තැපැල් පතිව තැපැල් කරයි????

සේවකයන්ගේ චෝදනා සම්බන්ධයෙන් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළ හිටපු තැපැල් පති එම්. කේ. බී. දිසානායක මහතා  ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස මාරුකර යවා ඇතැයි වාර්තා වේ.

ඔහුගෙන් පුරප්පාඩු වූ තැපැල්පති ධූරය සඳහා පරිපාලන නිලධාරියෙකු වන රෝහණ අබේරත්න මහතා පත්කිරීම පිළිබඳව ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී යෝජනා වී තිබේ. ආරංචි මාර්ග පවසන පරිදි දිසානායක මහතා එළඹෙන පෙබරවාරි 01වැනිදා සිට නව අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමට නියමිත අතර නව තැපැල්පතිවරයා ද එදිනම වැඩ භාරගැනීමට නියමිතය.

Posted by Ravaya on 11:17 PM. Filed under . You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response or trackback to this entry

0 comments for "තැපැල් පතිව තැපැල් කරයි????"

Leave a reply