහෙත් එක් දිනකදී ඔහු රියඅනතුරකට ලක්වන අතර, යතුරුපැදිය කිසිවකු විසින් සොරකම් කරනු ලබයි.

සිය යතුරුපැදිය සොයා යන ගමනේදී පාතාලය හා ගැටෙන ප‍‍‍්‍රභූ වටා ගෙතුනු සිදුවීම් මාලාවක් ඔස්සේ මෙම චිත‍‍‍්‍රපටිය දිවෙයි.

Posted by Ravaya on 9:36 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "සිංහල සිත්තරෙකුට ජැකලින්ගෙන් පොල්ලක්"

Leave a reply