ජනමාධ්‍ය ආයතනයේ තවත් හොරෙක්
රූපවාහිනි චැනලයන් ඔස්සේ විකාශය වන ටෙලි නාට්‍ය සඳහා බද්ධක් පැනවීමට රජය තීරණය කිරීමත් සමග රූපවාහිනී වැඩසටහන් පිළිබදව නිරීක්ෂණය කිරීමට ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය මිලියන ගණනක් වැය කර මිලදී ගත් යන්ත්‍රයට (TV Chanel Monitoring Machine) අදාල ගණුදෙනුව පිටුපස විශාල වංචාවක් සිදුව තිබේ.
සියලූම රූපවාහිනි වැඩසටහන් විසි හතර පැය පුරාම නිරීක්ෂණය කරමින් ඒවා පටිගත කළ හැකි මෙම යන්ත්‍රය බහු කාර්ය යන්ත්‍රයකි. ටෙලි නාට්‍ය විකාශය කිරීමේදී බදු අය කිරීමට ගත් හිදිසි තීරණයත් සමග රූපවාහිනී වැඩසටහන් නිරීක්ෂණය කරමින් ඒවා පටිගත කිරීම හදිසි අවශ්‍යතාවක් වූ අතර මෙම යන්ත්‍රය මිලදී ගැනීම වහාම කළ යුතු ගණුදෙනුවක් වුණි.
එම හදිසි අවශ්‍යතාව මත මෙම යන්ත්‍රය සරල ටෙන්ඩර් ක්‍රමයක් අනුගමනය කරමින් මිලදී ගත් අතර එම ගණුදෙනුවෙන් කොමිස් ලබාගෙන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට උනන්දු වූ නිලධාරිහු එම යන්ත්‍රය මිලදී ගත්තේ ස්විඩිෂ් ටේ්රඞ් ඔඩියෝ විෂුවල් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනයේ අනුරුද්ධ ගුණසේකර ඉන් බිදී ගොස් පිහිටුවා ගත් තාවකාලික සමාගමකිනි. එය මෙවැනි යන්ත්‍ර සම්බන්ධයෙන් වෘත්තීයවේදී භාවයක් නොමැති සමාගමක් වූ අතර අලූත් සමාගමක් වූ නිසා ටෙන්ඩර් නීති රීති අනුව මෙවැනි මිල අධික යන්ත්‍ර මිලදී ගැනීමට තරම් සුදුසුකම් සම්පූර්ණ කළ ආයතනයක් ද නොවේ.
අදාල යන්ත්‍ර මිලදී ගෙන කෙටි කලකින් සමාගම වැසි ගිය අතර එහි අයිතකරු වූ අනුරුද්ධ ගූණසේකර මහතා නැවත ‘ස්විඩිෂ් ටේ්රඩින් ඕඩියෝ විෂුවල්’ ආයතනයටම සම්බන්ධ විය. එහෙත් විශාල මිලකින් යුත් යන්ත්‍රය නඩත්තු කිරීමට ආයතනයක් නොමැතිවිම නිසා ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය දැඩි අසීරුතාවයකට පත්වුනි. එවැනි යන්ත්‍ර ශ්‍රී ලංකාවට ආනයනය කරන සමාගම් නොමැති අතර ඒ නිසා නඩත්තුව සම්බන්ධයෙන් සේවාව ලබාගත හැකි සමාගම්ද ලංකාවේ නොමැත. මීට වසර දෙකකට පමණ පෙර මෙම යන්ත්‍රයේ හදිසියේ ඇති වූ අක්‍රියවීමක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉංජිනේරුවරයෙකුගේ සහාය ඇතිව යන්ත්‍රය නිපද වූ ඔස්ටේ්රලියානු මව් සමාගම ලවා යථා තත්ත්වයට පත්කර ගැනීමට අමාත්‍යාංශය හොර රහසේම කටයුතු කළ අතර එය සාර්ථක වුණි.
නඩත්තු කළ නොහැකි මේ සුදු අලියාගේ හිසරදයෙන් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශය ගැලවුනේ එම යන්ත්‍රය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට පැවරීමෙනි. එපමණක් නොව එම යන්ත්‍රය සමග අමාත්‍යාංශයට අයත් වූ කාර්ය මණ්ඩලයක්ද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළේ එය සේවා අවශ්‍යතාවක් බවට ඒත්තු ගන්වන්නටය. එහෙත් එහි සැබෑ අරමුණ වූයේ නඩත්තු කිරීමට ශ්‍රී ලංකාවෙන් සමාගමක් හොයා ගැනීමට නොහැකි වූ ද විදේශ රටකින් තාක්ෂණික සහාය ලබා ගැනීමේ දී විශාල පිරිවැයක් දරන්නට සිදුවන්නා වූ ද රූපවාහිනී වැඩසටහන් නිරීක්ෂණය කරන්නා වූ යන්ත්‍රය සුදු අලියෙක් නිසා එම වගකීමෙන් නිදහස් වීමටයි. තාක්ෂණය හා යන්ත්‍ර සූත්‍ර ගැන මොලෝ අවබෝධයක් නැති මහාචාර්යවරයෙක් වන රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් ආරියරත්න ඇතුගල මේ ගිනිගෙඩිය, ගෙඩිය පිටින්ම කා දැම්මේය. මහාචාර්යවරයෙක් එසේ කටයුතු කරද්දී කිසිම සුදුසුකමක් නැති රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ වසන්ත ප්‍රිය රාමනායකගෙන් මොනවා බලාපොරොත්තු වෙන්නද?
මේ වනවිට නඩත්තු කිරීම සඳහා සේවාදායකයකු සොයා ගැනීමට නොහැකිව මිලියන ගණනක් වටිනා අදාල යන්ත්‍රය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පවතී. යන්ත්‍රය සමග කාර්ය මණ්ඩලයක් දෙපාර්තමේන්තුවට අනුයුක්ත කළ ද යන්ත්‍රය මිලදී ගත් ලිපි ගොනුව ලබා නොදීමට අමාත්‍යාංශ නිලධාරිහු සටකපට වූයේ එය ලබාදුන්නොත් සියලූ රහස් හෙළිවල බැවිනි. එහෙත් මිලදී ගැනීමේ ලිපි ගොනුව නොමැති නිසා යන්ත්‍රයට අදාල කිසිම තාක්ෂණික තොරතුරක් ලබාගැනීමට දෙපාර්තමේන්තු නිලධාරිහු අපොහොසත් වී තිබේ.
මෙම ගනුදෙනුව සම්පූර්ණයෙන්ම මෙහෙයවා කොමිස් ලබාගත්තේ ජනමාධ්‍ය අමාත්‍යවරයාගේද අනුදැනුම මත ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරී එම්. ඒ. විජේදාස මහතායි. අමාත්‍යාංශයේ මිල දී ගැනීම් කටයුතු භාරව සිටින්නේ ඔහු වන අතර ස්විඩිෂ් ටේ්රඩිං ඔඩියෝ විෂුවල් ප්‍රයිවට් ලිමිටඞ් ආයතනයෙන් බිදී ගොස් පිහිටුවා ගත් සමාගමේ අයිතිකරු වූ අනුරුද්ධ ගූණසේකර ප්‍රධාන ගණකාධිකාරිවරයාගේ සමීප මිත්රයෙකි. ඒ අනුව විශාල කොමිස් මුදලක් ජනමාධ්‍ය අමාත්‍යවරයාට සහ ගණකාධිකාරිවරයාට ලබාදී ගනුදෙනුව සිදුවූ අතර යන්ත්‍රය ආනයනය කර ලබාදීම පමණක් (Buying and Selling only) අදාළ සමාගමෙන් සිදුවුණි.
යන්ත්‍රය නඩත්තු කිරිමට මිලදී ගත් ආයතනය කි‍්‍රයාත්මකව නොමැති තත්ත්වයක් තුළ හිටි අඩියේ යන්ත්‍රයේ දෘඩුකාංගයක වූ අක්‍රියවීම නිසා ප්‍රධාන ගණකාධිකාරී එම්.ඒ. විජේදාස භීතියට පත්වුනි. මේ අන්දමේ පවතින එකම යන්ත්‍රය මේය වනනිසා යන්ත්‍රය නඩත්තු කිරීමට සමත් වෙනත් සමාගමක්ද ශ්‍රී ලංකාවේ නොමැත. මේ තත්ත්වය තුළ ප්‍රධාන ගණාකාධිකාරිවරයාගේ පිහිටට ආවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඉංජිනේරුවරයෙකි. ඔහු යන්ත්‍රය නිෂ්පාදනය කළ ඔස්ටේ්රලියානු සමාගම හා අන්තරජාලයෙන් සම්බන්ධ වී එම සමාගමේ සහෙයෙන් ප්රශ්නය නිරාකරණය කර දුන්නේය.
ප්‍රධාන ගණකාධිකාරිවරයාට ඉස්පාසුවක් ලූබුණේ එවිටය. ඔහු අමාත්‍යාංශ ලේකම් ගනේගල හා එක්වී සුදු අලියෙකු වී ඇති යන්ත්‍රය රජයෙන් ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට භාරදීමට පිඹුරු පත් සැකසුවේය. එය සාර්ථක වුනි. ප්‍රධාන ගණාකාධිකාරිගේ ගුලිය කෑ රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජෙනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගලත්, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ වසන්තප්රිය රාමනායකත් මේ වනවිට ඒ ගුලිය දිරවා ගැනීමට නොහැකිව දෙවියන්ගේ හාල් කැවුණු වුන් ලෙස බලාගෙන සිටියි.
ප්‍රධාන ගණකාධිකාරි එම්.ඒ. විජේදාස, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් එය අයත් ජනමාධ්‍ය හා ප්රවෘත්ති අමාත්‍යාංශයේත් එක දිගට අවුරුදු විස්සකට ආසන්න කාලයක් තුළ සේවය කරමින් ප්‍රධානීන් හා එක්ව රාජ්‍ය දේපල කොල්ල කෑවේ මහා පරිමාණයෙනි. රූපවාහිනි චැනලයන් හි වැඩසටහන් නිරීක්ෂණය කිරීමේ යන්ත්‍රයට අදාල වංචාව එක් සිද්ධියක් පමණි. චන්ද්‍රිකා බන්ඩාරනායක යුගයේ සනත් ගුණතිලක හා එක්ව ඇති විශාල චිත්‍රපටි විශ්ලේෂණ යන්ත්‍රය මිලදී ගැනීමේ සිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවට මේ දිනවල ඉදිකරමින් පවතින මහල් පහක ගොඩනැගිල්ල ගෘහ භාණ්ඩ මිලදී ගැනීම දක්වා ඔහු සිදුකළ අති විශාල වංචා හා දූෂණ අපි ඉදිරියේදී හෙලිකිරීමට බලාපොරොත්තු වෙමු.

0 comments for "ජනමාධ්‍ය ආයතනයේ තවත් හොරෙක්"