රාවය නිව්ස් තහනම් කෙරේ
‘රාවය පුවත්පතේ’ කර්තෘ වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ‘රාවය නිවිස්’ වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව තුල අවහිර කිරීමට කටයුතු කර තිබේ. වික්ටර් අයිවන් මහතාගේ ඉල්ලීම මත ‘රාවය නිවිස්’ වෙබ් අඩවිය අවහිර කරන ලෙස ජනාධිපතිවරයා ඊයේ (30) පෙරවරුවේ විද්‍යුත් නියාමන කොමිසමේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අනූෂ පැල්පිට මහතාට නියෝග කර ඇත.
ඒ අනුව ‘රාවය නිවිස්‘ වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාවේ වෙබ් පාඨකයින්ට සාමාන්‍ය අයුරින් කියවීමේ අවස්ථාව අහිමි වී ඇති නමුත් ඒ සියලූ දෙනාට ප්‍රොක්සි වෙබ්අඩවි හරහා ‘රාවය නිවිස්’ වෙබ් අඩවියට පිවිසිය හැක.
මේ වනවිට රාජපක්‍ෂ ආණ්ඩුව විසින් පුවත්වෙබ් අඩවි කිහිපයක්ම තහනමට ලක්කර තිබේ. ‘ලංකා ඊ නිවිස්’, ‘ටැමිල් නෙට්’, ‘ලංකා නිවිස් වෙබ්’, ‘ලංකා ගාඩියන්’ සහ ‘ලංකා වේ නිව්ස්’ එසේ වාරණය ලක්කර ඇති අනෙකුත් වෙබ් අඩවි වේ.
- සංස්කාරක සටහන
ලංකාවේ දැනට පළවන එකම විකල්ප පුවත්පත වන ‘රාවය’ පුවත්පතේ ප‍්‍රවෘත්ති හා විශේෂාංග වාර්තා අන්තර්ජාලයට එම ආයතනය විසින් යොමු නොකිරීමේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවෙන් බැහැරව සිටින ප‍්‍රගති ශිලී වෙබ් පාඨකයින් විශාල පිරිසකගේ ඉල්ලීම මත ‘රාවය නිවිස්’ වෙබ් අඩවිය ආරම්භ කළෙමු.
එහිදී අප ‘රාවය පුවත්පත’ට අදාල ලිපි හා විශේෂාංග වල අන්තර්ගතයට කිසිදු හානියක් නොකළ අතරම එම ලිපිලේඛන පළකිරිම හරහා කිසිදු ආදායමක්ද උපයාගෙන නොමැත.
රාවය පුවත්පතේ ප‍්‍රගති ශීලී මාධ්‍ය සගයින්ගේ අදහස් සමාජගතකිරීම අපගේ මූලික අරමුණ වූ අතර වික්ටර් අයිවන් මහතා එය වරදක් ලෙස තැකීම අපට අවබෝධ කරගත හැක.
‘රාවය පුවත්පත්’ ආයතනය ‘රාවය පුවත්පතේ’ ප‍්‍රවෘත්ති වාර්තා දෙකතුනක් සහ වික්ටර් අයිවන් මහතාගේ ලිපිය පමණක් එහි නිල වෙබ් අඩවියෙහි පළකරනු ලබන්නේ සමස්ථ පුවත්පතෙහි අන්තර්ගතය වෙබ් අඩවියේ පළකිරීම තුළ එම පුවත්පතේ අලෙවිය පහත වැටෙනු ඇතැයි යන විශ්වාසයෙනි.
එහෙත් මේ වනවිට ශ‍්‍රී ලංකාවෙන් බැහැරව ජිවත්වන අප ‘රාවය’ පුවත්පතේ අන්තර්ගත ලිපිලේඛන ඇතුලත් කොට වෙබ් අඩවියක් ප‍්‍රකාශයට පත්කරනු ලැබුවේ ‘රාවය පුවත්පතේ’ අධීන මාධ්‍යවේදින් කිහිප දෙනාගේ හඩ විදේශගතව සිටින ශ‍්‍රී ලාංකිය පාඨකයින්ගේ අවදානය සඳහාය.
එහෙයින් ‘රාවය නිවිස්’ වෙබ් අඩවිය ශ‍්‍රී ලංකාව තුල තහනම් කිරීම අපගේ දේශපාලන ව්‍යාපෘතියට කිසි සේත්ම බාධාවක් නොවේ. ශ‍්‍රී ලංකාවේ වෙසෙන ‘රාවය’ පාඨකයින්ට පුවත් පතක් මිලදී ගැනීමෙන් එම ආයතනයේ නඩත්තුවට දායකවිය හැකි අතරම අප ඉදිරියටද ඒ සඳහා පුලූල් ප‍්‍රචාරයක් ලබාදීමට කටයුතු කරමු.
කෙසේ වුවද ‘මරා’ පාලනයේ අභියෝගය අපි භාරගන්නෙමු. ඉදිරියටත් ‘රාවය පුවත්පතේ’ ප‍්‍රගතිශීලී මාධ්‍යවේදීන්ගේ හඩ විදේශයන්හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් අතරට ගෙනයෑමට කටයුතු කරන බවට අප සහතික වෙමු.
ආණ්ඩුවට චැලෙන්ජ් කරමු !
ප්‍රොක්ස්වලින් නිව්ස් බලමු

This comment has been removed by the author.
Rawaya News Obata Jaya.
Ravaya News Opera Valin Api Balanna.