ලීෆ්ලට් එකක් බෙදුවත් ආණ්ඩුව කලබල වෙනවා. - ටිල්වින්
ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල පසුගිය ජනවාරි 25 පැලවත්තේදී රැස්විය. එහිදී ප්‍රධාන වශයෙන්ම කතාබහට ලක්වූණේ වෘත්තීය සමිති මගින් ගෙන ගිය වෘත්තීය අරගල සම්බන්ධයෙනි. එහිදී ලාල්කාන්ත මහතා ජල විදුලි ඛණිජ තෙල් වෘත්තීය කි‍්‍රයාමාර්ග පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරීමක්ද සිදුකළේය. එම අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් ටිල්වින් සිල්වා මහතා ලාල්කාන්ත මහතාට කියා සිටියේ වෘත්තීය සමිති ඉල්ලා සිටින 45% වැඩුප් වැඩිවීම පිළිබඳ ජනතාවට තොරතුරු ගිහිල්ලා තියෙන්නේ වැරදි අර්ථකථනයක් එක්ක කියලයි. එම අවස්ථාවේදී ඒ පිළිබඳව ලාල්කාන්ත මහතා පැහැදිලි කිරීමක් කළේය.
‘‘සංස්ථා, මණ්ඩල, අධිකාරී යන අර්ධ රාජ්‍ය ආයතනවල වැටුප් වැඩිවන්නේ අවුරුදු 03කට වරක්. ඇත්තටම ගත්තොත් මේ 45% කියන්නේ අවුරුදු 03ක වැටුප් වැඩිවීමයි. එවිට 15%ක් කියන්නේ එක් අවුරුද්දක වැටුප් වැඩිවීමයි. ආණ්ඩුව බදු ගහල කොතරම් බඩු මිල වැඩිවුණත්, ජීවන වියදම ඉහළ ගියත් එම ආයතන වල සේවකයින්ගේ පඩි වැඩිවෙන්නේ නෑ. මේ අවරුදු 03 පඩි වීම ආණ්ඩුව විසින් ලබාදිය යුතුව තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ පඩි වැඩිවීම ලබාදෙන්නේ නෑ. හැමදාම අපි සටන් කරලා, වැඩවර්ජන කරල තමයි මේ වැටුප් වැඩිවීම දිනාගන්නේ. ඒත් සම්පූර්ණ වැටුප් වැඩිවීම ලබාදෙන්නේ නෑ. වෘත්තීය සමිති මේ අරගලයේදී 25% ට එකඟ වුනේ තාවකාලිකව පමණයි. ආණ්ඩුව කිව්වා පඩි වැඩිකරන්න නම් විදුලි බිල වැඩිකරන්න වෙනවා කියලා. ඒ නිසා ඔවුන් 25%ට එකඟ වුණා. ඒ කියන්නේ අවුරුද්දට 8.3%ක්. ඒ අනුව අපි වෘත්තීය සමිති විදියට ආණ්ඩුවට කොන්දේසියක් දැම්මා මේ වසරේ විදුලි බිල වැඩිකරන්න බෑ කියලා. ඒ අනුව මේ වසරේ විදුලි බිල වැඩිකරන්න ආණ්ඩුවට බැහැ. ඒ කියන්නේ ඒකත් අපි ජනතාවට අරන් දීපු ජයග්‍රහණයක්. අනෙක් වෘත්තීය සමිතිත් එක්කත් අපි කතා කළා. ඒ අයත් කිව්වේ 25%ට එකඟ වෙමු. නමුත් 45% වෙනුවෙන් කරන අරගල නවත්වන්නේ නැතිව දිගටම කරගෙන යමු කියලා. මේ සටනෙන් දිනාගත්ත බොහෝ දේ තිබෙනවා. අනෙක තමයි අනතුරු දීමනාව වැටුපට එකතු කරන්න ආණ්ඩුව එකඟ වුණා. අපි පාරට බැස්ස නිසා තමයි 25% පඩි වැඩිවීමක් ලැබුණේ. නැත්නම් ආණ්ඩුව හැදුවේ බොරු කතා කිය කිය මේක කල්දාන්න. ඒ නිසා අපි අරගලය නවත්වන්නේ නෑ.’’
මේ අතර ලාල්කාන්ත මහතා වෘත්තීය සමිති ක්ෂේත්රයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳවද අදහස් එක් කළේය. ‘‘මේ දවස්වල අපි වෘත්තීය සමිති ශක්තිමත් කරමින් අලූත් සාමාජිකයින් බඳවාගැනීමේ වැඩපිළිවෙළ කි‍්‍රයාත්මක කරගෙන යනවා. ඉදිරියට තැපැල්, ජල, වරාය යන වෘත්තීය සමිතිවල මහ සමුළු පැවැත්වීමට කටයුතු කරමින් සිටිනවා.’’
‘‘ආණ්ඩුව පසුගියදා පිරිප්පු සීනී, පිටි, අල යන අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල බදු වැඩිකළා. ඒ අනුව බඩු මිල වැඩිවුණා. ඒත් අයවැයෙන් වත් පෞද්ගලික අංශයට වැටුප් වැඩිකළේ නැහැ. ඒ අයට මොකද වෙන්නේ?‘‘ මේ අතරේ විජිත හේරත් මහතා ලාල්කාන්තගෙන් ඇහුවා.
‘‘ඇත්තටම පෞද්ගලික අංශයට වැටුප් වැඩිවෙන්න ඕනෑ. මහින්දගේ ආණ්ඩුව ආව දවසේ ඉදල බලද්දී වැඩිවෙච්ච ජීවන වියදමට අනුව අඩුම තරමේ 40%කින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩිවෙන්න ඕනෑ. ඒ මදිවට ආණ්ඩුව හදන්නේ සේවකයගේ අර්ථ සාධක අරමුදලත් කොල්ල කන්න. අපි අන්තර් සමාගම් සේවක සංගමය විදියට අපි මේ ප්රශ්නය සම්බන්ධයෙන් මැදිහත් වෙමින් ඉන්නවා. පොස්ටර් ව්‍යාපාර, සේවකයින් දැනුවත් කිරීමේ කි‍්‍රයාමාර්ග ආයතන මට්ටමින් සිදුකරනවා. ආයතන පාලනාධිකාරීන් සමග සාකච්ඡුා කරමින් ආණ්ඩුවට බලපෑම් කරමින් ඉන්නවා. ඉදිරියේදී එම අරගලය ශක්තිමත් කරන්න ඕනෑ.’’
මේ අතරතුර අනුර දිසානායක මන්තී‍්‍රවරයාගෙන් වෙනස් විදියේ ප්‍රශ්නයක් මතුවුණා. ‘‘යාපනයේ ශී‍්‍රලනිප සංවිධායකයා තව කීපදෙනෙක් එක්ක ජවිපෙට විරුද්ධව උද්ඝෝෂණයක් කරලා. ඒ අය මොකද කලබල වෙලා’’ මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූවේ ජවිපෙ ප්‍රධාන ලේකම්වරයායි.
‘‘අපි 23 සහෝදරත්වයේ ජනතා පවුර විදියට වව්නියාවේ පති‍්‍රකාවක් බෙදුවා. ඒකට ආණ්ඩුව කලබල වෙලා. ඇත්තටම ඒ පති‍්‍රකාවෙන් කියන්නේ උතුරු නැගෙනහිර ජනතාවගේ ජන ජීවිතය යහපත් කරන්න ඔවුන්ට සිවිල් පාලනයක් ලබාදෙන්න, අර්ධ මිලිටරි පාලනය ඉවත් කරලා ප්රජාතන්ත්රවාදය ලබාදෙන්න කියලයි. උතුරු නැගෙනහිර ජනතාවට 13 ප්ලස්, සෙනෙට් සභා, ඉඩම් බලතල පොලිස් බලතල ගැන ආණ්ඩුව බොරු කතා කියමින් ඇත්ත ප්රශ්නය යට ගහනවා. ඇත්ත ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන්න කියලයි අපි යෝජනා කරන්නේ. ඉතින් ඒකටයි මේ ආණ්ඩුව කලබල වෙලා තියෙන්නේ. ඇත්තටම ආණ්ඩුව කරන්නේ තමන්ගේ සංවිධායකයා පාවිච්චි කරලා අයෙත් ජාතිවාදය වපුරුවන්නයි. ඒවට අපි ඉඩ තියන්න ඕන නැහැ.’’
‘‘මේ පොඩි පොඩි සිද්ධි නිසා අපේ කි‍්‍රයාමාර්ග නවත්වන්න ඕන නැහැ. අපි මේ කි‍්‍රයාමාර්ග දිගටම කරගෙන යන්න ඕනෑ‘‘ වජිත හේරත් මහතා කිව්වා.
‘‘ඔව්, ඔව් අපි 28 වෙනිදාත් සහෝදරත්වයේ ජනතා පවුර මගින් පති‍්‍රකාවක් බෙදනවා. දිගටම අපි උතුරු නැගෙනහිර ජනතාවගේ සාධාරණ, ඇත්ත ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්න ඕනෑ. නැතිනම් වෙන්නේ ජාතිවාදී බෙදුම්වාදී කණ්ඩායම් හිස ඔසවන එක. ආණ්ඩුව කරන මේ මෝඩ වැඩෙන් එම කණ්ඩායම්වලට වාසි අත්වෙනවා. අපි අපේ කි‍්‍රයාමාර්ග ඉදිරියට ගෙන ගියොත් පුළුවන් ආණ්ඩුවේ බලය බෙදීම් කතා, විදේශ මැදිහත්වීම් පරාජය කරන්න.

0 comments for "ලීෆ්ලට් එකක් බෙදුවත් ආණ්ඩුව කලබල වෙනවා. - ටිල්වින්"